යෙදුමෙන් කියවන්න

පඨමසික‍්ඛාපදං

4. 1. 1.

4. 1. 1.

පඨමසික‍්ඛාපදං

පළමු සිකපදය

ඉමෙ ඛො පනය්‍යායො ඡසට‍්ඨිසතා පාචිත‍්තියා ධම‍්මා උද‍්දෙසං ආගච‍්ඡන‍්ති.

ආර්‍ය්‍යාවෙනි, මේ එක්සිය සසැටක් පචිති ධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරෙන උපාසකෙන භික‍්ඛුනිසඞ‍්ඝො ලසුනෙන පවාරිතො හොති. යාසං අය්‍යානං ලසුනෙන අත්‍ථො අහං ලසුනෙනාති. ඛෙත‍්තපාලො ච ආණත‍්තො හොති. සචෙ හි භික‍්ඛුනියො ආගච‍්ඡන‍්ති. එකෙකාය භික‍්ඛුනියා ද‍්වෙ තයො භණ‍්ඩිකෙ දෙහීති. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං උස‍්සවො හොති. යථාභතං ලසුනං පරික‍්ඛයං අගමාසි. භික‍්ඛුනියො තං උපාසකං උපසඞ‍්කමිත්‍වා එතදවොචුං. “ලසුනෙන ආවුසො අත්‍ථො”ති. නත්‍ථාය්‍යෙ යථාභතං ලසුණං පරික‍්ඛීණං ඛෙත‍්තං ගච‍්ඡථාති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ඛෙත‍්තං ගන‍්ත්‍වා න මත‍්තං ජානිත්‍වා බහුං ලසුණං හරාපෙසි. ඛෙත‍්තපාලො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික‍්ඛුනියො න මත‍්තං ජානිත්‍වා බහුං ලසුනං හරාපෙස‍්සන‍්තී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් භික්‍ෂුණී සඞ්ඝ තෙමේ ලුහුනෙන් පවරන ලද්දේ වෙයි. යම් ආර්‍ය්‍යා කෙනෙකුන්ට ලුහුනෙන් ප්‍රයෝජන වේ නම් මම ලුහුනෙන් (පවරමි) යි. ඉදින් මෙහෙණෝ පැමිණෙත් නම් එක් එක් මෙහෙණකට දෙතුන් ලුහුනු පොකුරක් දෙවයි කෙත්පල් තෙමේත් අණවන ලද්දේ වෙයි. එසමයෙහි වනාහි සැවැතෙහි උත්සවයෙක් වෙයි. ගෙනවුත් තුබූ ලුහුනු නිමාවට ගියේ යැ. මෙහෙණෝ ඒ උවසු වෙත එළැඹැ ඇවැත, ලුහුනෙන් ප්‍රයෝජන වේ යයි, තෙල කරුණ කීහු. නැත ආර්‍ය්‍යාවෙනි, ගෙනවුත් තුබූ ලුහුනු අවසන් විය. කෙතට යනු මැනැවැ යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී කෙතට ගොස් පමණ නොදැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු යැ. කෙත්පල් තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ පමණ නොදැන බොහෝ ලුහුනු ගෙන්වා ගත්තු දැ”යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තස‍්ස ඛෙත‍්තපාලස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා න මත‍්තං ජානිත්‍වා බහුං ලසුනං හරාපෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී න මත‍්තං ජානිත්‍වා බහුං ලසුනං හරාපෙසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී න මත‍්තං ජානිත්‍වා බහුං ලසුණං හරාපෙස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන. ඒ කෙත්පල්හුගේ (අකීර්ති ශබ්දය) ඇසූහු යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... දැහැමි කථා කොට මහණුන් ඇමතූහ.

3. භූතපුබ‍්බං භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අඤ‍්ඤතරස‍්ස බ්‍රාහ‍්මණස‍්ස පජාපති අහොසි. තිස‍්සො ච ධීතරො නන්‍දා නන්‍දවතී සුන්‍දරීනන්‍දා. අථ ඛො භික‍්ඛවෙ සො බ්‍රාහ‍්මණො කාලං කත්‍වා අඤ‍්ඤතරං හංසයොනිං උපපජ‍්ජි. තස‍්ස සබ‍්බසොවණ‍්ණමයා පත‍්තා අහෙසුං. සො තාසං එකෙකං පත‍්තං දෙති.

