පාරාජිකකණ‍්ඩො
1. 1.
1. 1.
පාරාජිකකණ‍්ඩො
පාරාජික කාණ්ඩය
1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන භික‍්ඛුනීනං පඤ‍්චමං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තං, කං ආරබ‍්භ, කිස‍්මිං වත්‍ථුස‍්මිං, අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති, අනුපඤ්ඤත්ති, අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති, සබ‍්බත්‍ථපඤ‍්ඤත‍්ති, පදෙසපඤ‍්ඤත‍්ති, සාධාරණපඤ්ඤත්ති, අසාධාරණපඤ‍්ඤත‍්ති, එකතො පඤ‍්ඤත‍්ති, උභතො පඤ‍්ඤත‍්ති, චතුන‍්නං පාතිමොක‍්ඛුද‍්දෙසානං කත්‍ථොගධං, කත්‍ථ පරියාපන‍්නං, කතමෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡති, චතුන‍්නං විපත‍්තීනං කතමා විපත‍්ති, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතමො ආපත‍්තික‍්ඛන්‍ධො, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති, චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං, සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මති, කො තත්‍ථ විනයො : කො තත්‍ථ අභිවිනයො, කිං තත්‍ථ පාතිමොක‍්ඛං කිං තත්‍ථ අධිපාතිමොක‍්ඛං, කා විපත‍්ති, කා සම‍්පත‍්ති, කා පටිපත‍්ති, කති අත්‍ථවසෙ පටිච‍්ච භගවතා භික‍්ඛුනීනං පඤ‍්චමං පාරාජිකං පඤ‍්ඤත‍්තං, කා සික‍්ඛන‍්ති, කා සික‍්ඛිතසික‍්ඛා, කත්‍ථ ඨිතං, කා ධාරෙන‍්ති, කස‍්ස වචනං, කෙනාභතන‍්ති :
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් පස්වැනි පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද ද, කවරක ඇරැබ ද, කිනම් වස්තුයෙක්හි ද, එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති සබ්බත්‍ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ඒකතෝ පඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ඇද්ද, සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ ද, කොහි ඇතුළත් ද, කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ ද, සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙක් වේ ද, සත් වැදෑරුම් ආපත්ති ස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්ති ස්කන්‍ධයෙක් වේ ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි, කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙක් වේ ද, සත් වැදෑරුම් සමථයන් අතුරෙහි කෙතෙක් සමථයෙන් සන්හිඳේ ද, එහි විනය කවරේ ද, එහි අභිවිනය කවරේ ද, එහි ප්‍රාතිමෝක්‍ෂය කිම, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම, විපත්ති කවර යැ, සම්පත්ති කවර යැ, ප්‍රතිපත්ති කවර යැ, කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජි සිකපදය පණවන ලද ද, කවුරු හික්මෙත් ද, කවුරු හික්මුනු සිඛඇතියෝ ද, කවුරුන් කෙරෙහි පිහිටියේ ද, කවුරු දරත් ද, කවුරුන්ගේ වචනයෙක් ද, කවුරුන් විසින් ගෙණඑන ලද ද යත්:
යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන භික‍්ඛුනීනං පඤ‍්චමං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං.
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් පස්වන පරිජි සිකපදයෙක් පණවන ලද නම් කොතැන්හි පණවන ලද යැ යත්: සැවැත් නුවර දී පණවන ලදී.
කං ආරබ‍්භාති : සුන්‍දරීනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ.
කවරක ඇරැබ ද යත්: සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ.
කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී අවස‍්සුතා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියි, තස‍්මිං වත්‍ථුස‍්මිං.
කිනම් වස්තුයෙක්හි යැ යත්: කාමරාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ කාමරාගයෙන් තෙත් වූ මිනිස් පිරිමියකුගේ කායසංසර්‍ගය ඉවසුවා ය, ඒ වස්තුයෙහි යැ.
අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති, අනුපඤ‍්ඤත‍්ති, අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්තීති : එකා පඤ‍්ඤත‍්ති, අනුපඤ්ඤත්ති අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති තස‍්මිං නත්‍ථි.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකකැ, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති පදෙසපඤ‍්ඤත‍්තීති : සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති.
