උපස්සුතිසික්ඛාපදං
6. 8. 8.
6. 8. 8.
උපස්සුතිසික්ඛාපදං
උපස්සුති ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පෙසලෙහි භික්ඛූහි සද්ධිං භණ්ඩෙන්ති. පෙසලා භික්ඛූ එවං වදෙන්ති: “අලජ්ජිනො ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ න සක්කා ඉමෙහි සහ භණ්ඩිතුන්ති. ඡබ්බග්ගියා භික්ඛූ එවං වදෙන්ති. “කිස්ස තුම්හෙ ආවුසො අම්හෙ අලජ්ජිවාදෙන පාපෙථා”ති. “කහං පන තුම්හෙ ආවුසො අස්සුත්ථාති. මයං ආයස්මන්තානං උපස්සුතිං තිට්ඨම්හා”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු ප්‍රියශීලී භික්ෂූන් සමඟ ඩබර කෙරෙති. ප්‍රියශීලී භික්ෂූහු මෙසේ කියත්: “ඇවැත්නි මේ සවග මහණහු අලජ්ජීහු යැ, මොවුන් සමඟ ඩබර කරන්නට නොහැකි” යැ යි සවග මහණහු මෙසේ කියත්: “කුමකට ඇවැත්නි, තෙපි අප අලජ්ජීවාදයෙන් පමුණුවවු” දැ යි ඇවැත්නි, තෙපි කොබ සිටැ ඇසුවහු දැ යි. ඇපි ආයුෂ්මතුන්ගේ බස් ඇසෙන තන්හි සිටියම්හ යි.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨිස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්; “කෙසේ නම් සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැස ගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටියෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටිවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු භික්ඛූනං භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං උපස්සුතිං තිට්ඨෙය්ය යං ඉමෙ භණිස්සන්ති තං සොස්සාමීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං, පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට පැමිණි මහණුන්ගේ බස් ඇසෙන තන්හි මොහු යමක් බෙණෙත් නම් එය අසන්නෙමැ’යි අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට සිටින්නේ නම් පචිති වේ” යයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛූනන්ති: අඤ්ඤෙසං භික්ඛූනං.
භික්ඛූනං: අන් මහණුන්ගේ.
භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානන්ති: අධිකරණජාතානං.
භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං: හටගත් අධිකරණ ඇතියවුන්ගේ.
උපස්සුතිං තිට්ඨෙය්යාති: ඉමෙසං සුත්වා චොදෙස්සාමි සාරෙස්සාමි පටිචොදෙස්සාමි පටිසාරෙස්සාමි මඞ්කුකරිස්සාමීති ගච්ඡති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො සුණාති ආපත්ති පාචිත්තියස්ස. පච්ඡතො ගච්ඡන්තො තුරිතො ගච්ඡති සොස්සාමීති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො සුණාති ආපත්ති පාචිත්තියස්ස. පුරතො ගච්ඡන්තො ඔහීයති සොස්සාමීති ආපත්ති දුක්කටස්ස. යත්ථ ඨිතො සුණාති ආපත්ති පාචිත්තියස්ස. භික්ඛුස්ස ඨිතොකාසං වා නිසින්නොකාසං වා නිපන්නොකාසං වා ආගන්ත්වා මන්තෙන්තං උක්කාසිතබ්බං විජානාපෙතබ්බං නො චෙ උක්කාසෙය්ය වා විජානාපෙය්ය වා ආපත්ති පාචිත්තියස්ස.
උපස්සුතිං තිට්ඨෙය්ය: මොවුන්ගේ බස් අසා චෝදනා කරන්නෙමි සිහි කරවන්නෙමි නැවැතැ චෝදනා කරන්නෙමි නැවැතැ සිහි කරවන්නෙමි මකු කරන්නෙමැ යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ අසා නම් පචිති වෙයි. පසු වැ යන්නේ අසන්නෙමැ යි යුහු වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියේ අසා නම් පචිති ඇවැත් වෙයි. පෙරටු වැ යන්නේ අසන්නෙමැ යි පසුබසිමින් එලිඑලී යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ අසා නම් පචිති ඇවැත් වෙයි. මහණක්හුගේ සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ අවුත් මන්ත්‍රණය කරන්නහුට කෑරිය යුතු යැ දැන්විය යුතු යැ. ඉදින් නොකරන්නේ නම් නො දන්වන්නේ නම් හෝ පචිති ඇවැත් වේ.
එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤන්ති: න අඤ්ඤො කොචි පච්චයො හොති උපස්සුතිං තිට්ඨිතුං.
ඒතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං: බස් ඇසෙන තන්හි සිටින්නහට අන් කිසිදු කරුණෙක් නැත.
උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී උපස්සුතිං තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො උපස්සුතිං තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී උපස්සුතිං තිට්ඨති ආපත්ති පාචිත්තියස්ස.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වේ.
අනුපසම්පන්නස්ස උපස්සුතිං තිට්ඨති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හුගේ බස් ඇසෙන තන්හි සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: ඉමෙසං සුත්වා ඔරමිස්සාමි විරමිස්සාමි වූපසමිස්සාමි අත්තානං පරිමොචෙස්සාමීති ගච්ඡති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
මොවුන්ගේ බස් අසා මිදෙන්නෙමි වළකින්නෙමි සන්හිඳින්නෙමි තමා හාත්පසින් මිදෙන්නෙමැ යි යේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
උපස්සුතිසික්ඛාපදං අට්ඨමං.
අටවැනි උපස්සුති ශික්ෂාපද යි.