සුරුසුරුවග‍්ගො ඡට‍්ඨො
7. 6.
7. 6.
1. අනාදරියං පටිච‍්ච සුරුසුරුකාරකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : කොසම‍්බියං පඤ‍්ඤත‍්තං.
1. අනදර පිණිස ‘සුරු සුරු’ යන හඬ නංවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: කොසඹෑ නුවරැ දී පණවන ලදී.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ සුරුසුරුකාරකං ඛීරං පිවිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ‘සුරු සුරු’ යන හඬ කෙරෙමින් කිරි පානය කළහු, ඒ වස්තුයෙහි යැ.
එකා පඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ...
2. අනාදරියං පටිච‍්ච හත්‍ථනිල‍්ලෙහකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
2. අනදර පිණිස අත ලෙවමින් වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
3. අනාදරියං පටිච‍්ච පත‍්තනිල‍්ලෙහකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
3. අනදර පිණිස පාත්‍රය ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
4. අනාදරියං පටිච‍්ච ඔට‍්ඨනිල‍්ලෙහකං භුඤ‍්ජන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
4. අනදර පිණිස තොල් ලෙවැ ලෙවැ වළඳන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
5. අනාදරියං පටිච‍්ච සාමිසෙන හත්‍ථෙන පානීයථාලකං පටිග‍්ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : භග‍්ගෙසු පඤ‍්ඤත‍්තං.
5. අනදර පිණිස ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හුහු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ සාමිසෙන හත්‍ථෙන පානීයථාලකං පටිග‍්ගහෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ මහණහු ඉඳුල් සහිත අතින් පැන්තලිය පිළිගත්හු, ඒ වස්තුයෙහි යැ.
6. අනාදරියං පටිච‍්ච සසිත්‍ථකං පත‍්තධොවනං අන‍්තරඝරෙ ඡඩ‍්ඩෙන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : භග‍්ගෙසු පඤ‍්ඤත‍්තං.
6. අනදර පිණිස හුලු සහිත පාත්‍ර දෙවූ දිය ඇතුළුගෙහි දමන්නහු පිළිබඳ දුකුළා සිඛය කොතැන්හි පණවන ලද ද යත්: භගු දනවුහි දී පණවන ලදි.
කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ.
කවරක්හු ඇරැබ ද යත්: බොහෝ මහණුන් ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ සසිත්‍ථකං පත‍්තධොවනං අන‍්තරඝරෙ ඡඩ‍්ඩෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. -පෙ-
කිනම් වස්තුයෙහි ද යත්: බොහෝ මහණහු හුලු සහිත පාත්‍ර දෙවූ දිය ඇතුළුගෙහි දැමූහු, ඒ වස්තුයෙහි යැ ... .
7. අනාදරියං පටිච‍්ච ඡත‍්තපාණිස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
7. අනදර පිණිස සත් ගත් අත් ඇත්තනුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය කො තැන්හි පණවන ලද ද යත්: සැවැත් නුවරැ දී පණවන ලදි.
කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ ආරබ‍්භ. -පෙ-
කවරක්හු ඇරැබ ද යත්: සවග මහණුන් ඇරැබ යැ.
එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති.
පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න කායතො -පෙ-
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයකින් නඟියි: වචනයෙන් ද සිතින් ද නඟියි. කයින් නො නඟී. ...
8. අනාදරියං පටිච‍්ච දණ‍්ඩපාණිස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
8. අනදර පිණිස දඬුගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
9. අනාදරියං පටිච‍්ච හත්‍ථපාණිස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
9. අනදර පිණිස (කඩු ඈ) සැත්ගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...
10. අනාදරියං පටිච‍්ච ආයුධපාණිස‍්ස ධම‍්මං දෙසෙන‍්තස‍්ස දුක‍්කටං -පෙ-
10. අනදර පිණිස (දුනුහී ඈ) අවිගත් අත් ඇත්තහුට දහම් දෙසන්නහු පිළිබඳ දුකුළා සිඛය ...