යෙදුමෙන් කියවන්න

ඡන්‍දංඅදත්‍වාගමනසික‍්ඛාපදං

6. 8. 10.

6. 8. 10.

ඡන්‍දංඅදත්‍වාගමනසික‍්ඛාපදං

ඡන්‍දංඅදත්‍වාගමන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සඞ‍්ඝො සන‍්නිපතිතො හොති කෙනචිදෙව කරණීයෙන. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ චීවරකම‍්මං කරොන‍්තා එකස‍්ස ඡන්‍දං අදංසු. අථ ඛො සඞ‍්ඝො යස‍්සත්‍ථාය සන‍්නිපතිතො තං කම‍්මං කරිස‍්සාමීති ඤත‍්තිං ඨපෙසි. අථ ඛො සො භික‍්ඛු එවමෙවිමෙ එකමෙකස‍්ස කම‍්මං කරොන‍්ති. කස‍්ස තුම‍්හෙ කම‍්මං කරිස‍්සථාති ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කාමි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සඞ්ඝයා කිසියම් කරුණෙකින් රැස් වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්‍දය දුන්හු. එකල්හි සඞ්ඝයා යමක්හු සඳහා රැස් වූයේ නම් ඒ කර්‍මය කරන්නෙමැ යි ඥප්තිය තැබී යැ. එකල්හි ඒ මහණ මෙපරිද්දෙන් මැ මොහු එකක් එකක්හට කර්‍ම කෙරෙති. තෙපි කවරක්හට කර්‍ම කරන්නහු දැයි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියේ යි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම භික‍්ඛු සඞ‍්ඝෙ විනිච‍්ඡයකථාය වත‍්තමානාය ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛු සඞ‍්ඝෙ විනිච‍්ඡයකථාය වත‍්තමානාය ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමසීති, සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස සඞ‍්ඝෙ විනිච‍්ඡයකථාය වත‍්තමානාය ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියේ”දැ යි ... සැබෑ ද මහණ තෝ සඟමැද විනිශ්චයකථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට යෙහි දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට ගියහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හො නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“යො පන භික‍්ඛු සඞ‍්ඝෙ විනිච‍්ඡයකථාය වත‍්තමානාය ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් සඟමැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිටැ බැහැරැ යන්නේ නම් පචිති වේ” යැ යි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

සඞ‍්ඝෙ විනිච‍්ඡයකථා නාම: වත්‍ථු වා ආරොචිතං හොති අවිනිච‍්ඡිතං, ඤත‍්ති වා ඨපිතා හොති කම‍්මවාචා වා විප‍්පකතා.

සඞ්ඝේ විනිච්ඡයකථා නම්: වස්තුව ආරෝචනය කරන ලද්දේ හෝ විනිශ්චය නො කරන ලද්දේ හෝ වෙයි. ඥප්තිය තබන ලද හෝ කම්වදන් නො නිමියේ හෝ වෙයි.

ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමෙය්‍යාති: කථං ඉදං කම‍්මං කුප‍්පං අස‍්ස වග‍්ගං අස‍්ස න කරෙය්‍යාති ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස. පරිසාය හත්‍ථපාසං විජහන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්ස. විජහිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ඡන්‍දං අදත්‍වා උට්ඨායාසනා පක්කමෙය්‍ය: කෙසේ මේ කර්‍මය කෝප්‍ය වන්නේ ද ව්‍යග්‍ර වන්නේ ද නො කරන්නේ දැ යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිසෙන් අත්පස හරනාහට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිත් ඇවැත් වේ.

4. ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකො ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමති ආපත‍්ති දුක‍්කටස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමති අනාපත‍්ති.

4. දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැර යේ නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟිට බැහැරැ යේ නම් ඇවැත් නැති.

5. අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී අනාපත‍්ති.

5. නො දැහැමිකම්හි දැහැමිකම් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම් සන් ඇතියේ නම් ඇවැත් නැති.

6. අනාපත‍්ති: සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං වා කලහො වා විග‍්ගහො වා විවාදො වා භවිස‍්සතීති ගච‍්ඡති. සඞ‍්ඝභෙදො වා සඞ‍්ඝරාජි වා භවිස‍්සතීති ගච‍්ඡති අධම‍්මෙන වා වග‍්ගෙන වා න කම‍්මාරහස‍්ස වා කම‍්මං කරිස‍්සතීති ගච‍්ඡති, ගිලානො වා ගච‍්ඡති, ගිලානස‍්ස කරණීයෙන වා ගච‍්ඡති උච‍්චාරෙන වා පස‍්සාවෙන වා පීළිතො ගච‍්ඡති, න කම‍්මං කොපෙතුකාමො පුන පච‍්චාගමිස‍්සාමීති ගච‍්ඡති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

6. සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විරුද්ධවාදයෙක් හෝ වන්නේ යැ යි යේ නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි යේ නම්, අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට කර්‍ම කරන්නේ යැ යි හෝ යේ නම්, ගිලන් වැ හෝ යේ නම්, ගිලනක්හුගේ කළයුත්තෙකින් හෝ යේ නම්, මහවටනින් හෝ සුළුවටනින් හෝ පෙළෙනුයේ යේ නම් කර්‍මය කෝප්‍ය කරනු කැමැත්තක් නැතියේ යළි පෙරළා එන්නෙමැ යි යේ නම් (ඇවැත් නොවේ), උම්මත්තකයහට ආදිකම්මියහට ඇවැත් නැති.

ඡන්‍දංඅදත්‍වාගමනසික‍්ඛාපදං දසමං.

දසවැනි ඡන්‍දංඅදත්‍වාගමන ශික්‍ෂාපද යි.