සප‍්පාණකවග‍්ගො සත‍්තමො
5. 7.
5. 7.
1. සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
1. දැන දැන (තිරිසන්) සතක්හු දිවි ගළවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : ආයස‍්මන‍්තං උදායිං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: ආයුෂ්මත් උදායී මහණහු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ආයස‍්මා උදායී සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: ආයුෂ්මත් උදායී මහණ දැන දැන සතක්හු දිවි ගැළවීයැ. ඒ වස්තුවෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති-පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
2. ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
2. දැන දැන පණුවන් සහිත ජලය වළඳන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන පණුවන් සහිත ජලය පරිභෝග කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
3. ජානං යථාධම‍්මං නිහතාධිකරණං පුන කම‍්මාය උක‍්කොටෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
3. දැන දැන දැහැමින් සන්හිඳුවන ලද අධිකරණය නැවත විසඳීම් පිණිස උගුළුවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං යථාධම‍්මං නිහතාධිකරණං පුන කම‍්මාය උක‍්කොටෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන දැහැමින් සන්හිඳුවන ලද අධිකරණය නැවත විසදීම් පිණිස ඉගිළවූහු. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
4. භික‍්ඛුස‍්ස ජානං දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
4. මහණක්හුගේ තුළුල් (සඟවෙසෙස්) ඇවතක් දැන දැන සඟවන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු භික‍්ඛුස‍්ස ජානං දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් මහණක්හුගේ තුළුල් ඇවත් දැන දැන සැඟවී, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
5. ජානං ඌනවීසතිවස‍්සං පුග‍්ගලං උපසම‍්පාදෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං.
5. පිළිසඳ පටන් උනුවිසිවස් පුඟුලක්හු දැන දැන උපසපන් කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: රජගහ නුවරැදි පණවන ලදී.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ ජානං ඌනවීසතිවස‍්සං පුග‍්ගලං උපසම‍්පාදෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු උනුවිසිවස් ඇති පුඟුලක්හු දැන දැන උපසපන් කළහ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
6. ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
6. දැන දැන සොර ගැල් සාත්තුවක් හා සමග කතිකා කොටගෙන එක් අදන්මගකට පිළිපන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් දැන දැන සොර ගැල් සාත්තුවක් හා සමග කතිකා කොටගෙන එක් අදන්මගකට පිළිපන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසි විටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
7. මාතුගාමෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
7. මාගමක හා කතිකා කොට ගෙණ එක් අදන්මගකට පිළිපන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: එක්තරා මහණක්හු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරො භික‍්ඛු මාතුගාමෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: එක්තරා මහණෙක් මාගමක හා කතිකා කොට ගෙණ එක් අදන්මගකට පිළිපන්නේ යැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති-පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
8. පාපිකාය දිට‍්ඨියා යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
8. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ලාමක දෘෂ්ටිය නො හරින්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: පෙරැ ගිජුලිහිණින් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ මහණහු ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො පාපිකාය දිට‍්ඨිං යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: පෙරැ ගිජුලිහිණින් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ මහණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි ලාමක දෘෂ්ටිය නො හළේ යැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-.
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
9. ජානං තථාවාදිනා භික‍්ඛුනා අකතානුධම‍්මෙන තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං සම‍්භුඤ‍්ජන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
9. එසේ (මම බුදුරදුන් වදාළ ධර්‍මය දනිමි) කියන නො කළ ඔසාරණ කම් ඇති දෘෂ්ටිය නො හළ මහණහු සමඟ දැන දැන ධර්‍මාමිෂසම්භෝග කරන්නහු පිළිබඳ පචිති සිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං තථාවාදිනා අරිට‍්ඨෙන භික‍්ඛුනා අකතානුධම‍්මෙන තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං සම‍්භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු එසේ (මම බුදුරදුන් වදාළ ධර්‍මය දනිමි) කියන නො කළ ඔසාරණ කම් ඇති ඒ දෘෂ්ටිය නො හළ අරිට්ඨ මහණහු සමග ධර්‍මාමිෂ සම්භෝග කළාහු යැ, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...
10. ජානං තථානාසිතං සමණුද‍්දෙසං උපලාපෙන‍්තස‍්ස පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
10. දැන දැන එසේ නෙරණ ලද හෙරණහට සඞ්ග්‍රහ කරන්නහු පිළිබඳ පචිතිසිකපදය කොතැන්හි පණවන ලද ද යත්: සැවැතෙහිදි පණවන ලදී.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං තථානාසිතං කණ‍්ටකං සමණුද‍්දෙසං උපලාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: සවග මහණහු දැන දැන එසේ නෙරණ ලද කණ්ටක හෙරණහට සඞ්ග්‍රහ කළාහු යැ. ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟී. ...