සබ්බත්‍ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ.
සාධාරණපඤ‍්ඤත‍්ති අසාධාරණපඤ‍්ඤත‍්තීති : අසාධාරණපඤ‍්ඤත‍්ති.
සාධාරණ පඤ්ඤත්ති අසාධාරණ පඤ්ඤත්ති ද යත්: අසාධාරණ පඤ්ඤත්ති යැ.
එකතො පඤ‍්ඤත‍්ති උභතො පඤ‍්ඤත‍්තීති : එකතො පඤ‍්ඤත‍්ති.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යැ.
චතුන‍්නං පාතිමොක‍්ඛුද‍්දෙසානං කත්‍ථොගධං කත්‍ථ පරියාපන‍්නන‍්ති : නිදානොගධං, නිදානපරියාපන‍්නං.
සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ. කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළත් යැ.
කතමෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡතීති : දුතියෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: දෙවැනි උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
චතුන‍්නං විපත‍්තීනං කතමා විපත‍්තීති : සීලවිපත‍්ති.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: ශීලවිපත්ති යි.
සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතමො ආපත‍්තික‍්ඛන්‍ධොති : පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධො.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි.
ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාතීති : එකෙන සමුට‍්ඨානෙ සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති න වාචතො.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී.
චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණන‍්ති : ආපත‍්තාධිකරණං :
සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙහි කිනම් අධිකරණයෙකැ යත්: ආපත්තාධිකරණ යි.
සත‍්තන‍්නං සමථානං කතීහි සමථෙහි සම‍්මතීති : ද‍්වීහි සමථෙහි සම‍්මති, සම‍්මුඛා විනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච :
සත් වැදෑරුම් ශමථයන් අතුරෙහි කෙතෙක් ශමථයෙන් සන්හිඳේ යැ යත්: සම්මුඛා විනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැයි දෙ ශමථයෙන් සන්හිඳේ.
කො තත්‍ථ විනයො කො තත්‍ථ අභිවිනයොති : පඤ‍්ඤත‍්ති විනයො, විභත‍්ති අභිවිනයො.
එහි විනය කවරේ යැ, එහි අභිවිනය කවරේ යැ යත්: පඤ්ඤත්තිය විනය යැ, පදභාජනිය අභිවිනය යි.
කිං තත්‍ථ පාතිමොක‍්ඛං, කිං තත්‍ථ අධිපාතිමොක‍්ඛන‍්ති : පඤ‍්ඤත‍්ති පාතිමොක‍්ඛං, විභත‍්ති අධිපාතිමොක‍්ඛං.
එහි ප්‍රාතිමෝක්‍ෂය කිමැ, එහි අධිප්‍රාතිමෝක්‍ෂය කිම යැ යත්: ප්‍රඥප්තිය ප්‍රාතිමෝක්‍ෂ යැ, පදභාජනිය අධිප්‍රාතිමෝක්‍ෂ යි.
කා විපත‍්තීති : අසංවරො විපත‍්ති.
විපත් කවර යත්: අසංවරය විපත්ති යි.
කා සම‍්පත‍්තීති : සංවරො සම‍්පත‍්ති.
සම්පත් කවර යත්: සංවරය සම්පත්ති යි.
කා පටිපත‍්තීති : න එවරූපං කරිස‍්සාමී”ති යාවජීවං ආපාණකොටිකං සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසු.
ප්‍රතිපත් කවර යත්: “දිව්හිම් කොට මෙබන්දක් නො කරන්නෙමි” යි දිවිපමණින් සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි.
කති අත්‍ථවසෙ පටිච‍්ච භගවතා භික‍්ඛුනීනං පඤ‍්චමං පාරාජිකං පඤ‍්ඤත‍්තන‍්ති : දස අත්‍ථවසෙ පටිච‍්ච භගවතා භික‍්ඛුනීනං පඤ‍්චමං පාරාජිකං පඤ‍්ඤත‍්තං : සඞ‍්ඝසුට‍්ඨුතාය, සඞ‍්ඝඵාසුතාය, දුම‍්මඞ‍්කුනීනං භික‍්ඛුනීනං නිග‍්ගහාය, පෙසලානං භික‍්ඛුනීනං ඵාසුවිහාරාය, දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය, අප‍්පසන‍්නානං පසාදාය, පසන‍්නානං භිය්‍යොභාවාය, සද‍්ධම‍්මට‍්ඨිතියා, විනයානුග‍්ගහාය.
