යෙදුමෙන් කියවන්න

දබ‍්බසික‍්ඛාපදං

6. 8. 11.

6. 8. 11.

දබ‍්බසික‍්ඛාපදං

දබ්බ ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා දබ‍්බො මල‍්ලපුත‍්තො සඞ‍්ඝස‍්ස සෙනාසනඤ‍්ච පඤ‍්ඤපෙති භත‍්තානි ච උද‍්දිසති. සො චායස‍්මා දුබ‍්බලචීවරො හොති. තෙන ඛො පන සමයෙන සඞ‍්ඝස‍්ස එකං චීවරං උප‍්පන‍්නං හොති. අථ ඛො සඞ‍්ඝො තං චීවරං ආයස‍්මතො දබ‍්බස‍්ස මල‍්ලපුත‍්තස‍්ස අදාසි . ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “යථාසන්‍ථුතං භික‍්ඛූ සඞ‍්ඝිකං ලාභං පරිණාමෙන‍්තී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාස නම් වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර සඞ්ඝයාහට සෙනසුනුදු පනවයි. බතුදු උදෙසයි. ඒ ආයුෂ්මත් තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. එසමයෙහි වනාහි සඞ්ඝයාහට එක් සිවුරක් උපන්නේ වෙයි. එකල්හි සඞ්ඝයා ඒ සිවුර ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයහට දුන්නේ යැ. එකල්හි සවග මහණහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “භික්‍ෂූහු විශ්වස්ත පරිද්දෙන් සඞ්ඝික ලාභය පිරිනමති” යි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සමග‍්ගෙන සඞ‍්ඝෙන චීවරං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ සමග‍්ගෙන සඞ‍්ඝෙන චීවරං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජථා’ති. සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා සමග‍්ගෙන සඞ‍්ඝෙන චීවරං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සමග්‍ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියෝ දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සමග්‍ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සමග්‍ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“යො පන භික‍්ඛු සමග‍්ගෙන සඞ‍්ඝෙන චීවරං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජෙය්‍ය යථාසන්‍ථුතං භික‍්ඛූ සඞ‍්ඝිකං ලාභං පරිණාමෙන‍්තීති පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් සමග්‍ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී භික්‍ෂූහු විශ්වස්තපරිද්දෙන් සඞ්ඝිකලාභය පිරිණමත් යයි පසු වැ ගරහන බවට පැමිණේ නම් පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන; යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

සමග‍්ගො නාම: සඞ‍්ඝො සමානසංවාසකො සමානසීමායං ඨිතො.

සමග්ග නම්: සමානසංවාසක වූ සමාන සීමායෙහි සිටි සඞ්ඝ තෙමේ යි.

චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං විකප‍්පනුපගං පච‍්ඡිමං.

චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්.

දත්‍වාති: සයං දත්‍වා.

දත්‍වා: තෙමේ දී.

යථාසන්‍ථුතං නාම: යථාමිත‍්තතා යථාසන්‍දිට‍්ඨතා යථාසම‍්භත‍්තතා යථාසමානුපජ‍්ඣායකතා යථාසමානාචරියකතා.

යථාසන්‍ථුත නමු: මිතුරුබව ඇති පරිදි දුටු මිතුරුබව ඇති පරිදි දැඩි මුතුරු බව ඇති පරිදි සමාන උපාධ්‍යාය බව ඇති පරිදි සමාන ඇදුරු බව ඇති පරිදි.

සඞ‍්ඝිකං නාම: සඞ‍්ඝස‍්ස දින‍්නං හොති පරිච‍්චත‍්තං.

සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දක් පරිත්‍යක්තයෙක් වෙයි.

ලාභො නාම: චීවරපිණ‍්ඩපාතසෙනාසනගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරා අන‍්තමසො චුණ‍්ණපිණ‍්ඩොපි දන‍්තකට‍්ඨම‍්පි දසිකසුත‍්තම‍්පි,

ලාභ නම්: චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර යැ, යටත් පිරිසෙයින් සුණු පිඬු ද දැහැටු ද දහවලුහුය ද.

පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජෙය්‍යාති: උපසම‍්පන‍්නස‍්ස සඞ‍්ඝෙන සම‍්මතස‍්ස සෙනාසනපඤ‍්ඤාපකස‍්ස වා භත‍්තුද‍්දෙසකස‍්ස වා යාගුභාජකස‍්ස වා ඵලභාජකස‍්ස වා ඛජ‍්ජභාජකස‍්ස වා අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජකස‍්ස වා චීවරං දින‍්නෙ ඛීයති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්‍ය; සඞ්ඝයා විසින් සම්මත වූ උපසපන් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳදැයක් බෙදා ලන්නකුහට හෝ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වේ.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී චීවරං දින‍්නෙ ඛීයති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකො චීවරං දින‍්නෙ ඛීයති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී චීවරං දින‍්නෙ ඛීයති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇති යේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤං පරික‍්ඛාරං දින‍්නෙ ඛීයති ආපත‍්ති දුක‍්කටස‍්ස. උපසම‍්පන‍්නස‍්ස සඞ‍්ඝෙන අසම‍්මතස‍්ස සෙනාසනපඤ‍්ඤාපකස‍්ස වා භත‍්තුද‍්දෙසකස‍්ස වා යාගුභාජකස‍්ස වා ඵලභාජකස‍්ස වා ඛජ‍්ජභාජකස‍්ස වා අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජකස‍්ස වා චීවරං වා අඤ‍්ඤං වා පරික‍්ඛාරං දින‍්නෙ ඛීයති ආපත‍්ති දුක‍්කටස‍්ස.

අන් පිරිකරක් දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. සඞ්ඝයා විසින් සම්මත නො වූ උපසපන් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳ දැයක් බෙදාලන්නකුහට හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නස‍්ස සඞ‍්ඝෙන සම‍්මතස‍්ස වා අසම‍්මතස‍්ස වා සෙනාසනපඤ‍්ඤාපකස‍්ස වා භත‍්තුද‍්දෙසකස‍්ස වා යාගුභාජකස‍්ස වා ඵලභාජකස‍්ස වා ඛජ‍්ජභාජකස‍්ස වා අප‍්පමත‍්තකවිස‍්සජ‍්ජකස‍්ස වා චීවරං වා අඤ‍්ඤං වා පරික‍්ඛාරං දින‍්නෙ ඛීයති ආපත‍්ති දුක‍්කටස‍්ස.

සඞ්ඝයා විසින් සම්මත වූ හෝ සම්මත නො වූ හෝ අනුපසපනක් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳ දැයක් බෙදා ලන්නකුහට හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වේ.

අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී අනාපත‍්ති.

නො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොදැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නොදැහැමිකම් සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: පකතියා ඡන්‍දා දොසා මොහා භයා කරොන‍්තං ක්‍වත්‍ථො තස‍්ස දින‍්නෙන ලද‍්ධාපි විනිපාතෙස‍්සති න සම‍්මා උපනෙස‍්සතීති ඛීයති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

ප්‍රකෘතියෙන් ඡන්‍දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් භයෙන් කරන්නහුට, ඔහුට දුන් දැයින් කවර වැඩෙක් ද, ලැබ ද නසාපියන්නේ යැ, මොනවට නො එළවන්නේ යැ යි ගරහා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

දබ‍්බසික‍්ඛාපදං එකාදසමං.

එකොළොස්වැනි දබ්බ ශික්‍ෂාපද යි.