පරිණාමනසික්ඛාපදං
6. 8. 12.
6. 8. 12.
පරිණාමනසික්ඛාපදං
පරිණාමන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්ථියං අඤ්ඤතරස්ස පූගස්ස සඞ්ඝස්ස සචීවරභත්තං පටියත්තං හොති, භොජෙත්වා චීවරෙන අච්ඡාදෙස්සාමාති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ යෙන සො පූගො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තං පූගං එතදවොචුං: “දෙථාවුසො ඉමානි චීවරානි ඉමෙසං භික්ඛූන”න්ති. න මයං භන්තෙ දස්සාම අම්හාකං සඞ්ඝස්ස අනුවස්සං සචීවරභික්ඛා පඤ්ඤත්තාති. බහූ ආවුසො සඞ්ඝස්ස දායකා බහූ සඞ්ඝස්ස භද්දානි. ඉමෙ තුම්හෙ නිස්සාය තුම්හෙ සම්පස්සන්තා ඉධ විහරන්ති. තුම්හෙ චෙ ඉමෙසං න දස්සථ අථ කො චරහි ඉමෙසං දස්සති. දෙථාවුසො ඉමානි චීවරානි ඉමෙසං භික්ඛූනන්ති. අථ ඛො සො පූගො ඡබ්බග්ගියෙහි භික්ඛූහි නිප්පීළියමානො යථාපටියත්තං චීවරං ඡබ්බග්ගියානං භික්ඛූනං දත්වා සඞ්ඝං භත්තෙන පරිවිසි. යෙ තෙ භික්ඛූ ජානන්ති සඞ්ඝස්ස සචීවරභත්තං පටියත්තං න ච ජානන්ති ඡබ්බග්ගියානං භික්ඛූනං දින්නන්ති. තෙ එවමාහංසු “ඔණොජෙථාවුසො, සඞ්ඝස්ස චීවර”න්ති. නත්ථි භන්තෙ යථාපටියත්තං චීවරං. අය්යා ඡබ්බග්ගියා අය්යානං ඡබ්බග්ගියානං පරිණාමෙසුන්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සැවැතැ එක්තරා මුළුවක් විසින් සඟනට සිවුරු සහිත බතෙක් පිළියෙළ කරන ලද්දේ වෙයි. වළඳවා සිවුරු පුදම්හ යි. එකල්හි සවග මහණහු ඒ මුළුව වෙතැ එළැඹියහ. එළැඹැ එ මුළුවට මෙය කීහු: ඇවැත්නි, මේ සිවුරු මේ මහණුන්හට දෙවයි. ස්වාමීනි, ඇපි නො දෙම්හ. අප විසින් අවුරුද්දක් පාසා සඟනට සිවුරු සහිත බතෙක් පනවන ලද්දේ වෙයි. ඇවැත්නි, සඟනට දායකයෝ බොහෝ යැ, සඟනට ලාභමුඛයෝ බොහෝ යැ, මොහු තොප නිසා තොප බලමින් මෙහි වෙසෙති. ඉදින් තෙපි මොවුනට නො දෙන්නහු නම් වැළි කවරෙක් මොවුනට දෙන්නේ ද? ඇවැත්නි, මේ සිවුරු මේ මහණුන්හට දෙවු. එකල්හි ඒ මුළුව සවග මහණුන් විසින් පෙළනු ලබන්නේ පිළියෙළ කළ තාක් සිවුරු සවග මහණුන්හට දී සඞ්ඝයා බතින් වැළැඳවී යැ. යම් ඒ භික්ෂු කෙනෙක් සඟනට සිවුරු සහිත බතෙක් පිළියෙළ කරන ලදැ යි දනිද්ද, සවග මහණුන්හට දෙන ලදැ යි නො ද දනිද්ද, ඔහු ඇවැත්නි, සඟනට සිවුරු පුදව යි මෙසේ කීහු. නැත ස්වාමීනි, සවග හිමිවරු පිළියෙළ කළ තාක් සිවුරු සවග හිමිවරුනට පිරිනැමවූහු යි.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙස්සන්ති” -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැදැනැ පුඟුලක්හට පිරිනැමූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැදැනැ පුඟුලක්හට පිරිනමවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පිරිනමන ලද සඞ්ඟික ලාභය දැන දැනැ පුඟුලක්හට පිරිනැමුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙය්ය, පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැ දැනැ පුඟුලක්හට පිරිනමන්නේ නම් පචිති වේ”යයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
ජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති සො වා ආරොචෙති.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් – හෙතෙමේ හෝ ඇරොජයි.
