යෙදුමෙන් කියවන්න

පහාරසික‍්ඛාපදං

6. 8. 4.

6. 8. 4.

පහාරසික‍්ඛාපදං

පහාර ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා සත‍්තරසවග‍්ගියානං භික‍්ඛූනං පහාරං දෙන‍්ති. තෙ රොදන‍්ති. භික‍්ඛූ එවමාහංසු: “කිස‍්ස තුම‍්හෙ ආවුසො රොදථා”ති. ඉමෙ ආවුසො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා අම‍්හාකං පහාරං දෙන‍්තීති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු කිපියෝ නොසියමන් ඇත්තෝ සතළොස්වගැ මහණුන්හට පහර දෙති. ඔහු හඬත්, භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපී නොසියමන් වැ අපහට පහර දෙති යි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා භික‍්ඛූනං පහාරං දස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ කුපිතා අනත‍්තමනා භික‍්ඛූනං පහාරං දෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා කුපිතා අනත‍්තමනා භික‍්ඛූනං පහාරං දස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු කිපියෝ නොසියමන් වූවෝ මහණුන්හට පහර දුන්නු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි කිපියාහු නොසියමන් වූවාහු මහණුන්හට පහර දෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියෝ නොසියමන් වූවෝ මහණුන්හට පහර දුන්නහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුස‍්ස කුපිතො අනත‍්තමනො පහාරං දදෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් මහණක්හට කිපියේ නොසියමන් වූයේ පහර දෙන්නේ නම් පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන යනු යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

භික‍්ඛුස‍්සාති: අඤ‍්ඤස‍්ස භික‍්ඛුස‍්ස.

භික්ඛුස්ස යනු අන් මහණක්හට,

කුපිතො අනත‍්තමනොති: අනභිරද‍්ධො ආහතචිත‍්තො ඛිලජාතො.

කුපිතෝ අනත්තමනෝ යනු නොසතුටු වූයේ ප්‍රතිඝයෙන් ගැටුණු සිත් ඇතියේ හටගත් පිළිඝුහුල් ඇතියේ,

පහාරං දදෙය්‍යාති: කායෙන වා කායපටිබද‍්ධෙන වා නිස‍්සග‍්ගියෙන වා අන‍්තමසො උප‍්පලපත‍්තෙනපි පහාරං දෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

පහාරං දදෙය්‍ය යනු කයින් හෝ කය පිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ යටත් පිරිසෙයින් උපුල් පතිනුදු පහර දේ නම් පචිති ඇවැත් වේ.

4. උපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී කුපිතො අනත‍්තමනො පහාරං දෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ වෙමතිකො කුපිතො අනත‍්තමනො පහාරං දෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී කුපිතො අනත‍්තමනො පහාරං දෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

4. උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ කිපියේ නො සියමන් වූයේ පහර දේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ කිපියේ නොසියමන් වූයේ පහරදේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ කිපියේ නොසියමන් වූයේ පහර දේ නම් පචිති ඇවැත් වේ.

5. අනුපසම‍්පන‍්නස‍්ස කුපිතො අනත‍්තමනො පහාරං දෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී, ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

5. අනුපසපනක්හට කිපියේ නොසියමන් වූයේ පහර දේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපනුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

6. අනාපත‍්ති: කෙනචි විහෙඨීයමානො මොක‍්ඛාධිප‍්පායො පහාරං දෙති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

6. කිසිවකු විසිනුදු වෙහෙසනු ලබන්නේ මිදෙනු කැමැති වැ පහර දේ නම් ඇවැත් නැත. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.

පහාරසික‍්ඛාපදං චතුත්‍ථං

සිවුවැනි පහාරශික්‍ෂාපද යි.