කෙතෙක් කරුණු පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජිසිකපදය පණවන ලද යැ යත්: දස කරුණක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්හට පස්වන පරිජි සිකපදය පණවන ලදී: සඞ්ඝයාගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසුව පිණිස යැ, දුසිල් මෙහෙණන්ගේ නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂුණීන්ගේ පහසු විහරණය පිණිස යැ. දිටුදැමියෙහි විඳියයුතු දුක් ගැහැට වැළකීම පිණිස යැ, පරලෙව්හි විඳියයුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන්ගේ පැහැදීම පිණිස යැ, පහන්වූවන්ගේ වැඩියක් පැහැදීම පිණිස යැ, තුන් සසුන්හි පැවැත්ම පිණිස යැ. විනයට අනුග්‍රහ පිණිස යි.
කා සික‍්ඛන‍්තීති : සෙක‍්ඛා ච, පුථුජ‍්ජනකල්‍යාණිකා ච සික‍්ඛන‍්ති.
කවුරු හික්මෙති යත්: ශෛක්‍ෂ භික්‍ෂුණීහු ද කල්‍යාණ පෘථග්ජන භික්‍ෂුණීහු ද හික්මෙත්.
කා සික‍්ඛිතසික‍්ඛාති : අරහන‍්තා සික‍්ඛිතසික‍්ඛා.
කවුරු හික්මුණු සිඛ ඇතියෝ යැ යත්: රහත් මෙහෙණහු හික්මුණු සිඛඇතියෝ යි.
කත්‍ථ ඨිතන‍්ති : සික‍්ඛාකාමාසු ඨිතං.
කවුරුන් කෙරෙහි පිහිටියේ යැ යත්: ශික්‍ෂාකාමිනීන් කෙරෙහි පිහිටියේ යි.
කා ධාරෙන‍්තීති : යාසං වත‍්තන‍්ති, තා ධාරෙන‍්ති.
කවුරු දරති යත්: යම් කෙනකුන්හට විනයපෙළ අටුවා වනපොත් ද ඔහු දරත්.
කස‍්ස වචනන‍්ති : භගවතො වචනං අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස.
කවුරුන්ගේ වචනයෙකැ යත්: භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ වචන යි.
කෙනාභතන‍්ති : පරම‍්පරාභතං –
කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
1. උපාලි දාසකො චෙව සොණකො සිග‍්ගවො තථා, මොග‍්ගලිපුත‍්තෙන පඤ‍්චමා එතෙ ජම‍්බුසිරිව‍්හයෙ.
1. උපාලි ස්ථවිර යැ දාසකස්ථවිර යැ සෝණකස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වැනි කොට ඇති මේ තෙරවරු දඹදිවැ විනයධර පරපුරෙහි වෙත්.
2. තතො මහින්‍දො ඉට‍්ඨියො උත‍්තියො චෙව සම‍්බලො, භද‍්දනාමො ච පණ‍්ඩිතො, එතෙ නාගා මහාපඤ‍්ඤා ජම‍්බුදීපා ඉධාගතා.
2. ඉක්බිති මහින්‍ද යැ ඉට්ඨිය යැ උත්තිය යැ එසේ ම සම්බල යැ පණ්ඩිත වූ භද්ද නාම යැ මහපැණැති මේ රහත්හු දඹදිවින් මෙහි වැඩියහ.
3. විනයං තෙ වාචයිංසු පිටකං තම‍්බපණ‍්ණියා, නිකායෙ පඤ‍්ච වාචෙසුං සත‍්ත චෙව පකරණෙ.
3. ඔහු හෙළදිව්හි විනය පිටකය හැදැරැවූහ, සඟිපස ද ප්‍රකරණ සත ද හැදැරැවූහු.
4. තතො අරිට‍්ඨො මෙධාවී තිස‍්සදත‍්තො ච පණ‍්ඩිතො විසාරදො කාළසුමනො ථෙරො ච දීඝනාමකො දීඝසුමනො ච පණ‍්ඩිතො.
