තතියපාරාජිකං
1. 3.
1. 3.
තතියපාරාජිකං
තෘතීය පාරාජිකය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්තති. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම අය්යා ථුල්ලනන්දා සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්තිස්සතී”ති. -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්තතීති. සච්චං භගවා, විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං අරිට්ඨං භික්ඛුං ගද්ධබාධිපුබ්බං අනුවත්තිස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ඛුනී තොමෝ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටෙයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටුනි දැයි ... සැබෑද මහණෙනි! ථුල්ලනන්දා මෙහෙණ සමග සඟහු විසින් කළ උඛෙව්නීකම් ඇති ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටේ දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා මෙහෙණ සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ ගිජුපැටිකුලෙහි උපන් අරිට්ඨ මහණහු අනුව වැටුණී ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
යා පන භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරං අප්පතිකාරං අකතසහායං තමනුවත්තෙය්ය. සා භික්ඛුනී භික්ඛුනීහි එවමස්ස වචනීයා: එසො ඛො අය්යෙ, භික්ඛු සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තො ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරො අප්පතිකාරො අකතසහායො මාය්යෙ එතං භික්ඛුං අනුවත්තීති. එවඤ්ච සා භික්ඛුනී භික්ඛුනීහි වුච්චමානා තථෙව පග්ගණ්හෙය්ය. සා භික්ඛුනී භික්ඛුනීහි යාවතතියං සමනුභාසිතබ්බා තස්ස පටිනිස්සග්ගාය. යාවතතියඤ්චෙ සමනුභාසියමානා තං පටිනිස්සජ්ජෙය්ය, ඉච්චෙතං කුසලං, නො චෙ පටිනිස්සජ්ජෙය්ය, අයම්පි පාරාජිකා හොති අසංවාසා. උක්ඛිත්තානුවත්තිකාති.
යම් මහණෙක් ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහායබව ඇති එ මහණහු අනුව වැටේ නම් මෙහෙණන් විසින් එ මෙහෙණ තොමෝ මෙසේ කිය යුතු වන්නී යැ. “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමග සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙක. අනදරබව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ, නො කළ සහායබව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. මෙසේත් මෙහෙණන් විසින් කියනු ලබන ඒ මෙහෙණ එසේ මැ දැඩි වැ වෑයම් කරන්නී නම් මෙහෙණන් විසින් එ මෙහෙණ එදිටු දුරැලනු පිණිස තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ, එදිටු දුරැලනු පිණිස තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කරනු ලබන්නී එය දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් මෝ තොමෝත් පරිජිවූවා සහවාසයට නො නිසි වූවා වෙයි ... උක්ඛිත්තානුවත්තිකා යැ.
2. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි ය යි.
සමග්ගො නාම: සඞ්ඝො සමානසංවාසකො සමානසීමායං ඨිතො.
සමග්ග නම්: සමාන සංවාසක සඞ්ඝ තෙමෙ සමාන සීමායෙහි සිටියේ වෙයි.
උක්ඛිත්තො නාම: ආපත්තියා අදස්සනෙ වා අප්පටිකම්මෙ වා දිට්ඨියා අප්පටිනිස්සග්ගෙ වා උක්ඛිත්තො.
උක්ඛිත්ත නම්: ඇවැත නො දැක්මෙහි හෝ පිළියම් නො කිරීමෙහි හෝ (ලමුදිට්හ) නො දුරැලීමෙහි හෝ උකෙච්නී කම් කරන ලද්දේ යි.
ධම්මෙන විනයෙනාති: යෙන ධම්මෙන යෙන විනයෙන.
ධම්මෙන විනයෙන: යම් ධර්මයෙකින් යම් විනයෙකින්,
සත්ථුසාසනෙනාති: ජිනසාසනෙන බුද්ධසාසනෙන.
සත්ථුසාසනෙන: ජිනසාසනයෙන්, බුද්ධසාසනයෙන්.
අනාදරො නාම: සඞ්ඝං වා ගණං වා පුග්ගලං වා කම්මං වා නාදියති.
අනාදර නම්: සඞ්ඝයා හෝ ගණයා හෝ පුද්ගලයා හෝ කර්මය හෝ නො ගනී.
අප්පතිකාරො නාම: උක්ඛිත්තො අනොසාරිතො.
අප්පතිකාර නම්: උඛෙව්නීකම් කරන ලදුයේ සඞ්ඝයාට ඇතුළත් නො කරන ලද්දේ යි.
අකතසහායො නාම: සමානසංවාසකා භික්ඛූ වුච්චන්ති සහායා සො තෙහි සද්ධිං නත්ථි තෙන වුච්චති අකතසහායොති.
