යෙදුමෙන් කියවන්න

කම‍්මපටිබාහනසික‍්ඛාපදං

6. 8. 9.

6. 8. 9.

කම‍්මපටිබාහනසික‍්ඛාපදං

කම්මපටිබාහන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අනාචාරං ආචරිත්‍වා එකමෙකස‍්ස කම‍්මෙ කයිරමානෙ පටික‍්කොසන‍්ති තෙන ඛො පන සමයෙන සඞ‍්ඝො සන‍්නිපතිතො හොති කෙනචිදෙව කරණීයෙන. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ චීවරකම‍්මං කරොන‍්තා එකස‍්ස ඡන්‍දං අදංසු. අථ ඛො සඞ‍්ඝො අයං ආවුසො ඡබ‍්බග‍්ගියො භික‍්ඛු එකකො ආගතො හන්‍දස‍්ස මයං කම‍්මං කරොමාති තස‍්ස කම‍්මං අකාසි. අථ ඛො සො භික‍්ඛු යෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තෙනුපසඞ‍්කමි. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තං භික‍්ඛුං එතදවොචුං. “කිං ආවුසො සඞ‍්ඝො අකාසී”ති? සඞ‍්ඝො මෙ ආවුසො කම‍්මං අකාසීති. න මයං ආවුසො එතදත්‍ථාය ඡන්‍දං අදම‍්හ තුය‍්හං කම‍්මං කරිස‍්සතීති. සචෙ ච මයං ජානෙය්‍යාම තුය‍්හං කම‍්මං කරිස‍්සතීති න මයං ඡන්‍දං දදෙය්‍යාමාති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට එකක් එකක්හට කර්‍ම කරනු ලබන කල්හි වළහත්. එසමයෙහි වනාහි කිසියම් කරුණෙකින් සඞ්ඝයා රැස්වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්‍දය දුන්හු. එකල්හි සඞ්ඝයා ඇවැත්නි, මේ සවග මහණ එකලා වැ පැමිණියේ යැ. එබැවින් ඇපි මොහුට කර්‍ම කරම්හ යි ඔහට කර්‍ම කෙළේ යැ. එකල්හි එ මහණ සවග මහණුන් වෙතැ එළැඹියේ යැ. සවග මහණහු එ මහණහට මෙය කීහු. ඇවැත්නි, සඞ්ඝයා කුමක් කෙළේ දැයි. ඇවැත්නි, සඞ්ඝයා මාහට කර්‍ම කෙළේ යැ යි. ඇවැත්නි, ඇපි තොපට කර්‍ම කරන්නේ යැ යි තෙල කරුණ සඳහා ඡන්‍දය නුදුම්හ. ඉදින් තොපට කර්‍ම කරන්නේ යැයි ඇපි දන්නමෝ නම් ඇපි ඡන්‍දය නො දෙම්හ යි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ධම‍්මිකානං කම‍්මානං ඡන්‍දං දත්‍වා පච‍්ඡා ආපජ‍්ජිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ ධම‍්මිකානං කම‍්මානං ඡන්‍දං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා ධම‍්මිකානං කම‍්මානං ඡන්‍දං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණියේ”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු ධම‍්මිකානං කම‍්මානං ඡන්‍දං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් දැහැමි කර්‍මයනට ඡන්‍දය දී පසු වැ ගරහන බවට පැමිණෙන්නේ නම් පචිති වේ”යයි.

3 යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

ධම‍්මිකං නාම කම‍්මං: අපලොකනකම‍්මං ඤත‍්තිකම‍්මං ඤත‍්තිදුතියකම‍්මං ඤත‍්තිචතුත්‍ථකම‍්මං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන කතං එතං ධම‍්මිකං නාම කම‍්මං, ඡන්‍දං දත්‍වා ඛීයති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ධම්මික කම්ම නම්: අපලෝකන කර්‍ම යැ ඥප්ති කර්‍ම යැ ඥප්තිද්විතීය කර්‍ම යැ, ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍ම යි. ධර්‍මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද තෙල කර්‍මය ධම්මික නම් වෙයි. ඡන්‍දය දී ගරහා නම් පචිති ඇවැත් වේ.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී ඡන්‍දං දත්‍වං ඛීයති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකො ඡන්‍දං දත්‍වා ඛීයති ආපත‍්ති දුක‍්කටස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී ඡන්‍දං දත්‍වා ඛීයති අනාපත‍්ති.

දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ ඡන්‍දය දී ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ ඡන්‍දය දී ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමි කම්සන් ඇතියේ ඡන්‍දය දී ගරහා නම් ඇවැත් නැති.

අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී අනාපත‍්ති.

නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අධම‍්මෙන වා වග‍්ගෙන වා න කම‍්මාරහස‍්ස වා කතන‍්ති ජානන‍්තො ඛීයති උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

අධර්‍මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට කර්‍ම කරන ලදැ යි දන්නේ ගරහා නම් (ඇවැත් නොවේ), උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

කම‍්මපටිබාහන සික‍්ඛාපදං නවමං.

නවවැනි කම්මපටිබාහන ශික්‍ෂාපද යි.