යෙදුමෙන් කියවන්න

අමූලකසික‍්ඛාපදං

6. 8. 6.

6. 8. 6.

අමූලකසික‍්ඛාපදං

අමූලක ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුං අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙන‍්ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කරති.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුං අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ භික‍්ඛුං අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙථා”ති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා භික‍්ඛුං අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණක් හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කොළෝ”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කරවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුං අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් මහණක්හට අමුල් සඟවෙසෙසකින් චෝදනා කරන්නේ නම් පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.

භික‍්ඛුන‍්ති: අඤ‍්ඤං භික‍්ඛුං.

භික්ඛුං: අන් මහණක්හු,

අමූලකං නාම: අදිට‍්ඨං අසුතං අපරිසඞ‍්කිතං.

අමූලක නම්: නො දක්නා ලද්ද යැ නො අසන ලද්ද යැ සැක නො කරන ලද්ද යි.

සඞ‍්ඝාදිසෙසෙනාති: තෙරසන‍්නං අඤ‍්ඤතරෙන.

සඞ්ඝාදිසේසෙන: තෙළෙස් සඟවෙසෙසුන් අතුරෙන් එක්තරයෙකින්,

අනුද‍්ධංසෙය්‍යාති: චොදෙති වා චොදාපෙති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අනුද්ධංසෙය්‍ය: චෝදනා කෙරේ නම් හෝ චෝදනා කරවා නම් හෝ පචිති ඇවැත් වේ.

උපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ වෙමතිකො අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ අමුල් සඟ වෙසෙසෙකින් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ අමුල් සඟවෙසෙසෙකින් චෝදනා කරයි නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ අමුල් සඟවෙසෙසෙකින් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වේ.

ආචාරවිපත‍්තියා වා දිට‍්ඨිවිපත‍්තියා වා අනුද‍්ධංසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නං අනුද‍්ධංසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

ආචාරවිපත්තියෙකින් හෝ දෘෂ්ටිවිපත්තියෙකින් හෝ චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හට චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: තථාසඤ‍්ඤී චොදෙති වා චොදාපෙති වා උම‍්මත‍්තකස‍්ස වා ආදිකම‍්මිකස‍්සාති.

එසේ සඟවෙසෙස් සන් ඇතියේ චෝදනා කෙරේ නම් හෝ චෝදනා කරවා නම් හෝ ඇවැත් නැත, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.

අමූලකසික‍්ඛාපදං ඡට‍්ඨමං.

සවැනි අමූලකශික්‍ෂාපද යි.