යෙදුමෙන් කියවන්න

චතුත්‍ථසික‍්ඛාපදං

4. 8. 4.

4. 8. 4.

චතුත්‍ථසික‍්ඛාපදං

සතරවන සිකපදය

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන භික‍්ඛුනියො ඌනද‍්වාදස වස‍්සා වුට‍්ඨාපෙන‍්ති. තා බාලා හොන‍්ති අබ්‍යත‍්තා න ජානන‍්ති කප‍්පියං වා අකප‍්පියං වා. සද‍්ධිවිහාරිනියොපි බාලා හොන‍්ති අබ්‍යත‍්තා න ජානන‍්ති කප‍්පියං වා අකප‍්පියං වා. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො ඌනද‍්වාදසවස‍්සා වුට‍්ඨාපෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො ඌනද‍්වාදසවස‍්සා වුට‍්ඨාපෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො ඌනද‍්වාදසවස‍්සා වුට‍්ඨාපෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවත්. ඔහු නොදැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නොකැපය හෝ නො දනිති. සද්ධිවිහාරිනීහු ද නො දැනුමැති අව්‍යක්තයෝ වෙති. කැපය හෝ නො කැපය හෝ නො දනිත්. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවූහු දැ”යි. ... සැබෑද මහණෙනි, උනු දොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, උනුදොළොස්වස් ඇති මෙහෙණෝ උපසපන් කරවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ඌනද‍්වාදසවස‍්සා වුට‍්ඨාපෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් උනු දොළොස්වස් ඇතියා උපසපන් කරවා නම් පචිති වේ”යයි.

2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.

ඌනද‍්වාදසවස‍්සා නාම: අප‍්පත‍්තද‍්වාදසවස‍්සා.

ඌනද්වාදසවස්සා නම්: නොපත් දොළොස්වස් ඇතියා යැ.

උට‍්ඨාපෙය්‍යාති: උපසම‍්පාදෙය්‍ය.

වුට්ඨාපෙය්‍ය: උපසපන් කරවයි.

වුට‍්ඨාපෙස‍්සාමීති ගණං වා ආචරිනිං වා පත‍්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම‍්මන‍්නති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤත‍්තියා දුක‍්කටං. ද‍්වීහි කම‍්මවාචාහි දුක‍්කටා. කම‍්මවාචාපරියොසානෙ උපජ‍්ඣායාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ගණස‍්ස ච ආචරිනියා ච ආපත‍්ති දුක‍්කටස‍්ස.

උපසපන් කරවන්නෙමි යි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් දුකුළා වෙති. කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට ද දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: පරිපුණ‍්ණද‍්වාදසවස‍්සා වුට‍්ඨාපෙති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

පිරිපුන් දොළොස්වස් ඇතියා උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

චතුත්‍ථසික‍්ඛාපදං.

සතරවන සිකපද යි.