සඞ්ඝිකං නාම: සඞ්ඝස්ස දින්නං හොති පරිච්චත්තං.
සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්යක්තයෙක් වෙයි.
ලාභො නාම: චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරා අන්තමසො චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි.
ලාභ නම්: චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර යැ. යටත් පිරිසෙයින් සුණුපිඬු ද දැහැටු ද දහවලුහුය ද,
පරිණතං නාම: දස්සාම කරිස්සාමාති වාචා භින්නා හොති තං පුග්ගලස්ස පරිණාමෙති ආපත්ති පාචිත්තියස්ස. පරිණතෙ පරිණතසඤ්ඤී පුග්ගලස්ස පරිණාමෙති ආපත්ති පාචිත්තියස්ස. පරිණතෙ වෙමතිකො පුග්ගලස්ස පරිණාමෙති ආපත්ති දුක්කටස්ස. පරිණතෙ අපරිණතසඤ්ඤී පුග්ගලස්ස පරිණාමෙති අනාපත්ති.
පරිණත නම්: දෙම්හ කරම්හ යි වාක් බිඳින ලද වෙයි. එය පුඟුලක්හට පිරිනමා නම් පචිති ඇවැත් වෙයි. පිරිනැමුණෙහි පිරිනැමුණු සන් ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් පචිති ඇවැත් වෙයි. පිරිනැමුණෙහි විමති ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිනැමුණෙහි නො පිරිනැමුණු සන් ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් ඇවැත් නැති.
සඞ්ඝස්ස පරිණතං අඤ්ඤසඞ්ඝස්ස වා චෙතියස්ස වා පරිණාමෙති ආපත්ති දුක්කටස්ස. චෙතියස්ස පරිණතං අඤ්ඤචෙතියස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා පුග්ගලස්ස වා පරිණාමෙති ආපත්ති දුක්කටස්ස. පුග්ගලස්ස පරිණතං අඤ්ඤපුග්ගලස්ස වා සඞ්ඝස්ස වා ගණස්ස වා චෙතියස්ස වා පරිණාමෙති ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ පරිණතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අපරිණතෙ අපරිණතසඤ්ඤී අනාපත්ති.
සඟනට පිරිනැමුණක් අන් සඟනට හෝ සෑයට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. සෑයට පිරිනැමුණක් අන්සෑයකට හෝ සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. පුඟුලක්හට පිරිනැමුණක් අන් පුඟුලක්හට හෝ සඟනට හෝ ගණයාට හෝ සෑයට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි පිරිනැමුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි නො පිරිනැමුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: කත්ථ දෙමාති පුච්ඡියමානො යත්ථ තුම්හාකං දෙය්යධම්මො පරිභොගං වා ලභෙය්ය පටිසඞ්ඛාරං වා ලභෙය්ය චිරට්ඨිතිකො වා අස්ස යත්ථ වා පන තුම්හාකං චිත්තං පසීදති තත්ථ දෙථාති භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
කොයට දෙමු දැ යි පුළුවුස්නා ලබන්නේ යම් තැනෙකැ තොපගේ දිය යුතු වත් පරිභෝග හෝ ලබන්නේ නම් පිළිසකර හෝ ලබන්නේ නම් තිරකල් පැවැත්මෙක් හෝ වන්නේ නම් යම් තැනෙකැ වනාහි තොපගේ සිත පහදී නම් හෝ එයට දෙව යි බෙණේ නම් ඇවැත් නො වේ, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පරිණාමනසික්ඛාපදං ද්වාදසමං.
දොළොස්වැනි පරිණාමන ශික්ෂාපද යි.
සහධම්මිකවග්ගො අට්ඨමො.
අෂ්ටම සහධම්මික වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
සහධම්ම විවණ්ණඤ්ච - මොහාපනං පහාරකං තලසත්ති අමූලඤ්ච - සඤ්චිච්ච ච උපස්සුති පටිබාහනඡන්දඤ්ච - දබ්බඤ්ච පරිණාමනන්ති.
සහධම්මික යැ විවර්ණ සංඛ්‍යාත විලේඛන යැ මෝහන යැ පහාර යැ තලසත්තික යැ අමූලක යැ සඤ්විච්ච යැ උපස්සුති යැ කම්ම පටිබාහන යැ ඡන්දං අදත්වා ගමන යැ දබ්බ යැ පරිණාමන සිඛය දැ යි.