යෙදුමෙන් කියවන්න

16. සමුච‍්චයවාරො

16. සමුච‍්චයවාරො

16. සමුච්චයවාරය

1. මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : අක‍්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම‍්මං පටිසෙවති, ආපත‍්ති පාරාජිකස‍්ස. යෙභුය්‍යෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම‍්මං පටිසෙවති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. වත‍්තකතෙ මුඛෙ අච‍්ඡුපන‍්තං අඞ‍්ගජාතං පවෙසෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. ජතුමට‍්ටකෙ පාචිත‍්තියං. මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා ඉමා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

1. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් සිවු ඇවැතකට පැමිණෙයි: ක්‍ෂය නොවූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, බෙහෙවින් ක්‍ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි, අඟාළ මියෙහි හඳන් නො පහරමින් පිවිස්වා නම් දුකුළා ඇවැත් වෙයි, ලතුයෙන් කළ නිමිත්තෙහි පචිති ඇවැත් වේ. මෙවුන්දම් සේවනය කිරීම් හේතුවෙන් මේ සිවු ඇවැතට පැමිණේ.

2. තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති : සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති : චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං : සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මන‍්ති :

2. ඒ ඇවැත්හු සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් භජනය කෙරෙද් ද: සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධ යෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟිද්ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳෙද්ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්ති, සියා ආචාරවිපත‍්ති. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං චතූහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති, න වාචතො. චතුන‍්නං අධිකරණානං, ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච -පෙ-

ඒ ඇවැත්හු සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැයි විපත්තීන් දෙදෙන භජනය කෙරෙත්. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසි විටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද්දාහු ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟිත්: කයින් ද සිතින් ද නඟිති, වචනයෙන් නො නඟිත්. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් සමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳෙත්.

3. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා එකං ආපත‍්තිං ආපජ‍්ජති : දුක‍්කටං. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරණපච‍්චයා ඉමං එකං ආපත‍්තිං ආපජ‍්ජති.

3. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ ඕනා හේතුවෙන් මේ එක් ඇවතට පැමිණේ.

4. සා ආපත‍්ති චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජති : සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං : සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මති :

4. ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද, සප්තාපත්ති ස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙන් කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද යත්:

සා ආපත‍්ති චතුන‍්නං විපත‍්තීනං එකං විපත‍්තිං භජති : ආචාරවිපත‍්තිං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං එකෙන ආපත‍්තික‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා : දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං සමථානං තීහි සමථෙහි සම‍්මති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත සිවු වැදුරුම් විපත්තීන් අතුරෙන් එක්ම ආචාරවිපත්තිය බෙජේ. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්ති ස්කන්‍ධ නම් වූ එක් ආපත්තිස්කන්‍ධ යෙන් සඞ්ග්‍රහ කරණ ලදී. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් සමථයන් අතුරෙහි කිසි විටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් සමථයෙන් සන්හිඳේ.

සමුච‍්චයවාරො නිට‍්ඨිතො අට‍්ඨමො.

අටවැනි සමුච්චයවාරය නිමි.

අට‍්ඨපච‍්චයවාරා නිට‍්ඨිතා.

අෂ්ට ප්‍රත්‍යය වාරයෝ නිමියහ.

මහාවිභඞ‍්ගෙ සොළස මහාවාරා නිට‍්ඨිතා.

මහාවිහඞ්ගයෙහි සොළොස් මහාවාරයෝ නිමියහ.

නිට‍්ඨිතො ච මහාවිභඞ‍්ගො.

මහා විභඞ්ගය ද නිමියේ යි.