සඞ්ඝාදිසෙස කණ්ඩො
1. 2.
1. 2.
සඞ්ඝාදිසෙස කණ්ඩො
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උස්සයවාදිකාය භික්ඛුනියා අට්ටං කරොන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තො -පෙ- කෙනාභතන්ති.
1. සිකපද පැණවීමෙහි කල් දන්නාවූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මානක්රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදෙන මෙහෙණ පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ, කවරක ඇරැබ යැ, කිනම් වස්තුයෙකැ, ... කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්:
යං තෙන භගවතා ජානතා පස්සතා අරහතා සම්මාසම්බුද්ධෙන උස්සයවාදිකාය භික්ඛුනියා අට්ටං කරොන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො.
සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මානක්රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදෙන මෙහෙණ පිළිබඳ යම් සඟවෙසෙසෙක් පණවන ලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී.
කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ.
කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ.
කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී උස්සයවාදිකා විහරි, තස්මිං වත්ථුස්මිං.
කිනම් වස්තුයෙක්හි යැ යත්: ථුල්ලනන්දා මෙහෙණ මානක්රෝධොත්සන්න වශයෙන් විවාද කරමින් අධිකරණයෙහි යෙදී වුසූ යැ, ඒ වස්තුයෙහි යැ.
අත්ථි තත්ථ පඤ්ඤත්ති, අනුපඤ්ඤත්ති, අනුප්පන්නපඤ්ඤත්තීති : එකා පඤ්ඤත්ති. අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති තස්මිං නත්ථි.
එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකක, අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති එහි නැති.
සබ්බත්ථ පඤ්ඤත්ති පදෙසපඤ්ඤත්තීති : සබ්බත්ථ පඤ්ඤත්ති.
සබ්බත්ථපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති ද යත්: සබ්බත්ථපඤ්ඤත්ති යි.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්තීති : අසාධාරණපඤ්ඤත්ති.
සාධාරණපඤ්ඤත්ති අසාධාරණපඤ්ඤත්ති ද යත්: අසාධාරණපඤ්ඤත්ති යැ.
එකතො පඤ්ඤත්ති උභතො පඤ්ඤත්තීති : එකතො පඤ්ඤත්ති.
ඒකතෝපඤ්ඤත්ති උභතෝපඤ්ඤත්ති ද යත්: ඒකතෝපඤ්ඤත්ති යි.
චතුන්නං පාතිමොක්ඛුද්දෙසානං කත්ථොගධං කත්ථ පරියාපන්නන්ති : නිදානොගධං නිදානපරියාපන්නං.
සිවුවැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙහි කොහි පිහිටියේ යැ කොහි ඇතුළත් යැ යත්: නිදානයෙහි පිහිටියේ යැ, නිදානයෙහි ඇතුළත් යැ.
කතමෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡතීති : තතියෙන උද්දෙසෙන උද්දෙසං ආගච්ඡති.
කිනම් උද්දේසයෙන් උදෙසීමට පැමිණේ යැ යත්: තෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ.
චතුන්නං විපත්තීනං කතමා විපත්තීති : සීලවිපත්ති.
සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙහි කිනම් විපත්තියෙකැ යත්: ශීලවිපත්ති යි.
සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතමො ආපත්තික්ඛන්ධොති : සඞ්ඝාදිසෙසාපත්තික්ඛන්ධො.
සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙහි කිනම් ආපත්තිස්කන්‍ධයෙකැ යත්: සඞ්ඝාදිශේෂාපත්තිස්කන්‍ධ යි.
ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාතීති : ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා කායතො ච වාචතො ච සමුට්ඨාති, න චිත්තතො. සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ- කෙනාභතන්ති : පරම්පරාභතං.
සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි කෙතෙක් සමුට්ඨානයෙන් නඟී යැ යත්: සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද වචනයෙන් ද නඟියි, සිතින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ... කවුරුන් විසින් ගෙණ එන ලද යැ යත්: පරපුරෙන් ගෙණ එන ලදී.
උපාලි දාසකො චෙව -පෙ- පිටකං තම්බපණ්ණියාති.