3. මහණෙනි, පෙරැවූවක් කියමි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී එක්තරා බමුණක්හුගේ අඹු වූ යැ. නන්‍දා යැ නන්‍දවතී යැ සුන්‍දරීනන්‍දා යැයි දියණියෝ තිදෙනෙක් ද වූහ. එකල්හි මහණෙනි, ඒ බමුණු තෙමේ කලුරිය කොට එක්තරා හංසයෝනියෙකැ උපන්නේ යැ. ඔහුගේ පියාපත් සියල්ල රන්මුවා විය. හෙතෙමේ ඔවුනට එක් එක් පියාපතක් දෙයි.

අථ ඛො භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අයං හංසො අම‍්හාකං එකෙකං පත‍්තං දෙතීති තං හංසරාජං ගහෙත්‍වා නිප‍්පත‍්තං අකාසි. තස‍්ස පුන ජායමානා පත‍්තා සෙතා සම‍්පජ‍්ජිංසු. තදාපි භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී අතිලොභෙන සුවණ‍්ණා පරිහීනා. ඉදානි ලසුනා පරිහායිස‍්සතීති.

එකල්හි මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මේ හංස තෙමේ අපට එක් එක් පියාපතක් දේ යයි ඒ හංසරාජයා අල්වාගෙන පියාපත් නැතියක්හු කළා යැ. ඔහුගේ යළි හටගන්නා පියාපත්හු සුදු වැ හටගත්හ. එදා ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අතිලෝභයෙන් රනින් පිරිහිණ. දැන් ලුහුනෙන් පිරිහේ යයි.

‘යං ලද‍්ධං තෙන තුට‍්ඨබ‍්බං - අතිලොභො හි පාපකො හංසරාජං ගහෙත්‍වාන - සුවණ‍්ණා පරිහායථා’ති.

“යමක් ලද නම් එයින් තුටුවිය යුතු යි. අතිලෝභය වනාහි ලාමක යැ. හස්රජහු අල්වාගෙන රනින් පිරිහිණැ” යි.

අථ ඛො භගවා ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං අනෙකපරියායෙන විගරහිත්‍වා දුභරතාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:

“යා පන භික‍්ඛුනී ලසුනං ඛාදෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මෙහෙණක් ලුහුනු කා නම් පචිති වේ” යයි.

4. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

4. යා පන: යම්, යම්බඳු ... භික්ඛුණී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.

ලසුනං නාම: මාගධකං වුච‍්චති. ඛාදිස‍්සාමීති පතිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ලසුන නම්: මගදරට උපනැ යි කියනු ලැබෙයි. කන්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.

ලසුනෙ ලසුනසඤ‍්ඤා ඛාදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ලසුනෙ වෙමතිකා ඛාදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ලසුනෙ අලසුනසඤ‍්ඤා ඛාදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ලුහුනෙහි ලුහුනු සන් ඇතියා කා නම් පචිති ඇවැත් වෙයි. ලුහුනෙහි විමති ඇතියා කා නම් පචිති ඇවැත් වෙයි, ලුහුනෙහි නො ලුහුනු සන් ඇතියා කා නම් පචිති ඇවැත් වේ.

අලසුනෙ ලසුනසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අලසුනෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අලසුනෙ අලසුන සඤ‍්ඤා අනාපත‍්ති.

නො ලුහුනෙහි ලුහුනු සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො ලුහුනෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ලුහුනෙහි නො ලුහුනු සන් ඇතියා නම් ඇවැත් නැති.

අනාපත‍්ති: පලණ‍්ඩුකෙ භඤ‍්ජනකෙ හරීතකෙ චාපලසුනෙ සූපසම‍්පාකෙ මංසසම‍්පාකෙ තෙලසම‍්පාකෙ සාළවෙ උත‍්තරිභඞ‍්ගෙ උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

හෙළ ලුහුනෙහි, සෑ ලුහුනෙහි, පලාවන් ලුහුනෙහි, මිදුළු නැති ලුහුනෙහි, සූපසම්පාකයෙහි, මංසසම්පාකයෙහි, තෙල සම්පාකයෙහි, ගිවුළු සාලවයෙහි, අවුළුපත්හි, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.

පඨමසික‍්ඛාපදං.

පළමු සිකපද යි.