සත‍්තමසික‍්ඛාපදං
4. 6. 7.
4. 6. 7.
සත‍්තමසික‍්ඛාපදං.
සත්වන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛුනියො ගාමකාවාසෙ වස‍්සං වුත්‍ථා සාවත්‍ථිං අගමංසු. භික‍්ඛුනියො තා භික‍්ඛුනියො එතදවොචුං:: “කත්‍ථය්‍යායො වස‍්සං වුත්‍ථා කත්‍ථ භික‍්ඛුසඞ‍්ඝො පවාරිතො”ති. න මයං අය්‍යෙ භික‍්ඛුසඞ‍්ඝං පවාරෙමාති. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති, ඛීයන‍්ති, විපාචෙන‍්ති:: “කථං හි නාම: භික‍්ඛුනියො වස‍්සං වුත්‍ථා භික‍්ඛුසඞ‍්ඝං නප‍්පවාරෙස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛු යො වස‍්සං වුත්‍ථා භික‍්ඛුසඞ‍්ඝං නප‍්පවාරෙන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම: භික‍්ඛවෙ භික‍්ඛුනියො වස‍්සං වුත්‍ථා භික‍්ඛුසඞ‍්ඝං නප‍්පවාරෙස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු::
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ ගම්බද අවසෙක්හි වස් වැස සිටියාහු සැවැතට ගියාහු ය. මෙහෙණෝ ඒ මෙහෙණන්ට මෙය කීහු: ආර්‍ය්‍යාවෝ කොතැන්හි වස් වැස නිමියාහු ද, කොතැන්හි භික්‍ෂුසඞ්ඝ තෙමේ පවරනලද්දේ දැ යි. ආර්‍ය්‍යාවෙනි, අපි භික්‍ෂුසඞ්ඝයා නො පවරමු, යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ … ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පවරත්: “කෙසේ නම් මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු දැ” යි. … සැබෑද මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පවරත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ … කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ වස් වැස නිමියාහු භික්‍ෂුසඞ්ඝයා නො පැවැරූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. … මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යා පන භික‍්ඛුනී වස‍්සං වුත්‍ථා උභතො සඞ‍්ඝෙ තීහි ඨානෙහි නප‍්පවාරෙය්‍ය දිට‍්ඨෙන වා සුතෙන වා පරිසංකාය වා පාචිත‍්තිය”න‍්ති.
“යම් මෙහෙණක් වස් වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ (යන) තුන් කරුණෙන් නො පවරා නම් පචිති වේ” යයි.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.
2. යා පන: යම්, යම්බඳු … භික්ඛුනී … මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
වස‍්සං වුත්‍ථා නාම: පුරිමං වා තෙමාසං පච‍්ඡිමං වා තෙමාසං වුත්‍ථා උභතොසඞ‍්ඝෙ තීහි ඨානෙහි නප‍්පවාරෙස‍්සාමි දිට‍්ඨෙන වා සුතෙන වා පරිසඞ‍්කාය වාති ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
වස්සං වුත්‍ථා නම්: පළමු තෙමස හෝ පැසුළු තෙමස හෝ වැස නිමියාහු දෙසඟුන් කෙරෙහි දැකීමෙන් හෝ ඇසීමෙන් හෝ සැකයෙන් හෝ යන තුන් කරුණෙන් නො පවරන්නෙමි යි ධුරනික්‍ෂේපය කළ කෙණෙහි පචිති ඇවැත් වේ.
අනාපත‍්ති: සති අන‍්තරායෙ පරියෙසිත්‍වා න ලභති, ගිලානාය ආපදාසු උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
අනාපත්ති: අනතුරක් ඇති කල්හි, සොයා නො ලබා නම්, ගිලන් වූවාට ආපදායෙහි, උම්මත්තිකාවට … ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත‍්තමසික‍්ඛාපදං.
සත්වන සිකපද යි.