යෙදුමෙන් කියවන්න

මොහනසික‍්ඛාපදං

6. 8. 3.

6. 8. 3.

මොහනසික‍්ඛාපදං

මෝහන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අනාචාරං ආචරිත්‍වා අඤ‍්ඤාණකෙන ආපන‍්නාති ජානන‍්තූති පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ එවං වදෙන‍්ති. “ඉදානෙව ඛො මයං ජානාම අයම‍්පි කිර ධම‍්මො සුත‍්තාගතො සුත‍්තපරියාපන‍්නො අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡතී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ ජේතවන අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට නො දැනීමෙන් අවන්හ යි දනිත්වා යි පාමොක් උදෙසනු ලබන කල්හි මෙසේ කියත්; “මේ ශික්‍ෂාපදධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණේ යි මෙ දැන් මැ ඇපි දනුම්හ”යි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ එවං වක‍්ඛන‍්ති: ‘ඉදානෙව ඛො මයං ජානාම අයම‍්පි කිර ධම‍්මො සුත‍්තාගතො සුත‍්තපරියාපන‍්නො අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡතී”ති. -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ එවං වදෙථ. ඉදානෙව ඛො මයං ජානාම අයම‍්පි කිර ධම‍්මො සුත‍්තාගතො සුත‍්තපරියාපන‍්නො අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡතී”ති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ එවං වක‍්ඛථ. “ඉදානෙව ඛො මයං ජානාම අයම‍්පි කිර ධම‍්මො සුත‍්තාගතො සුත‍්තපරියාපන‍්නො අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡතී”ති. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපදධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැ යි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කීහු”ද? ... සැබෑ ද මහණෙනි, තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපද ධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැයි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කියවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපද ධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැ යි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කියන්නහු ද හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු අන්‍වද‍්ධමාසං පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ එවං වදෙය්‍ය ඉදානෙව ඛො අහං ජානාමි අයම‍්පි කිර ධම‍්මො සුත‍්තාගතො සුත‍්තපරියාපන‍්නො අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡතීති. තඤ‍්චෙ භික‍්ඛුං අඤ‍්ඤෙ භික‍්ඛූ ජානෙය්‍යුං නිසින‍්නපුබ‍්බං ඉමිනා භික‍්ඛුනා ද‍්වත‍්තික‍්ඛත‍්තුං පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ කො පන වාදො භිය්‍යො න ච තස‍්ස භික‍්ඛුනො අඤ‍්ඤාණකෙන මුත‍්ති අත්‍ථි යඤ‍්ච තත්‍ථ ආපත‍්තිං ආපන‍්නො තඤ‍්ච යථාධම‍්මො කාරෙතබ‍්බො උත‍්තරිං චස‍්ස මොහො ආරොපෙතබ‍්බො තස‍්ස තෙ ආවුසො අලාභා තස‍්ස තෙ දුල‍්ලද‍්ධං යං ත්‍වං පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ න සාධුකං අට‍්ඨිකත්‍වා මනසිකරොසීති. ඉදං තස‍්මිං මොහනකෙ පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් අඩමසක් පාසා පාමොක් උදෙසනු ලබන කල්හි මෙසේ කියා නම්; “මෙ දහම ද විනයෙහි ආයේ විනයෙහි ඇතුළු වූයේ අඩ මසක් පාසා උදෙසීමට ඒ ලැ යි මම දැන් මැ දනිමි”යි ඉදින් ඒ මහණ “මේ මහණහු දෙතුන් වරක් පාමොක් උදෙසනු ලබන කල්හි හුන්විරූ”යයි අන් මහණහු දන්නාහු නම් ඒ මහණහට නො දැන්මෙන් මිදීමෙක් නැති, බොහෝ වුව කවර කථා යැ? එහි ලා යම් මැ ඇවැතකට අවනේ නම් ඒ ඇවතින් ධර්‍ම වූ පරිද්දෙන් කැරැවිය යුතු යැ. මත්තෙහි දු ඔහුට ඇවැත, යම් හෙයෙකින් තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මොනවට වැඩ ඇති කොට මෙනෙහි නො කරවු ද (එහෙයින්) ඒ තොපට අලාභයහ. ඒ තොපට දුක් පිණිස ලද්දෙකැයි මෙසේ මෝහය ආරෝපණය කළ යුතු යැ, මෝහනය කරන ඔහු කෙරෙහි මේ පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන යනු: යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

අන්‍වද‍්ධමාසන‍්ති: අනුපොසථිකං.

අන්‍වද්ධමාසං යනු: පොහෝකිරීමක් (පාමොක් උදෙසීමක්) පාසා

පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙති: උද‍්දිසන‍්තෙ.