උපාලි ස්ථිවිර යැ, දාසක ස්ථවිර යැ, ... විනය පිටකය තඹපැන් නම් වූ හෙළදිව්හි පැවසූහු.
2. චොරිං වුට්ඨාපෙන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී චොරිං වුට්ඨාපෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං ද්වීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : සියා වාචතො ච චිත්තතො ච සමුට්ඨාති, න කායතො සියා කායතො ච වාචතො ච චිත්තතො ච සමුට්ඨාති -පෙ-
2. සෙරක උපසපන් කරවන්නිය පිළිබඳ සඟවෙසෙස කොතැන්හි දී පණවන ලද යැ යත්: සැවැත්නුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ ද යත්: ථුල්ලනන්දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ථුල්ලනන්දා මෙහෙණ සෙරක උපසපන් කරවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. …
3. එකාය ගාමන්තරං ගච්ඡන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී එකා ගාමන්තරං ගච්ඡි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති තිස්සො අනුපඤ්ඤත්තියො. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : පඨමපාරාජිකෙ -පෙ-
3. එකලා වැ අන් ගමකට යන මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි දී පණවන ලද ද යත්: සැවැත්නුවරැ දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් හුදෙකලා වූවා ම අන් ගමකට ගියා යැ, ඒ වස්තුයෙහි යැ, පඤ්ඤත්ති එකකැ. අනුපඤ්ඤත්ති තුණකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජික සමුට්ඨානයෙන් නඟී. …
4. සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථු සාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, ධුරනික්ඛෙපෙ -පෙ-
4. සමගසඟුන් විසින් ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙවුනීකම් කරණ ලද මෙහෙණකට කාරකසඞ්ඝයා නො විචාරා එම කාරකගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නිය පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්දා භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්දා මෙහෙණ සමගසඟුන් විසින් ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙවුනීකම් කරණ ලද මෙහෙණක කාරකසඞ්ඝයා නො විචාරා එම කාරක ගණයාගේ අදහස නො දැන ඇතුළත් කරගත, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
5. අවස්සුතාය භික්ඛුනියා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : සුන්දරීනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ආමිසං පටිග්ගහෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, පඨමපාරාජිකෙ -පෙ-
5. මෙවුන්දම්රායෙන් තෙත් වූ මෙහෙණක විසින් මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳකරණ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ, යත්: සුන්දරීනන්දා භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සුන්දරීනන්දා මෙහෙණ මෙවුන්දම්රායෙන් තෙත් වූවා මෙවුන්දම්රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් අහරක් පිළිගත, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨමපාරාජිකසමුට්ඨානයෙහි යැ. …
6. “කිං තෙ අය්යෙ, එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා, යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ, යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා, තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා, භුඤ්ජ වා”ති උය්යොජෙන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං අරබ්භාති : අඤ්ඤතරං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : අඤ්ඤතරා භික්ඛුනී ”කිං තෙ අය්යෙ, එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ, යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා. තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති උය්යෙජෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්ති සමුට්ඨානානං තීහි සමුට්ඨානෙහි සමුට්ඨාති -පෙ-
6. ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කරන්නේ ද, යම්හෙයකින් තෝ මෙවුන්දම්රායෙන් නොතෙත් වූයෙහි ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ තිට දේ ද, එය තෝ සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ” යි යොදවන මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂපුද්ගල මෙවුන්දම්රායෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කරන්නේ ද, යම්හෙයකින් තෝ මෙවුන්දම්රායෙන් නො තෙත් වූයෙහි ද, එබැවින් ආර්‍ය්‍යාව, තෙලෙ පුරුෂ පුද්ගල යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ තිට දේ නම් එය තෝ සියතින් පිළිගෙණ කව හෝ වළඳව හෝ” යි යෙදවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. …
7. කුපිතාය අනත්තමනාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී කුපිතා අනත්තමනා එවං අවච “බුද්ධං පච්චාචික්ඛාමි, ධම්මං පච්චාචික්ඛාමි, සඞ්ඝං පච්චාචික්ඛාමි, සික්ඛං පච්චාචික්ඛාමී”ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති ධුරනික්ඛෙපෙ -පෙ-.
7. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ කිපියා වූ නොසියමන් වූ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවනලද යැ යත්: සැවැතෙහි පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ කිපියා නොසියමන් වූවා “බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, ධර්මය ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි, ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන කෙරෙමි” යි මෙසේ කිවූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. ධුරනික්‍ෂේපයෙහි යැ. …
8. කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතාය භික්ඛුනියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : චණ්ඩකාළිං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : චණ්ඩකාළී භික්ඛුනී කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතා කුපිතා අනත්තමනා එවං අවච “ඡන්දගාමිනියො ච භික්ඛුනියො දොසගාමිනියො ච භික්ඛුනියො මොහගාමිනියො ච භික්ඛුනියො භයගාමිනියො ච භික්ඛුනියො”ති, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, ධුරනික්ඛෙපෙ -පෙ-
8. (සිවු අධිකරණයන් අතුරෙන්) කිසියම් අධිකරණයෙක්හි පැරැද වූ තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණක පිළිබඳ සඟවෙසෙස කොතැන්හිදි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පරදවන ලද්දී කිපියා නොසියමන් වූවා “භික්ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු” යි මෙසේ කිවු යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
9. සංසට්ඨානං භික්ඛුනීනං යාවතතියං සමනුභාසනාය නප්පටිජානිස්සන්තීනං සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : සම්බහුලා භික්ඛුනියො ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : සම්බහුලා භික්ඛුනියො සංසට්ඨා විහරිංසු, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති, ධුරනික්ඛෙපෙ -පෙ-
9. (නුසුදුසු කායවාක් ප්‍රයෝගයෙන්) ගිහි මිනිසුන් හා එක් වූ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණන් පිළිබඳ සඟවෙසෙස කොතැන් හිදි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ, කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු ගිහි මිනිසුන් හා නුසුදුසු කායවාක් ප්‍රයෝගයෙන් එක්වැ විසූහ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. …
10. “සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරථා”ති උය්යොජෙන්තියා යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියා සඞ්ඝාදිසෙසො කත්ථ පඤ්ඤත්තොති : සාවත්ථියං පඤ්ඤත්තො. කං ආරබ්භාති : ථුල්ලනන්දං භික්ඛුනිං ආරබ්භ. කිස්මිං වත්ථුස්මින්ති : ථුල්ලනන්දා භික්ඛුනී “සංසට්ඨාව අය්යෙ තුම්හෙ විහරථ, මා තුම්හෙ නානා විහරථා”ති උය්යොජෙසි, තස්මිං වත්ථුස්මිං. එකා පඤ්ඤත්ති. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති; ධුරනික්ඛෙපෙ -පෙ-
10. “ආර්‍ය්‍යයාවෙනි, තෙපි ගිහි මිනිසුන් හා එක්ව ම වසවු, තෙපි වෙන් වැ නොවසවු” යි. මෙහෙයවන්නාවූ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (ලබ්ධිය) නො හරිණ මෙහෙණ පිළිබඳ සඟවෙසෙස කොතැන්හි පණවන ලද යැ යත්: සැවැතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ඵුල්ලනන්දා භික්ෂුණිය ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්දා මෙහෙණ “ආර්‍ය්‍යයාවෙනි, තෙපි ගිහියන් හා එක්ව ම වසවු, වෙන් වැ නො වසවු” යි මෙහෙයවූවා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...
දස සඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
දස සඟ වෙසෙස් නිමි.
තස්සුද්දානං:
එහි වස්තු නාමාවලිය:
උස්සය චොරී ගාමන්තරං උක්ඛිත්තං ඛාදනෙන ච, කිං තෙ කුපිතා කිස්මිචි සංසට්ඨා ඤායතෙ දසාති.
උස්ස යැ චෝරී යැ ගාමන්තර යැ ඛාදන ය සමගඋක්ඛිත්ත යැ කිංතෙ යැ කුපිතා යැ කිස්මිචි යැ සංසට්ඨදෙක යැ යි දසසිඛය දන්නා ලැබේ.