පඤ්චමසික්ඛාපදං
4. 8. 5.
4. 8. 5.
පඤ්චමසික්ඛාපදං
පස්වෙනි සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙන්ති. තා බාලා හොන්ති අබ්යත්තා න ජානන්ති කප්පියං වා අකප්පියං වා. සද්ධිවිහාරිනියොපි බාලා හොන්ති අබ්යත්තා න ජානන්ති කප්පියං වා අකප්පියං වා.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහුද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම: භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙස්සන්තී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනියො පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙස්සන්ති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි “අනුජානාමි භික්ඛවෙ පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුතිං දාතුං”. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා. තාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා සඞ්ඝං උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා බුඩ්ඪානං භික්ඛුනීනං පාදෙ වන්දිත්වා උක්කුටිකං නිසීදිත්වා අඤ්ජලිං පග්ගහෙත්වා එවමස්ස වචනීයො: අහං අය්යෙ ඉත්ථන්නාමා පරිපුණ්ණද්වාදසවස්සා භික්ඛුනී සඞ්ඝං වුට්ඨාපනසම්මුතිං යාචාමී”ති. දුතියම්පි යාචිතබ්බා - තතියම්පි යාචිතබ්බා. සා භික්ඛුනී සඞ්ඝෙන පරිච්ඡින්දිතබ්බා “බ්යත්තායං භික්ඛුනී ලජ්ජිනී”ති. සචෙ බාලා ච හොති අලජ්ජිනී න දාතබ්බා. සචෙ බාලා හොති ලජ්ජිනී න දාතබ්බා. සචෙ බ්යත්තා හොති අලජ්ජිනී න දාතබ්බා. සචෙ බ්යත්තා ච හොති ලජ්ජිනී ච දාතබ්බා. එවඤ්ච පන භික්ඛවෙ දාතබ්බා. බ්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො –
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති; දොස් පතුරුවත්: “කෙසේ නම් පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, පිරිපුන් දොළොස් වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණෝ සඞ්ඝයා විසින් සම්මත නොකරන ලදුවෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. මහණෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නට අනුදනිමි. මෙසේ ද වනාහි මහණෙනි, දිය යුතු යැ: පිරිපුන් දොළොස්වස් ඇති ඒ මෙහෙණ විසින් සඞ්ඝයා වෙත එළැඹැ උතුරුසඟ සිවුර එකස් කොට වැඩිමහලු මෙහෙණන්ගේ පා වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කිය යුතු වන්නේ යැ: ආර්‍ය්‍යාවෙනි, පිරිපුන් දොළොස්වස් ඇති මෙනම් ඇති මම මෙහෙණසඟනගෙන් වුට්ඨාපන සම්මුතිය යදිමි යි. දෙවනවට දු යැදිය යුතු යැ. තෙවනවට දු යැදිය යුතු යැ. ඒ මෙහෙණ තොමෝ මෙහෙණ සඟන විසින් පිරික්සිය යුත්තී යැ. මේ මෙහෙණ තොමෝ ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවාදැ යි. ඉදින් නො දැනුමැති වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් නො දැනුමැති වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් නො දිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද අලජ්ජිනී වූවා ද වේ නම් නොදිය යුත්තී යැ. ඉදින් ව්‍යක්ත වූවා ද ලජ්ජිනී වූවා ද වේ නම් දිය යුත්තී යැ. මෙසේ ද වනාහි මහණෙනි, දියයුතු යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
3. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා පරිපුණ්ණද්වාදසවස්සා භික්ඛුනී සඞ්ඝං වුට්ඨාපනසම්මුතිං යාචති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුතිං දදෙය්ය. එසා ඤත්ති.
3. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ ම වදන් අසාවා: පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් ඇති මෝ තොමෝ භික්ෂුණී සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. ඉදින් සඞ්ඝයාහට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙන්නේ යැ. මේ ඥප්ති යි.
4. සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා පරිපුණ්ණද්වාදසවස්සා භික්ඛුනී සඞ්ඝං වුට්ඨාපනසම්මුතිං යාචති. සඞ්ඝො ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුතිං දෙති. යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුතියා දානං, සා තුණ්හස්ස, යස්සා නක්ඛමති සා භාසෙය්ය. දින්නා සඞ්ඝෙන ඉත්ථන්නාමාය පරිපුණ්ණද්වාදසවස්සාය භික්ඛුනියා වුට්ඨාපනසම්මුති. ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී එවමෙතං ධාරයාමීති.
4. ආර්‍ය්‍යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. පිරිපුන් දොළොස්වස් ඇති මේ මෙනම් ඇති මෙහෙණ සඞ්ඝයාගෙන් වුට්ඨාපන සම්මුතිය යදියි. සඞ්ඝ තෙමේ පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දෙයි. පිරිපුන් දොළොස්වස් ඇති මෙ නම් මෙහෙණට වුට්ඨාපන සම්මුතිය දීම යම් ආර්‍ය්‍යාවකට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වන්නී යැ. යමකට නො රුස්නේ නම් ඕ තොමෝ කියන්නී යැ. සඞ්ඝයා විසින් පිරිපුන් දොළොස් වස් ඇති මෙනම් ඇති මෙහෙණට වුට්ඨාපන සම්මුති දෙනලද්දී යැ. සඞ්ඝයාට රුස්නේ යැ. එහෙයින් නිහඬ ය. මෙසේ මෙසේ දරමි යි.
5. අථ ඛො භගවා තා භික්ඛුනියො අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු:
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මෙහෙණන්ට නොයෙක් අයුරින් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික්ඛුනී පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන අසම්මතා වුට්ඨාපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මෙහෙණක් තොමෝ පිරිපුන් දොළොස් වස් ඇතියා සඞ්ඝයා විසින් සම්මත නොකරනලද්දී උපසපන් කරවා නම් පචිති වේ”ය යි.
6. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
6. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
පරිපුණ්ණ ද්වාදසවස්සා නාම: පත්තද්වාදසවස්සා.
පරිපුණ්ණද්වාදසවස්සා නම්: පැමිණි දොළොස්වස් ඇතියා යැ.
අසම්මතා නාම: ඤත්තිදුතියෙන කම්මෙන වුට්ඨාපනසම්මුති න දින්නා හොති.
අසම්මතා නම්: ඤත්තිදුතිය කර්මයෙන් වුට්ඨාපන සම්මුති නො දෙනලද්දි වේ.
වුට්ඨාපෙය්යාති: උපසම්පාදෙය්ය.
වුට්ඨාපෙය්ය: උපසපන් කරවයි.
වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති, සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා වුට්ඨාපෙති ආපත්ති පාචිත්තියස්ස.
ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි විමති ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. ධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා උපසපන් කරවා නම් පචිති ඇවැත් වේ.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇතියා නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: පරිපුණ්ණද්වාදසවස්සා සඞ්ඝෙන සම්මතා වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
පිරිපුන් දොළොස්වස් ඇතියා සඞ්ඝයා විසින් සම්මත කරනලද්දී උපසපන් කරවා නම් ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පඤ්චමසික්ඛාපදං.
පස්වන සිකපද යි.