අකතසහාය නම්: සමාන සංවාසක භික්ෂුහු සහායයෝ යැයි කියනු ලැබෙති. හේ ඔවුන් සමග නැති. එහෙයින් අකතසහාය යැයි කියනු ලැබේ.
තමනුවත්තෙය්යාති: යංදිට්ඨිකො සො හොති යංඛන්තිකො යංරුචිකො සාපි තංදිට්ඨිකා හොති තං ඛන්තිකා තං රුචිකා.
තමනුවත්තෙය්ය: ඒ උඛෙව්නීකම් කළ මහණ තෙමේ යම්බඳු දෘෂ්ටි ඇතියෙක් යම්බඳු ඉවසීම් ඇතියෙක් යම්බඳු රුචි ඇතියෙක් වේ නම් ඒ මෙහෙණ තොමෝත් එබඳු දෘෂ්ටි ඇත්තී එබඳු ඉවසීම් ඇත්තී එබඳු රුචි ඇත්තී වෙයි.
සා භික්ඛුනීති: යා සා උක්ඛිත්තානුවත්තිකා භික්ඛුනී.
සා භික්ඛුනී: යම් මෙහෙණක් උඛෙව්නීකම් කළ මහණහු අනුවැ වැටේ නම් ඒ මෙහෙණ යි.
භික්ඛුනීහීති: අඤ්ඤාහි භික්ඛුනීහි යා පස්සන්ති යා සුණන්ති තාහි වත්තබ්බා. එසො ඛො අය්යෙ භික්ඛු සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තො ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරො අප්පතිකාරො අකතසහායො මාය්යෙ එතං භික්ඛුං අනුවත්තී”ති. දුතියම්පි වත්තබ්බා -පෙ- තතියම්පි වත්තබ්බා -පෙ- සචෙ පටිනිස්සජ්ජති ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති ආපත්ති දුක්කටස්ස. සුත්වා න වදන්ති ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සඞ්ඝමජ්ඣම්පි ආකඩ්ඪිත්වා වත්තබ්බා, එසො ඛො අය්යෙ භික්ඛු සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තො ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරො අප්පතිකාරො අකතසහායො මාය්යෙ එතං භික්ඛුං අනුවත්තී’ති. දුතියම්පි වත්තබ්බා - තතියම්පි වත්තබ්බා - සචෙ පටිනිස්සජ්ජති, ඉච්චෙතං කුසලං නො චෙ පටිනිස්සජ්ජති, ආපත්ති දුක්කටස්ස. සා භික්ඛුනී සමනුභාසිතබ්බා.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් මෙහෙණ කෙනෙක් දකිත් නම් යම් මෙහෙණ කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙකැ, අනදරබව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ. නො කළ සහාය බව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. කිය යුත්තී ය. දෙවනවටදු කිය යුත්තී යැ ... තෙවනවටදු කියයුත්තී යැ ... ඉදින් (එය) දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟ මැදට ඇදපියා කිය යුත්තී යැ. “ආර්‍ය්‍යාවෙනි තෙල මහණ තෙමේ වනාහි ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කරන ලද්දෙකැ, අනදර බව ඇතියෙකැ, පිළියම් නැතියෙකැ, නො කළ සහාය බව ඇතියෙකි. ආර්‍ය්‍යාවෙනි තෙල මහණහු අනුවැ නහමක් වැටේව” යි. දෙවනවටදු කිය යුත්තී යැ – තෙවනවටදු කිය යුත්තී යැ – ඉදින් දුරැලන්නී නම් තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නී නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ.
එවඤ්ච පන භික්ඛවෙ සමනුභාසිතබ්බා. ව්යත්තාය භික්ඛුනියා පටිබලාය සඞ්ඝො ඤාපෙතබ්බො.
මෙසේ ද වනාහි මහණෙනි සමනුභාෂණකර්‍ම කළ යුත්තී යැ. ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
සුණාතු මෙ අය්යෙ සඞ්ඝො. අයං ඉත්ථන්නාමා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරං අප්පතිකාරං අකතසහායං තමනුවත්තති, සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති. යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසෙය්ය තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය එසා ඤත්ති.
ආර්‍ය්‍යාවෙනි සඞ්ඝ තෙමේ මාවදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ ධර්මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහාය බව ඇති මහණක්හු අනුවැ වැටෙයි, ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි. ඉදින් සඞ්ඝයාට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් ඇති මෙහෙණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරන්නේ යැ. මේ ඥප්තිය යි.