4. ඉක්බිති ප්‍රාඥ වූ අරිට්ඨයැ පණ්ඩිත වූ තිස්සදත්ත යැ විශාරද වූ කාළසුමන යැ දීඝනාමස්ථවිර යැ පණ්ඩිත වූ දීඝසුමන යැ,
5. පුනදෙව කාළසුමනො නාගත්‍ථෙරො ච බුද‍්ධරක‍්ඛිතො, තිස‍්සත්‍ථෙරො ච මෙධාවී දෙවත්‍ථෙරො ච පණ‍්ඩිතො.
5. වැළිදු කාළසුමන යැ නාගස්ථවිර යැ බුද්ධරක්ඛිත යැ නුවණැති තිස්ස ස්ථවිර යැ පණ්ඩිත දෙවස්ථවිර යැ,
6. පුනදෙව සුමනො මෙධාවී විනයෙ ච විසාරදො, බහුස‍්සුතො චූළනාගො ගජොව දුප‍්පධංසියො.
6. නැවත ප්‍රාඥ වූ විනයෙහි විශාරදවූ සුමන ස්ථවිර යැ අනභිභවනීය හස්තිරාජයකු බඳු වූ බහුශ්‍රුත චූළනාග ස්ථවිර යැ.
7. ධම‍්මපාලිතනාමො ච රොහණෙ සාධු පූජිතො, තස‍්ස සිස‍්සො මහාපඤ‍්ඤො ඛෙමනාමො තිපෙටකො, දීපෙ තාරකරාජාව පඤ‍්ඤාය අතිරොචථ.
7. සාධුන් විසින් පුදනලද රෝහණ ධම්මපාලිත නම් ස්ථවිර යැ ඔබගේ ශිෂ්‍ය වූ හෙළදිවැ චන්‍ද්‍රයාමෙන් ප්‍රඥායෙන් උසස් වැ බැබළුණු මහාප්‍රාඥ ත්‍රිපිටකධර බෙම නම් ස්ථවිර යැ,
8. උපතිස‍්සො ච මෙධාවී ඵුස‍්සදෙවො මහාකථී, පුනදෙව සුමනො මෙධාවී පුප‍්ඵනාමො බහුස‍්සුතො.
8. නුවණැති උපතිස්ස ස්ථවිර යැ මහාකථික වූ ඵුස්සදේව ස්ථවිර යැ ඉක්බිති නුවණැති සුමන ස්ථවිර යැ, බහුශ්‍රුත පුප්ඵ (පදුම) නම් ස්ථවිර යැ,
9. මහාකථී මහාසීවො පිටකෙ සබ‍්බත්‍ථ කොවිදො, පුනදෙව උපාලි මෙධාවී විනයෙ ච විසාරදො.
9. ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ මහාකථික මහාසීව යැ වැළිදු ප්‍රශස්ත නුවණැති විනයෙහි විශාරද වූ උපාලි ස්ථවිර යැ,
10. මහානාගො මහාපඤ‍්ඤො, සද‍්ධම‍්මවංසකොවිදො, පුනදෙව අභයො මෙධාවී පිටකෙ සබ‍්බත්‍ථ කොවිදො.
10. ශාසනවංශය දැනීමෙහි දක්‍ෂ වූ මහාප්‍රාඥ වූ මහානාග ස්ථවිර යැ නැවත ද නුවණැති ත්‍රිපිටකයෙහි දක්‍ෂ වූ අභය ස්ථවිර ද,
11. තිස‍්සත්‍ථෙරො ච මෙධාවී විනයෙ ච විසාරදො, තස‍්ස සිස‍්සො මහාපඤ‍්ඤො පුප‍්ඵනාමො බහුස‍්සුතො, සාසනං අනුරක‍්ඛන‍්තො ජම‍්බුදීපෙ පතිට‍්ඨිතො.
