චතුත්ථසික්ඛාපදං
4. 1. 4.
4. 1. 4.
චතුත්ථසික්ඛාපදං
සතරවන සිකපදය
1. සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන අඤ්ඤතරා පුරාණරාජොරොධා භික්ඛුනීසු පබ්බජිතා හොති. අඤ්ඤතරා භික්ඛුනී අනභිරතියා පීළිතා යෙන සා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුනිං එතදවොච: “රාජා ඛො අය්යෙ තුම්හෙ චිරාචිරං ගච්ඡති කථං තුම්හෙ ධාරෙථා”ති. ජතුමට්ටකෙන අය්යෙති. කිං එතං අය්යෙ, ජතුමට්ටකන්ති. අථ ඛො සා භික්ඛුනී තස්සා භික්ඛුනියා ජතුමට්ටකං ආචික්ඛි. අථ ඛො සා භික්ඛුනී ජතුමට්ටකං ආදියිත්වා ධොවිතුං විස්සරිත්වා එකමන්තං ඡඩ්ඩෙසි. භික්ඛුනියො මක්ඛිකාහි සම්පරිකිණ්ණං පස්සිත්වා එවමාහංසු “කස්සිදං කම්මන්ති” සා එවමාහ මය්හිදං කම්මන්ති.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පෙරැ ගිහි බැව්හි රජහුගේ ඇතොවුරෙහි වූ එක්තරා ස්ත්‍රියක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එක්තරා මෙහෙණක් අනභිරතියෙන් පෙළුණී ඒ මෙහෙණ වෙත එළැඹියා යැ. එළැඹැ ඒ මෙහෙණහට “ආර්‍ය්‍යාවෙනි, රජ තෙමේ වනාහි කලින් කල තොප වෙතට පැමිණෙයි. තෙපි කෙසේ ඉවසා දරව් දැ යි” තෙල කරුණ කිවු යැ. ආර්‍ය්‍යාවෙනි, ජතුමට්ටකයෙනි. ආර්‍ය්‍යාවෙනි, තෙල ජතුමට්ටකය කිමෙක් දැ යි. එකල්හි ඒ මෙහෙණ ඒ මෙහෙණහට ජතුමට්ටකය පැහැදිලි කොට කිවු යැ. එකල්හි ඒ මෙහෙණ ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගෙන දොවන්නට නො සිහි කොට එකත්පසෙක දැමූ යැ. මෙහෙණෝ මැස්සන්ගෙන් හාත්පසින් ගැවසි ගන්නා ලද්ද දැක “මේ කාගේ කාර්‍ය්‍යයක්දැ”යි කීහු. ඕ තොමෝ මෙය මාගේ කාර්‍ය්‍යයෙකැ යි කිවු යැ.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම භික්ඛුනී ජතුමට්ටකං ආදියිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ භික්ඛුනී ජතුමට්ටකං ආදියීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම භික්ඛවෙ භික්ඛුනී ජතුමට්ටකං ආදියිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ”යි ... “සැබෑද මහණෙනි, මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි මෙහෙණක් ජතුමට්ටකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා”
“ජතුමට්ටකෙ පාචිත්තිය”න්ති.
“ජතුමට්ටකයෙහි පචිති වේ” යැ යි.
3. ජතුමට්ටකං නාම: ජතුමයං කට්ඨමයං පිට්ඨමයං මත්තිකාමයං.
3. ජතුමට්ටක නම්: ලහමුවා යැ, දැවමුවා යි පිටි මුවා යැ මැටිමුවා යැ.
ආදියෙය්යාති: සම්ඵස්සං සාදියන්ති අන්තමසො උප්පලපත්තම්පි මුත්තකරණං පවෙසෙති ආපත්ති පාචිත්තියස්ස.
ආදියෙය්‍ය: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතකුදු මූත්‍ර කරණයට පිවිස්වා නම් පචිති ඇවැත් වේ.
අනාපත්ති: ආබාධපච්චයා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
චතුත්ථසික්ඛාපදං.
සතරවන සිකපද යි.