යෙදුමෙන් කියවන්න

තලසත‍්තිකසික‍්ඛාපදං

6. 8. 5.

6. 8. 5.

තලසත‍්තිකසික‍්ඛාපදං

තලසත්තික ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා සත‍්තරසවග‍්ගියානං භික‍්ඛූනං තලසත‍්තිකං උග‍්ගිරන‍්ති. තෙ පහාරසමුඤ‍්චිතා රොදන‍්ති. භික‍්ඛූ එවමාහංසු: “කිස‍්ස තුම‍්හෙ ආවුසො රොදථා”ති? ඉමෙ ආවුසො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා අම‍්හාකං තලසත‍්තිකං උග‍්ගිරන‍්තීති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙත්. එසමයෙහි වනාහි සවග මහණහු කිපියෝ නොසියමන්වූවෝ සතළොස්වගැ මහණුන්හට තලසැත් නඟා දක්වති. ඔහු පුරුදු පහර එතියි හඟනාහු හඬති. භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපියෝ නොසියමන්වූවෝ අපහට තලසැත් නඟා දක්වන්නාහ යි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා භික‍්ඛූනං තලසත‍්තිකං උග‍්ගිරිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ කුපිතා අනත‍්තමනා භික‍්ඛූනං තලසත‍්තිකං උග‍්ගිරථා’ති සච‍්චං, භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා කුපිතා අනත‍්තමනා භික‍්ඛූනං තලසත‍්තිකං උග‍්ගිරිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු කිපියෝ නො සියමන් වූවෝ මහණුන්හට තලසැත් නඟා දැක්වූහු”දැයි ... සැබෑ ද මහණෙනි, තෙපි කිපියාහු නො සියමන් වූවාහු මහණුන්හට තලසැත් නඟා දක්වවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියාහු නොසියමන්වූවාහු මහණුන්හට තලසැත් නඟා දැක්වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුස‍්ස කුපිතො අනත‍්තමනො තලසත‍්තිකං උග‍්ගිරෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් කිපියේ නො සියමන් වූයේ මහණක්හට තලසැත් නඟන්නේ නම් පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

භික‍්ඛුස‍්සාති: අඤ‍්ඤස‍්ස භික‍්ඛුස‍්ස.

භික්ඛුස්ස: අන් මහණක්හට,

කුපිතො අනත‍්තමනොති: අනභිරද‍්ධො ආහතචිත‍්තො ඛිලජාතො.

කුපිතෝ අනත්තමනෝ: නො සතුටු වූයේ ප්‍රතිඝයෙන් හැපුණු සිත් ඇතියේ හටගත් පිළඝුහුල් ඇතියේ,

තලසත‍්තිකං උග‍්ගිරෙය්‍යාති: කායං වා කායපටිබද‍්ධං වා අන‍්තමසො උප‍්පලපත‍්තම‍්පි උච‍්චාරෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තලසත්තිකං උග්ගිරෙය්‍ය: කය හෝ කය පිළිබද්දක් හෝ යටත් පිරිසෙයින් උපුල්පතකුදු නඟා දක්වා නම් පචිති ඇවැත් වේ.

උපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී කුපිතො අනත‍්තමනො තලසත‍්තිකං උග‍්ගිරති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ වෙමතිකො කුපිතො අනත‍්තමනො තලසත‍්තිකං උග‍්ගිරති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී කුපිතො අනත‍්තමනො තලසත‍්තිකං උග‍්ගිරති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ කිපියේ නො සියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වේ. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ කිපියේ නොසියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ කිපියේ නොසියමන් වූයේ තලසැත් නඟා දක්වා නම් පචිති ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නස‍්ස කුපිතො අනත‍්තමනො තලසත‍්තිකං උග‍්ගිරති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපසපනක්හට කිපියේ නොසියමන්වූයේ තලසැත් නඟා දක්වා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: කෙනචි විහෙඨීයමානො මොක‍්ඛාධිප‍්පායො තලසත‍්තිකං උග‍්ගිරති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

කිසිවකු විසිනුදු වෙහෙසනු ලබන්නේ මිදෙනු කැමැති වැ තල සැත් නඟා දක්වා නම් ඇවැත් නැත, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.

තලසත‍්තිකසික‍්ඛාපදං පඤ‍්චමං.

පස්වැනි තලසත්තික ශික්‍ෂාපද යි.