11. නුවණැති විනයෙහි දක්‍ෂ වූ තිස්ස ස්ථවිර යැ ඔබගේ ශිෂ්‍ය (ලක්දිවින් ගොස්) සසුන් රකිමින් දඹදිවැ වැඩහුන් මහාප්‍රාඥ වූ බහුශ්‍රුත පුප්ඵ (සුමන) නම් ස්ථවිර යැ,
12. චූළාභයො ච මෙධාවී විනයෙ ච විසාරදො, තිස‍්සත්‍ථෙරො ච මෙධාවී සද‍්ධම‍්මවංසකොවිදො
12. නුවණැති විනයෙහි ද දක්‍ෂ චූළාභය ස්ථවිර යැ ප්‍රාඥ වූ ශාසනවංශයෙහි දක්‍ෂ තිස්ස ස්ථවිර යැ,
13. ඵුස‍්සදෙවො ච මෙධාවී විනයෙ ච විසාරදො, සිවත්‍ථෙරො ච මෙධාවී විනයෙ සබ‍්බත්‍ථ කොවිදො.
13. බුද්ධිමත් විනයෙහි ද විශාරද චූළදේව ස්ථවිර යැ නුවණැති සියලු විනයෙහි දක්‍ෂ සිවස්ථවිරයැ,
14. එතෙ නාගා මහාපඤ‍්ඤා, විනයඤ‍්ඤූ මග‍්ගකොවිදා, විනයං දීපෙ පකාසෙසුං පිටකං තම‍්බපණ‍්ණියාති.
14. මහාප්‍රාඥ වූ විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාස්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවසූහු.
2. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන භික‍්ඛුනීනං ඡට‍්ඨං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ජානං පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නං භික‍්ඛුනිං නෙවත‍්තනා පටිචොදෙසි, න ගණස‍්ස ආරොචෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-
2. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙහෙණන් පිළිබඳ යම් සවැනි පරිජි සිකපදයෙක් පණවන ලද නම් එය කොතන්හි පණවන ලද යැ යත්: සැවැත්නුවර දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා භික්‍ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ දැන දැන පරිජි ඇවැතට පැමිණි මෙහෙණකට තොමෝ නොම චෝදනා කළා ය, මෙහෙණගණයාහට නො දැන්වූ ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. භික‍්ඛුනීනං සත‍්තමං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති; ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සමග‍්ගෙන සඞ‍්ඝෙන උක‍්ඛිත‍්තං අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං අනුවත‍්ති, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති ධුරනික‍්ඛෙපෙ -පෙ-
3. මෙහෙණන් පිළිබඳ සත්වැනි පරිජි සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ සමගසඞ්ඝයා විසින් උක්‍ෂේපණිය කර්‍මයෙන් නෙරණ ලද පෙරැ ගිජුලිහිණීන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්‍ෂුහට අනුවර්‍තක වූ ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. ධුරනික්‍ෂේපයෙහි යැ. ...
4. භික‍්ඛුනීනං අට‍්ඨමං පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති ධුරනික‍්ඛෙපෙ -පෙ-
4. මෙහෙණන් පිළිබඳ අටවැනි පරිජි සිකපදය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: සවග මෙහෙණහු අටවැනි පරිජි වස්තුව පිරැවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
අට‍්ඨ පාරාජිකා නිට‍්ඨිතා.
අට පරිජි නිමි.
තස‍්සුද‍්දානං:
එහි වස්තුනාමාවලිය:
මෙථුනාදින‍්නදානඤ‍්ච මනුස‍්සවිග‍්ගහුත‍්තරි, කායසංසග‍්ගං ඡාදෙති උක‍්ඛිත‍්තා අට‍්ඨ වත්‍ථුකා; පඤ‍්ඤාපෙසි මහාවීරො ඡෙජ‍්ජවත්‍ථු අසංසයාති.
මෙවුන්දම් පරිජි යැ, අයිනාදන් පරිජි යැ, මිනිස්විකා පරිජි යැ, උතුරුමිනිස්දම් පරිජි යැ, කාසසඟපරිජි යැ, වජ්ජපටිච්ඡාදික පරිජි යැ, උක්ඛිත්තානුවත්තක පරිජි යැ, අට්ඨවත්‍ථුක පරිජි යැ යි මේ අට නිසැකයෙන් ඡේද්‍යවස්තු යැයි මහාවීර වූ මුනීන්‍ද්‍රයන් වහන්සේ පණවා වදාළ සේකි.