සඞ්ඝාදිසෙසකණ්ඩාදයො
10. 2.
10. 2.
සඞ්ඝාදිසෙසකණ්ඩාදයො.
සඞ්ඝාදිශේෂ කාණ්ඩාදිය
1. උපක්කමිත්වා අසුචිං මොචනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : උපක්කමිත්වා අසුචිමොචනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. චෙතෙති උපක්කමති න මුච්චති, ආපත්ති ථුල්ලච්චයස්ස. පයොගෙ දුක්කටං. උපක්කමිත්වා අසුචිං මොචනපච්චයා ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
1. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් තුන් ඇවැතකට පැමිණෙයි: සිතා නම් උපක්‍රම කෙරේ නම් මුදා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, සිතා නම් උපක්‍රම කෙරේ නම් නො මුදා නම් ථුලැසි ඇවැත් වෙයි, පියෝහි දුකුළා වේ. උපක්‍රම කොට සුකුරු මිදීම් හේතුයෙන් මේ තුන් ඇවැතට පැමිණේ.
2. කායසංසග්ගං සමාපජ්ජනපච්චයා කති ආපත්තියො ආපජ්ජති : කායසංසග්ගං සමාපජ්ජනපච්චයා පඤ්ච ආපත්තියො ආපජ්ජති : අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ගහණං සාදියති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛු කායෙන කායං ආමසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස. අඞ්ගුලිපතොදකෙ පාචිත්තියං. කායසංසග්ගං සමාපජ්ජනපච්චයා ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති :
2. කාසසඟයට පැමිණීම් හේතුයෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාස සඟයට පැමිණීම් හේතුයෙන් පස් ඇවැතකට පැමිණෙ යි: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණක් එම රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හු විසින් අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැන්ම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, මහණ (තමා ගේ) කයින් (මාගමක ගේ) කය ආමර්‍ශ කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබැදියක් ආමර්‍ශ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියකින් කය පිළිබැඳියක් ආමර්‍ශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ගිරිති කැවීමෙහි පචිති ඇවැත් වේ. කාසසඟයට පැමිණීම් හේතුයෙන් මේ පස් ඇවැතට පැමිණේ.
3. මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති, අවණ්ණම්පි භණති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති ආපත්ති දුක්කටස්ස.
3. මාගමකට තුළුල් තෙපුල් කීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. වසමඟ පසමඟ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමඟ පසමඟ තබා අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැදියක් අරමුණු කොට ගුණ ද කියා නම් අගුණ ද කියා නම් දුකුළා ඇවැත් වේ.
4. අත්තකාමපාරිචරියාය වණ්ණං භාසනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පණ්ඩිතස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති ථුල්ලච්චයස්ස. තිරච්ඡානගතස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති දුක්කටස්ස.
4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණකීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයකු හමුයෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගතයකු හමුවෙහි තමහට මෙවුන් දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා නම් දුකුළා ඇවැත් වේ.
5. සඤ්චරිත්තං සමාපජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : පටිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පටිගණ්හාති වීමංසති න පච්චාහරති, ආපත්ති ථුල්ලච්චයස්ස. පටිගණ්හාති, න වීමංසති, න පච්චාහරති, ආපත්ති දුක්කටස්ස.
5. ස්ත්‍රී පුරුෂයන්ගේ කෙලෙස් පිළිබඳ හසුන් ගෙණ යන ‘සංචරිත්ත’ හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නොම ගෙණේ නම් ථුලැසි ඇවැත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නොම ගෙණේ නම් දුකුළා ඇවැත් වේ.
6. සඤ්ඤාචිකාය කුටිං කාරාපනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං, එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
6. තමා ඉල්වා ගත් උපකරණයෙන් කිළියක් කරවීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. මහල්ලකං විහාරං කාරාපනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං, එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
7. (කරවා දෙන හිමියකු ඇති) මහත් වූ විහාරයක් කරවීම් හේතුවෙන් තුන් ඇවැත කට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි. එම මැටිපිඬ තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස. ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
8. අමුලුපරිජි ඇවතින් මහණක්හට චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ (භික්ෂුභාවයෙන්) චුත කරවනු කැමැති ව චෝදනා කෙරේ නම් සඟවෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.
9. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස. ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
9. අන්‍යභාගීය (අන් කොටස් ඇති) අධිකරණයක්හුගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ මහණක්හට පරිජි ඇවතින් චෝදනා කිරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ: අවසර නො ගෙණ (භික්ෂුභාවයෙන්) චුත කරවනු කැමැතිව චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ අක්‍රොශ කරණ අදහස් ඇති ව චෝදනා කෙරේ නම් ඔමසවාද පචිති ඇවැත් වේ.
10. සඞ්ඝභෙදකො භික්ඛු යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
10. සඞ්ඝභේදක මහණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
11. භෙදකානුවත්තකා භික්ඛූ යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
11. භේදකානුවත්තක මහණහු තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙහි දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
12. දුබ්බචො භික්ඛු යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා; කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
12. නො කීකරු මහණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
13. කුලදූසකො භික්ඛු යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජනපච්චයා තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස -පෙ-
13. කුලදූෂක මහණ තුන් යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (එය) නො හැරීම් හේතුවෙන් තුන් ඇවැතකට පැමිණේ. ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසි ඇවැත් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ. ...
14. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා කති ආපත්තියො ආපජ්ජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරණපච්චයා ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
14. අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතු වෙන් කෙතෙක් ඇවැතුන්ට පැමිණේ ද යත්: අනදර පිණිස පරිභෝග ජලයෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතුවෙන් එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ එවීම් හේතුවෙන් මේ එක් ඇවැතට පැමිණේ.
කතාපත්තිවාරො නිට්ඨිතො දුතියො.
දෙවන කතාපත්තිවාරය නිමි.