සුණාතු මෙ අය්යෙ සඞ්ඝො අයං ඉත්ථන්නාමා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනාදරං අප්පතිකාරං අකතසහායං තමනුවත්තති. සා තං වත්ථුං නප්පටිනිස්සජ්ජති සඞ්ඝො ඉත්ථන්නාමං භික්ඛුනිං සමනුභාසති තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය, යස්සා අය්යාය ඛමති ඉත්ථන්නාමාය භික්ඛුනියා සමනුභාසනා තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය. සා තුණ්හස්ස යස්ස නක්ඛමති සා භාසෙය්ය දුතියම්පි එතමත්ථං වදාමි -පෙ- තතියම්පි එතමත්ථං වදාමි -පෙ- සමනුභට්ඨා සඞ්ඝෙන ඉත්ථන්නාමා භික්ඛුනී තස්ස වත්ථුස්ස පටිනිස්සග්ගාය ඛමති සඞ්ඝස්ස තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
ආර්‍ය්‍යාවෙනි සඞ්ඝ තෙමේ මා වදන් අසාවා. මේ මෙනම් ඇති මෙහෙණ තොමෝ ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් සමඟ සඟහු විසින් උඛෙව්නීකම් කළ අනදරබව ඇති පිළියම් රහිත වූ නො කළ සහායබව ඇති මහණක්හු අනුවැ වැටෙයි. ඕ තොමෝ වස්තුව නො දුරැලැයි. සඞ්ඝ තෙමේ මෙ නම් ඇති මෙහෙණහට ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරයි. ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණහට සමනුභාෂණකර්‍ම කිරීම යම් ආර්ය්යාවකහට රුස්නේ නම් ඕ තොමෝ නිහඬ වේවා. යමක හට නො රුස්නේ නම් ඕ තොමෝ කියාවා. දෙවනවටදු තෙල කරුණ කියමි ... තෙවනවටදු තෙල කරුණ කියමි ... සඞ්ඝයා විසින් මෙනම් ඇති මෙහෙණ ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කරන ලද්දී යැ. සඞ්ඝයාහට රුස්නේ යැ, එහෙයින් නිහඬ වෙයි. මෙසේ මෙය දරමි යි.
ඤත්තියා දුක්කටං ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා කම්මවාචා පරියොසානෙ ආපත්ති පාරාජිකස්ස.
ඥප්තියෙන් දුකුළා යැ. දෙ කම්වදනින් තුලැසි යැ. කම්වදන් පිරියතැ පරිජි ඇවැත් වේ.
අයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
අයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙන කියනු ලැබෙයි.
පාරාජිකා හොතීති: සෙය්යථාපි නාම පුථුසිලා ද්වෙධා භින්නා අප්පටිසන්ධිකා හොති එවමෙව භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී, අස්සමණී හොති අසක්යධීතා තෙන වුච්චති පාරාජිකා හොතීති.
පාරාජිකා හොති: යම්සේ දෙකට බිඳුණු මහත් ගලෙක් යළි නො ගැළපිය හැකි වේ ද, එසේ මැ මෙහෙණ තොමෝ තුන්යළ තෙක් සමනුභාෂණකර්‍ම කිරීමෙන් නො දුරැලන්නී නම් නො මෙහෙණක් වූවා සැහැදුවක් වූවා වෙයි. එහෙයින් “පාරාජිකා හොති” යි කියනු ලැබේ.
අසංවාසාති: සංවාසො නාම: එකකම්මං එකුද්දෙසො සමසික්ඛතා, එසො සංවාසො නාම. සො තාය සද්ධිං නත්ථි, තෙන වුච්චති අසංවාසාති.
අසංවාසා; සංවාස නම් එක්වැ විනයකර්ම කිරීම යැ, එක් වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇති බව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය තෙමේ ඇය සමග නැති, එහෙයින් අසංවාසා යි කියනු ලැබේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාරාජිකස්ස. ධම්මකම්මෙ වෙමතිකා නප්පටිනිස්සජ්ජති, ආපත්ති පාරාජිකස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා නප්පටිනිස්සජ්ජති ආපත්ති පාරාජිකස්ස. අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤා ආපත්ති දුක්කටස්ස.
දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියා නො දුරැලා නම් පරිජි ඇවැත් වෙයි. නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි.
අනාපත්ති: අසමනුභාසන්තියා පටිනිස්සජ්ජන්තියා උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
සමනුභාෂණකර්‍ම නො කරන්නියට දුරැලන්නියට උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තතියපාරාජිකං නිට්ඨිතං.
තෘතීය පාරාජිකය නිමි.