යෙදුමෙන් කියවන්න

ඡට‍්ඨසික‍්ඛාපදං

4. 8. 6.

4. 8. 6.

ඡට‍්ඨසික‍්ඛාපදං

සවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන චණ‍්ඩකාළී භික‍්ඛුනී භික‍්ඛුනිසඞ‍්ඝං උපසඞ‍්කමිත්‍වා වුට‍්ඨාපනසම‍්මුතිං යාචි. අථ ඛො භික‍්ඛුනිසඞ‍්ඝො චණ‍්ඩකාළිං භික‍්ඛුනිං පරිච‍්ඡින්‍දිත්‍වා “අලං තාව තෙ අය්‍යෙ වුට‍්ඨාපිතෙනා”ති වුට‍්ඨාපනසම‍්මුතිං න අදාසි. චණ‍්ඩකාළී භික‍්ඛුනී සාධූති පටිස‍්සුණි. තෙන ඛො පන සමයෙන භික‍්ඛුනිසඞ‍්ඝො අඤ‍්ඤාසං භික‍්ඛුනීනං වුට‍්ඨාපනසම‍්මුතිං දෙති. චණ‍්ඩකාළී භික‍්ඛුනී උජ‍්ඣායති ඛීයති විපාචෙති: “අහමෙව නූන බාලා, අහමෙව නූන අලජ‍්ජිනී; යං සඞ‍්ඝො අඤ‍්ඤාසං භික‍්ඛුනීනං වුට‍්ඨාපනසම‍්මුතිං දෙති, මය‍්හමෙව න දෙතී”ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මෙහෙණ සඟන වෙතැ එළැඹැ වුට්ඨාපන සම්මුතිය යැදූ යැ. එකල්හි මෙහෙණ සඟ තෙමේ චණ්ඩකාළී භික්‍ෂුණිය පිරිසිඳ “ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපන සම්මුතිය දීමෙන් තිට කම් නැතැ” යි වුට්ඨාපන සම්මුතිය නො දුන්නේ යැ. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මැනැවැයි පිළිවදන් දුනු යැ. එසමයෙහි වනාහි මෙහෙණසඟ තෙමේ අන් මෙහෙණන්ට වුට්ඨාපන සම්මුතිය දෙයි. චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි. “මම් මැ එකැතින් බාලයෙම් ද, මම් මැ එකැතින් අලජ්ජිනියෙම් ද, යම් හෙයෙකින් සඞ්ඝ තෙමේ අන් මෙහෙණන්ට වුට්ඨාපනසම්මුතිය දේ ද, මට මැ නො දේ දැ”යි.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා චණ‍්ඩකාළී අලං තාව තෙ අය්‍යෙ වුට‍්ඨාපිතෙනා’ති වුච‍්චමානා සාධූති පටිස‍්සුණිත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජිස‍්සතී’ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ චණ‍්ඩකාළී භික‍්ඛුනී අලං තාව තෙ අය්‍යෙ වුට‍්ඨාපිතෙනාති වුච‍්චමානා සාධූති පටිස‍්සුණිත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජිති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ චණ‍්ඩකාළී භික‍්ඛුනී අලං තාව තෙ අය්‍යෙ වුට‍්ඨාපිතෙනාති වුච‍්චමානා සාධූති පටිස‍්සුණිත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියාදැ”යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියා දැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපනසම්මුතිය දීමෙන් තිට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී අලං තාව තෙ අය්‍යෙ වුට‍්ඨාපිතෙනාති වුච‍්චමානා සාධූති පටිස‍්සුණිත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් තොමෝ ‘ආර්‍ය්‍යාවෙනි, වුට්ඨාපන සම්මුතිය දීමෙන් තොපට කම් නැතැ’යි කියනු ලබන්නී මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට අවදී නම් පචිති වේ”ය යි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

අලං තාව තෙ අය්‍යෙ වුට‍්ඨාපිතෙනාති: අලං තාව තෙ අය්‍යෙ උපසම‍්පාදිතෙන. සාධූති පටිස‍්සුණිත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අලං තාව තෙ අය්‍යෙ වුට්ඨාපිතෙන: ආර්‍ය්‍යාවෙනි, උපසපන් කැරැවීමෙන් තොපට කම් නැති. මැනැවැයි පිළිවදන් දී පසුවැ නුගුණ පවසන සැහැවියට පැමිණේ නම් පචිති ඇවැත් වේ.

අනාපත‍්ති: පකතියා ඡන්‍දා දොසා මොහා භයා කරොන‍්තං ඛීයති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

ප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයෙන් කරන්නහුට නුගුණ පවසා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

ඡට‍්ඨසික‍්ඛාපදං.

සවන සිකපද යි.