පාතිමොක්ඛේ උද්දිස්සම නෙ යනු: උදෙසන කල්හි;

එවං වදෙය්‍යාති: අනාචාරං ආචරිත්‍වා අඤ‍්ඤාණකෙන ආපන‍්නොති ජානන‍්තූති පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ එවං වදෙති ඉදානෙව ඛො අහං ජානාමි අයම‍්පි කිර ධම‍්මො සුත‍්තාගතො සුත‍්තපරියාපන‍්නො අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡතී”ති ආපත‍්ති දුක‍්කටස‍්ස.

එවං වදෙය්‍ය යනු: පනත් විකුම් කොට නො දැනීමෙන් අවනැ යි දනිත්ව යි පාමොක් උදෙසන කල්හි “මේ ධර්‍මය ද විනයෙහි ආයේ යැ විනයෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැයි මෙ දැන් මැ මම දනිමි”යි මෙසේ කියා නම් දුකුළා ඇවැත් වේ.

4. තඤ‍්චෙති: මොහෙතුකාමං භික‍්ඛුං අඤ‍්ඤෙ භික‍්ඛූ ජානෙය්‍යුං නිසින‍්නපුබ‍්බං ඉමිනා භික‍්ඛුනා ද‍්වත‍්තික‍්ඛත‍්තුං පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ කො පන වාදො භීයො. න ච තස‍්ස භික‍්ඛුනො අඤ‍්ඤාණකෙන මුත‍්ති අත්‍ථි. යඤ‍්ච තත්‍ථ ආපත‍්තිං ආපන‍්නො තඤ‍්ච යථාධම‍්මො කාරෙතබ‍්බො. උත‍්තරිං චස‍්ස මොහො ආරොපෙතබ‍්බො. එවඤ‍්ච පන භික‍්ඛවෙ ආරොපෙතබ‍්බො. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො:

4. තඤ්චෙ යනු: මුළා කරනු කැමැති මහණහු – දෙතුන් වරක් පාමොක් උදෙසනු ලබන කල්හි මේ මහණ හුන් විරූ යයි” අන් මහණහු දන්නාහු නම් ඒ මහණහට නො දැනීමෙන් මිදීමෙක් නැත, බොහෝ වරෙකැ වුව කවර කථා යැ. එහි ලා යම් ඇවතකට අවනේ නම් එද ධර්‍ම වූ පරිද්දෙන් කැරැවිය යුතු, මත්තෙහි දු ඔහට මෝහය ආරෝපණය කළ යුත්තේ යි. මහණෙනි මෙසේ ආරෝපණය කළ යුතු යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණහු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ න සාධුකං අට‍්ඨිං කත්‍වා මනසි කරොති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො මොහං ආරොපෙය්‍ය එසා ඤත‍්ති.

වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මහණ පාමොක් උදෙසනු ලබන කල්හි මොනවට අර්‍ත්‍ථවත් කොට මෙනෙහි නො කෙරෙයි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට මෝහය ආරෝපණය කරන්නේ යැ තෙල ඥප්ති යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො අයං ඉත්‍ථන‍්නාමො භික‍්ඛු පාතිමොක‍්ඛෙ උද‍්දිස‍්සමානෙ න සාධුකං අට‍්ඨිං කත්‍වා මනසිකරොති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො මොහං ආරොපෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො මොහස‍්ස ආරොපනා සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා මේ මෙනම් ඇති මහණ පාමොක් උදෙසනු ලබන කල්හි මොනොවට අර්‍ත්‍ථවත් කොට මෙනෙහි නො කෙරෙයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට මෝහය ආරෝපණය කරයි. යම් ආයුෂ්මත්නමක්හට මෙනම් මහණහට මෝහය ආරෝපණය කිරීම රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ.

ආරොපිතො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො මොහො, ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමීති.

සඞ්ඝයා විසින් මෙනම් ඇති මහණහට මෝහය ආරෝපණය කරන ලද්දේ යැ සංඝයාහට රුස්නේ යැ එහෙයින් නිහඬ යැ, තෙල මෙසේ දරමි යි.

අනාරොපිතෙ මොහෙ මොහෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. ආරොපිතෙ මොහෙ මොහෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

මෝහය ආරෝපණය නො කළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහය ආරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී මොහෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකො මොහෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී මොහෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

දැහැමිකම්හි දැහැමිකම්සන් ඇති යේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇති යේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නොදැහැමිකම් සන් ඇතියේ මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.

අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී මොහෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකො මොහෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති න විත්‍ථාරෙන සුතං හොති, ඌනකද‍්වත‍්තික‍්ඛත‍්තුං විත්‍ථාරෙන සුතං හොති, න මොහෙතුකාමස‍්ස උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

විස්තර විසින් (පාමොක්) නො අසන ලද නම්, උනු දෙතුන් යළක් විස්තර විසින් අසන ලද නම් (ඇවැත් නො වේ) මුළා නො කරනු කැමැත්තහුට උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.

මොහනසික‍්ඛාපදං තතියං.

තෙවැනි මෝහන ශික්‍ෂාපද යි.