යෙදුමෙන් කියවන්න

ඔවාදවග‍්ගො තතියො

5. 3.

5. 3. ඕවාද වර්‍ගය

1. අසම‍්මතෙන භික‍්ඛුනියො ඔවදන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

1. භික්බුනෝවාදක සම්මුතිය නොලැබ මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අසම‍්මතා භික‍්ඛුනියො ඔවදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සම්මතය නො ලත් සවග මහණහු මෙහෙණන්ට ඔවා දුන්හ, ඒ වස්තුයෙහි යැ.

අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති අනුපඤ‍්ඤත‍්ති අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්තීති : එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති. අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති තස‍්මිං නත්‍ථි.

එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්න පඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකැ, අනුප්පන්න පඤ්ඤත්ති එහි නැති.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා වාචතො සමුට‍්ඨාති න කායතො න චිත‍්තතො, සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න කායතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නගියි: කිසි විටෙක වචනයෙන් නඟියි, කයින් නො නඟියි, හිතින් නො නගී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. ...

2. අත්‍ථඞ‍්ගතෙ සූරියෙ භික‍්ඛුනියො ඔවදන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

2. හිරු අවරට ගියකල්හි මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං චුල‍්ලපන්‍ථකං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා චුල‍්ලපන්‍ථකො අත්‍ථඞ‍්ගතෙ සූරියෙ භික‍්ඛුනියො ඔවදි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් චුල්ලපන්‍ථක ස්ථවිර හිරු අස්තයට ගිය කල්හි මෙහෙණන්ට ඔවා දුන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : පදසොධම‍්මෙ -පෙ-.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: පද සෝධම්ම සමුට්ඨානයෙහි ය. ...

3. භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ඔවදන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සක‍්කෙසු පඤ‍්ඤත‍්තං.

3. මෙහෙණවරට එළඹැ මෙහෙණන්ට ඔවා දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යජනපදයෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ඔවදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණවරට එළඹැ මෙහෙණකට ඔවා දුන්හ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- කඨිනකෙ.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨින සමුට්ඨානයෙහි යැ. ...

4. ආමිසහෙතු භික‍්ඛූ භික‍්ඛුනියො ඔවදන‍්තීති භණන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

4. භික්‍ෂූන් ආමිස හේතුයෙන් මෙහෙණන්ට ඔවා දෙතියි කියන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ආමිසහෙතු භික‍්ඛූ භික‍්ඛුනියො ඔවදන‍්තීති භණිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ආමිස හේතුයෙන් භික්‍ෂූන් මෙහෙණන්ට ඔවා දෙතියි කීහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟියි: ...

5. අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා චීවරං දෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

5. නො නෑ මෙහෙණක්හට සිවුරක් දෙන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා චීවරං අදාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් නො නෑ මෙහෙණකට සිවුරක් දින, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...

6. අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා චීවරං සිබ‍්බෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

6. නො නෑ මෙහෙණක ලවා සිවුරක් ගෙත්තම් කරවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උදායිං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උදායී අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා චීවරං සිබ‍්බෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ නො නෑ මෙහෙණක ලවා සිවුරක් ගෙත්තම් කරවී යැ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...

7. භික‍්ඛුනියා සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

7. මෙහෙණක හා කතිකා කොට එක් අදන්මඟකට බට මහණහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණහු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනීහි සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණන් හා කතිකා කොට එක් අදන්මඟකට බැස්සාහු ය. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. සියා කායතො ච වාචතො ච සමුට‍්ඨාති, න චිත‍්තතො. සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො, සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟියි: කිසිවිටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...

8. භික‍්ඛුනියා සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරුහන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

8. මෙහෙණක හා කතිකා කොට එක් නැවකට නඟින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුනීහි සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරූහිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මෙහෙණන් හා කතිකා කොට එක් නැවකට නැංගාහු යැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නගියි: ...

9. ජානං භික‍්ඛුනීපරිපාචිතං පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.

9. දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද බොජුන් වළඳන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී.

කං ආරබ‍්භාති : දෙවදත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: දෙව්දත් මහණහු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : දෙවදත‍්තො ජානං භික‍්ඛුනිපරිපාචීතං පිණ‍්ඩපාතං භුඤ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: දෙව්දත් මහණ දැන දැන මෙහෙණක විසින් නිපදවන ලද පිණ්ඩපාතය වැළඳී ය, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

10. භික‍්ඛුනියා සද‍්ධිං එකො එකාය රහො නිසජ‍්ජං කප‍්පෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

10. එකලාවූයේ එකලා මෙහෙණක හා රහසිගත වැ හිඳින්නහු පිළිබඳ පචිති සිකපදය කො තැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දී පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උදායිං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උදායී භික‍්ඛුනියා සද‍්ධිං එකො එකාය රහො නිසජ‍්ජං කප‍්පෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ එකලා වූයේ එකලා මෙහෙණක හා රහසිගත වැ හිනැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

ඔවාදවග‍්ගො තතියො.

තෙවන ඕවාදවර්‍ග යි.