භූතගාමවග‍්ගො දුතියො
5. 2.
5. 2. භූතගාම වර්‍ගය
1. භූතගාමපාතව්‍යතාය පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : ආළවියං පඤ‍්ඤත‍්තං.
1. අමු ලිය රුක් තණ ආදි භූතසමූහය සිඳීමෙහි පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව්පුරයෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ආළවකෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආළවකා භික‍්ඛූ රුක‍්ඛං ඡින්‍දිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව්පුරවැසි මහණහු ගසක් සිඳලූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
2. අඤ‍්ඤවාදකෙ විහෙසකෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : කොසම‍්බියං පඤ‍්ඤත‍්තං.
2. අනෙකක් කීමෙහි ද (නිහඬවීමෙන්) වෙහෙසීමෙහි ද පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසඹෑනුවරැ දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං ඡන‍්නං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා ඡන‍්නො සඞ‍්ඝමජ‍්ඣෙ ආපත‍්තියා අනුයුඤ‍්ජියමානො අඤ‍්ඤෙන අඤ‍්ඤං පටිචරි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ සඟමැද ඇවතින් චෝදනා කරණු ලබනුයේ අනෙකෙකින් අනෙකක් වැසී ය, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
3. උජ‍්ඣාපනකෙ ඛීයනකෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.
3. අවමන් කිරීමෙහි ද අයුණු කීමෙහි ද පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදි.
කං ආරබ‍්භාති : මෙත‍්තියභුම‍්මජකෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූන් ඇරැබැ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : මෙත‍්තියභුම‍්මජකා භික‍්ඛූ ආයස‍්මන‍්තං දබ‍්බං මල‍්ලපුත‍්තං භික‍්ඛූ උජ‍්ඣාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: මෙත්තිය භුම්මජක භික්‍ෂූහු ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයනට භික්‍ෂූන් ලවා අවමන් කරවූහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
4. සඞ‍්ඝිකං මඤ‍්චං වා පීඨං වා භිසිං වා කොච‍්ඡං වා අජ‍්ඣොකාසෙ සන්‍ථරිත්‍වා අනුද‍්ධරිත්‍වා අනාපුච‍්ඡා පක‍්කමන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුවක් හෝ එළිමහනෙහි අතුට නො නගා තබා නො පිළිවිසැ බැහැර යන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ සඞ‍්ඝිකං සෙනාසනං අජ‍්ඣොකාසෙ සන්‍ථරිත්‍වා අනුද‍්ධරිත්‍වා අනාපුච‍්ඡා පක‍්කමිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු සඟසතු සෙනසුන් එළිමහනෙහි අතුට නො නඟා තබා නො පිළිවිසැ බැහැර ගියාහු යැ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- කඨිනකෙ.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
5. සඞ‍්ඝිකෙ විහාරෙ සෙය්‍යං සන්‍ථරිත්‍වා අනුද‍්ධරිත්‍වා අනාපුච‍්ඡා පක‍්කමන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
5. සඟසතු වෙහෙරෙහි ශය්‍යාවක් අතුට නො නඟා තබා නො පිළිවිස බැහැර යන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : සත‍්තරසවග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ සඞ‍්ඝිකෙ විහාරෙ සෙය්‍යං සන්‍ථරිත්‍වා අනුද‍්ධරිත්‍වා අනාපුච‍්ඡා පක‍්කමිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු සඟසතු වෙහෙරෙහි ශය්‍යාවන් අතුට නො නගා තබා නො පිළිවිස බැහැර ගියාහු යැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- කඨිනකෙ.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...
6. සඞ‍්ඝිකෙ විහාරෙ ජානං පුබ‍්බූපගතං භික‍්ඛුං අනුපඛජ‍්ජ සෙය්‍යං කප‍්පෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹ සිටි මහණහු හමුවට වැද ශයනය කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ථෙරෙ භික‍්ඛූ අනුපඛජ‍්ජ සෙය්‍යං කප‍්පෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ස්ථවිර භික්‍ෂූන් හමුවට වැද ශයනය කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නගියි, වචනයෙන් නො නඟී. ...
7. භික‍්ඛුං කුපිතෙන අනත‍්තමනෙන සඞ‍්ඝිකා විහාරා නික‍්කඩ‍්ඪන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
7. කිපී නොසතුටු සිතින් මහණක්හු සඟසතු වෙහෙරින් බැහැර කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කුපිතා අනත‍්තමනා භික‍්ඛූ සඞ‍්ඝිකා විහාරා නික‍්කඩ‍්ඪිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවගමහණහු කිපියාහු නොසතුටු සිත් ඇත්තාහු භික්‍ෂූන් සඟසතු වෙහෙරින් බැහැර කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...
8. සඞ‍්ඝිකෙ විහාරෙ උපරිවෙහාසකුටියා ආහච‍්චපාදකං මඤ‍්චං වා පීඨං වා අභිනිසීදන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
8. සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළුගන්වා කළ පා ඇති ඇඳෙකැ හෝ පුටුවෙකැ හෝ හිඳින්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු සඞ‍්ඝිකෙ විහාරෙ උපරිවෙහාසකුටියා ආහච‍්චපාදකං මඤ‍්චං සහසා අභිනිසීදි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් සඟසතු වෙහෙරෙහි නො සෙවෙණි කළ කිළිය මතුයෙහි වල්හිස විද සිළු ගන්වා කළ පා ඇති ඇඳෙකැ යුහුව හුන්නේ යැ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින්ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. …
9. ද‍්වත‍්තිපරියායෙ අධිට‍්ඨහිත්‍වා තතුත‍්තරිං අධිට‍්ඨහන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : කොසම‍්බියං පඤ‍්ඤත‍්තං.
9. දෙතුන් පරික්‍ෂේපයක් විධාන කොට ඊට වැඩියක් විධාන කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: කොසැඹෑනුවරැ පණවන ලදී.
කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං ඡන‍්නං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා ඡන‍්නො කතපරියොසිතං විහාරං පුනප‍්පුනං ඡාදාපෙසි, පුනප‍්පුනං ලිම‍්පාපෙසි, අතිභාරිකො විහාරො පරිපති, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ කොට නිමවන ලද විහාරයක් පුනපුනා සෙවෙණි කරවීය, පුන පුනා අලෙව් කරවීය. ඉතා බර වූ විහාරය පතිත විය, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...
10. ජානං සප‍්පාණකං උදකං තිණං වා මත‍්තිකං වා සිඤ‍්චන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : ආළවියං පඤ‍්ඤත‍්තං.
10. පණුවන් සහිත දිය දැන දැන තණපත්හි හෝ මැටියෙහි හෝ ඉසින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: අළව් නුවරැදි පණවන ලදී.
කං ආරබ‍්භාති : ආළවිකෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: අළව්පුරවැසි මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආළවකා භික‍්ඛූ ජානං සප‍්පාණකං උදකං තිණම‍්පි මත‍්තිකම‍්පි සිඤ‍්චිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: අළව් පුරවැසි මහණහු පණුවන් සහිත දිය දැන දැන තණපත්හි ද මැටියෙහි ද ඉසියහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...