සඤ්චිච්චසික්ඛාපදං
6. 8. 7.
6. 8. 7.
සඤ්චිච්චසික්ඛාපදං
සඤ්විච්ච ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සත්තරසවග්ගියානං භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහන්ති: “භගවතා ආවුසො සික්ඛාපදං පඤ්ඤත්තං ‘න ඌනවීසතිවස්සො පුග්ගලො උපසම්පාදෙතබ්බො’ති. තුම්හෙ ච ඌනවීසතිවස්සා උපසම්පන්නා කච්චි නො තුම්හෙ අනුපසම්පන්නා”ති. තෙ රොදන්ති, භික්ඛූ එවමාහංසු “කිස්ස තුම්හෙ ආවුසො රොදථා”ති. ඉමෙ ආවුසො ඡබ්බග්ගියා භික්ඛූ අම්හාකං සඤ්චිච්ච කුක්කුච්චං උපදහන්තීති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස් වග මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවති. “ඇවැත්නි, භාග්‍යවතුන් විසින් උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ උපසපන් නො කැරැවිය යුතු යැ යි සිකපදයෙක් පනවන ලදී. තෙපි දු උනුවිසිවස් ඇතියව්හු උපසපන් වූවහු යැ. කිම, තෙපි අනුපසපන්හු”දැ යි. ඔහු හඬත්. භික්ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු”දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අපට දැනැදැනැ කුකුස් උපදවතැ යි.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහිස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛූනං සඤ්චිච්ච කුක්කුච්චං උපදහිස්සථ, නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන්හට දැනැදැනැ කුකුස් ඉපැදවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් ඉපැදවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යො පන භික්ඛු භික්ඛුස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහෙය්ය ඉතිස්ස මුහුත්තම්පි අඵාසු භවිස්සතීති එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් මහණක්හට ‘මෙයින් මොහුට ඇසිල්ලකුදු නො පහසුවෙක් වන්නේ’යැ යි දැන දැනැ අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට කුකුස් උපදවන්නේ නම් පචිති වේ” යයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුස්සාති: අඤ්ඤස්ස භික්ඛුස්ස.
භික්ඛුස්ස: අන් මහණක්හට,
සඤ්චිච්චාති: ජානන්තො සඤ්ජානන්තො චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො.
සඤ්විච්ච: දන්නේ මැනැවින් දන්නේ සිතා මෙහෙයා විකුම් කිරීම යි.
කුක්කුච්චං උපදහෙය්යාති: ඌනවීසතිවස්සො මඤ්ඤෙ ත්වං උපසම්පන්නො. විකාලෙ මඤ්ඤෙ තයා භුත්තං මජ්ජං මඤ්ඤෙ තයා පීතං මාතුගාමෙන සද්ධිං රහො මඤ්ඤෙ තයා නිසින්නන්ති කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස.
කුක්කුච්චං උපදහෙය්ය: තෙපි උනුවිසිවස් ඇති වැ උපසපන් වූහු යි හඟිමි. තොප විකල්හි වළඳන ලදැ යි හඟිම්. තොප මත්පැන් බොන ලදැ යි හඟිම්. තොප නොරඹුරෙහි මාගමක හා හිනැ යි හඟිමැ යි කුකුස් උපදවා නම් පචිති ඇවැත් වේ.
එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤන්ති: න අඤ්ඤො කොචි පච්චයො හොති කුක්කුච්චං උපදහිතුං.
ඒතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං: කුකුස් උපදවන්නට අන් කිසිදු කරුණෙක් නැති.
උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී සඤ්චිච්ච කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො සඤ්චිච්ච කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී සඤ්චිච්ච කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වේ.
අනුපසම්පන්නස්ස සඤ්චිච්ච කුක්කුච්චං උපදහති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හට දැනැ දැනැ කුකුස් උපදවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: න කුක්කුච්චං උපදහිතුකාමො ඌනවීසතිවස්සො මඤ්ඤෙ ත්වං උපසම්පන්නො විකාලෙ මඤ්ඤෙ තයා භුත්තං මජ්ජං මඤ්ඤෙ තයා පීතං මාතුගාමෙන සද්ධිං රහො මඤ්ඤෙ තයා නිසින්නං ඉඞ්ඝ ජානාහි මා තෙ පච්ඡා කුක්කුච්චං අහොසීති භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
කුකුස් නො උපදවනු කැමැත්තේ “තෙපි උනු විසි වස් ඇති වැ උපසපන් වූහු යි හඟිම්, තොප විකල්හි වළඳන ලදැ යි හඟිම්, තොප මත් පැන් බොන ලදැ යි හඟිම්, තොප නොරඹුරෙහි මාගමක සමග හිනැ යි හඟිම්, එබැවින් දනුව, තොපට පසුවැ කුකුසෙක් නහමක් වේව යි බෙණේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සඤ්චිච්චසික්ඛාපදං සත්තමං.
සත්වැනි සඤ්විච්ච ශික්ෂාපද යි.