යෙදුමෙන් කියවන්න

සුරාමෙරයවග‍්ගො ඡට‍්ඨො

5. 6.

5. 6.

1. සුරාමෙරයපානෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : කොසම‍්බියං පඤ‍්ඤත‍්තං.

1. රහමෙර පීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසැඹ නුවරදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං සාගතං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් සාගත තෙරුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා සාගතො මජ‍්ජං පිවි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් සාගත තෙරණුවෝ මත්පැන් පානය කළහ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො සමුට‍්ඨාති, න වාචතො න චිත‍්තතො. සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් නඟියි, වචනයෙන් නො නඟියි, සිතින් නො නගී. කිසිවිටෙක කයින් ද සිතින් නඟියි, වචනයෙන් නො නඟී. ...

2. අඞ‍්ගුලිපතොදකෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

2. ගිරිති කැවීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහි දි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුං අඞ‍්ගුලිපතොදකෙන හාසෙසුං තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු ගිරිති කැවීමෙන් මහණක්හු සිනහ ගැන්වූහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...

3. උදකෙ හස‍්සධම‍්මෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

3. දිය කෙළනා රිසියෙන් කිමිදෙන සැහැවියෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : සත‍්තරසවග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සතළොස්වග මහණුන් ඇරැබයැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ අචිරවතියා නදියා උදකෙ කීළිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සතළොස්වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළි කළෝ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-.

සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි. වචනයෙන් නො නඟී. ...

4. අනාදරියෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : කොසම‍්බියං පඤ‍්ඤත‍්තං.

4. අනදර කිරීමෙහි පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං ඡන‍්නං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් ඡන්න මහණහු ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා ඡන‍්නො අනාදරියං අකාසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් ඡන්න මහණ අනදර කෙළේයැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුනෙකින් නඟී. ...

5. භික‍්ඛුං භිංසාපෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

5. මහණක්හු බිය ගන්වන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හුහු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛුං භිංසාපෙසුං , තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු මහණක්හු බිය ගැන්වූහු. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...

6. ජොතිං සමාදහිත්‍වා වීසිබ‍්බෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : භග‍්ගෙසු පඤ‍්ඤත‍්තං.

6. ගිනි දල්වා තප්නහු පිළිබඳ පචිතිසිකපදය කො තැන්හි පණවන ලද ද යත්: භගුදනවුහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ ජොතිං සමාදහිත්‍වා විසිබ‍්බෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ගිනි දල්වා තැප්පාහු යැ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, ද‍්වෙ අනුපඤ‍්ඤත‍්තියො.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති දෙකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් නඟී. ...

7. ඔරෙනද‍්ධමාසං නහායන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.

7. අඩමසෙකින් මොබ නහන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැදි පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ රාජානම‍්පි පස‍්සිත්‍වා න මත‍්තං ජානිත්‍වා නහායිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු රජු ද දැක පමණ නො දැන නැවාහු යැ, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති, ඡ අනුපඤ‍්ඤත‍්තියො.

පඤ්ඤත්ති එකෙකැ, අනුපඤ්ඤත්ති සයෙකි.

සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති පදෙසපඤ‍්ඤත‍්තීති : පදෙසපඤ‍්ඤත‍්ති.

සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙස පඤ්ඤත්ති ද යත්: පදෙස පඤ්ඤත්ති යි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

8. අනාදියිත්‍වා තිණ‍්ණං දුබ‍්බණ‍්ණකරණානං අඤ‍්ඤතරං දුබ‍්බණ‍්ණකරණං නවං චීවරං පරිභුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

8. තෙවැදෑරුම් දුර්වර්‍ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්‍ණ කිරීමක් නො ගෙණ (කප්බිඳු නො තබා) අළුත් සිවුරක් පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ අත‍්තනො චීවරං න සඤ‍්ජානිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු තමන්ගේ සිවුරු නො හැඳින ගත්හු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- එළකලොමකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ... එළකලෝම සමුට්ඨානයෙහි යැ.

9. භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා සික‍්ඛමානාය වා සාමණෙරස‍්ස වා සාමණෙරියා වා සාමං චීවරං විකප‍්පෙත්‍වා අපච‍්චුද‍්ධාරකංපරිභුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

9. මහණක්හට හෝ මෙහෙණකට හෝ හික්මනුවකට හෝ හෙරණකුට හෝ හෙරණකට හෝ තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උපනන්‍දං සක්‍යපුත‍්තං ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍රයන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො භික‍්ඛුස‍්ස සාමං චීවරං විකප‍්පෙත්‍වා අපච‍්චුද‍්ධාරකං පරිභුඤ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තෙමේ සිවුරක් දී නො පසුදුරා පරිභෝග කෙළේ යැ. ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ- කඨිනකෙ.

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි ... කඨින සමුට්ඨානයෙහි යැ.

10. භික‍්ඛුස‍්ස පත‍්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්‍ධනං වා අපනිධෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.

10. මහණක්හු ගේ (ඉටන් පොහෝනා) පාත්‍රයක් හෝ (විකපුන් පොහෝනා) සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුලාවක් හෝ කාබහනක් හෝ සඟවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.

කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.

කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.

කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛූනං පත‍්තම‍්පි චීවරම‍්පි අපනිධෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.

කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු භික්‍ෂූන් ගේ පාත්‍රද සිවුරු ද සැඟවූහු, ඒ වස්තුයෙහි යැ.

එකා පඤ‍්ඤත‍්ති.

පඤ්ඤත්ති එකෙකි.

ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-

සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නගී. ...

සුරාමෙරයවග‍්ගො ඡට‍්ඨො.

සවන සුරාමේරය වර්‍ගයි.