යෙදුමෙන් කියවන්න

පාරාජික කණ‍්ඩො

10. 1.

10. 1.

පාරාජික කණ‍්ඩො

පාරාජික කාණ්ඩය

1. මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : අක‍්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම‍්මං පටිසෙවති, ආපත‍්ති පාරාජිකස‍්ස. යෙභුයෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම‍්මං පටිසෙවති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. වට‍්ටකතෙ මුඛෙ අච‍්ඡුපන‍්තං අඞ‍්ගජාතං පවෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. ජතුමට‍්ටකෙ පාචිත‍්තියං. මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා ඉමා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

1. මෙවුන්දම් සෙවුනා හේතුවෙන් කෙතෙක් ඇවැතකට පැමිණේ ද යත්: මෙවුන්දම් සෙවුනා හේතුවෙන් සිවු ඇවැතකට පැමිණේ. ක්‍ෂය නො වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සෙවුනේ නම් පරිජි ඇවැත් වෙයි. බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සෙවුනේ නම් ථුලැසි ඇවැත් වෙයි. අඟාළ මියෙහි නො පහරමින් හදන් පිවිස්වා නම් දුකුළා ඇවැත් වෙයි. ලතුයෙන් කළ නිමිත්තෙහි නම් පචිති ඇවැත් වේ. මෙවුන්දම් සෙවීම් හේතුයෙන් මේ සිවු ඇවැතට පැමිණේ.

2. අදින‍්නං ආදියනපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : අදින‍්නං ආදියනපච‍්චයා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : පඤ‍්චමාසකං වා අතිරෙකපඤ‍්චමාසකං වා අග‍්ඝනකං අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදියති, ආපත‍්ති පාරාජිකස‍්ස. අතිරෙකමාසකං වා ඌනපඤ‍්චමාසකං වා අග‍්ඝනකං අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදියති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. මාසකං වා ඌනමාසකං වා අග‍්ඝනකං අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදියති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අදින‍්නං ආදියනපච‍්චයා ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

2. හිමියන් සතු නො දුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: හිමියන් සතු නො දුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. පස් මස්සක් හෝ අයිරා පස් මස්සක් හෝ අගනා නො දුන් දෙය තෙනා ගණී නම් පරිජි ඇවැත් වෙයි. අයිරා මස්සක් හෝ උනු පස් මස්සක් හෝ අගනා නොදුන් දෙය තෙනා ගණී නම් ථුලැසි ඇවැත් වෙයි. මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා නො දුන් දෙය තෙනා ගණී නම් දුකුළා ඇවැත් වේ. නො දුන් දෙය ගැණීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.

3. සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපනපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපනපච‍්චයා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : මනුස‍්සං ඔදිස‍්ස ඔපාතං ඛණති පපතිත්‍වා මරිස‍්සතීති, ආපත‍්ති දුක‍්කටස‍්ස. පපතිතෙ දුක‍්ඛා වෙදනා උප‍්පජ‍්ජති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපනපච‍්චයා ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

3. දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුයෙන් කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. “වැටී මැරෙන්නේ මැනැවැ” යි මිනිසකු උදෙසා වළක් කණී නම් දුකුළා ඇවැත් වෙයි. වැටුනු කල්හි දුක් වේදනා උපදී නම් ථුලැසි ඇවැත් වෙයි. මැරේ නම් පරිජි ඇවැත් වේ. දැන දැන මිනිස් සිරුර දිවියෙන් තොර කිරීම් හේතුයෙන් මේ තුන් ඇවතට පැමිණේ.

4. අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපනපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපනපච‍්චයා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපති, ආපත‍්ති පාරාජිකස‍්ස. ‘යො තෙ විහාරෙ වසති සො භික‍්ඛු අරහා’ති භණති, පටිවිජානන‍්තස‍්ස ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. නප‍්පටිවිජානන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්ස අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපනපච‍්චයා ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

4. තමා තුළ අවිද්‍යමාන වූ නැත්තා වූ උතුරු මිනිස් ධම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලද්දේ අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරු මිනිස් ධම් ඇතැයි ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි. “ඔබගේ විහාරයෙහි යම් මහණෙක් වෙසේ නම් ඒ මහණ රහත්” යැ යි දැනුමැතියක්හට බෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි. නො දැනුමැතියක්හට නම් දුකුළා ඇවැත් වේ. තමා තුළ අවිද්‍යාමාන වූ නැත්තා වූ උතුරුමිනිස්දම් ඇතැයි ප්‍රකාශ කිරීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.

චත‍්තාරො පාරාජිකා නිට‍්ඨිතා.

සතර පරිජි නිමි.