තතියසික‍්ඛාපදං
4. 1. 3.
4. 1. 3.
තතියසික‍්ඛාපදං.
තෙවන සිකපදය
1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ද‍්වෙ භික‍්ඛුනියො අනභිරතියා පීළිතා ඔවරකං පවිසිත්‍වා තලඝාතකං කරොන‍්ති. භික‍්ඛුනියො තෙන සද‍්දෙන උපධාවිත්‍වා තා භික‍්ඛුනියො එතදවොචුං: “කිස‍්ස තුම‍්හෙ අය්‍යෙ පුරිසෙහි සද‍්ධිං සම‍්පදුස‍්සථාති. න මයං අය්‍යෙ පුරිසෙන සද‍්ධිං සම‍්පදුස‍්සාමාති. භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසුං.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි දෙ මෙහෙණ කෙනෙක් අනභිරතියෙන් පීඩිත වූවාහු ගබට පිවිස තලඝාතකය කෙරෙති. භික්‍ෂුණීහු ඒ ශබ්දයෙන් දිවැ අවුත් ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි කුමකට පුරුෂයන් සමග දූෂ්‍යවහුදැ”යි කීහු. ආර්‍ය්‍යාවෙනි, අපි පුරුෂයන් සමග නො ම දූෂ්‍යවම්හ යි. මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනියො තලඝාතකං කරිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනියො තලඝාතකං කරොන‍්තීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනියො තලඝාතකං කරිස‍්සන‍්ති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ තලඝාතකය කොළෝදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කෙරෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“තලඝාතකෙ පාචිත‍්තිය”න‍්ති.
“තලඝාතකයෙහි පචිති වේ” යයි.
3. තලඝාතකං නාම: සම‍්ඵස‍්සං සාදියන‍්ති අන‍්තමසො උප‍්පලපත‍්තෙනපි මුත‍්තකරණෙ පහාරං දෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
3. තලඝාතක නම්: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතිනුදු මූත්‍ර කරණයෙහි පහර දේ නම් පචිති ඇවැත් වෙයි.
අනාපත‍්ති: ආබාධපච‍්චයා උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තතියසික‍්ඛාපදං.
තෙවන සිකපද යි.