පාරාජිකකණ්ඩං
2. 1.
2. 1.
පාරාජිකකණ්ඩං
පාරාජික කාණ්ඩය
1. මෙථුනං ධම්මං පටිසෙවන්තො කති ආපත්තියො ආපජ්ජති :
1. මෙවුන්දම් සේවනය කරන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
මෙථුනං ධම්මං පටිසෙවන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : අක්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති පාරාජිකස්ස; යෙභුය්යෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති ථුල්ලච්චයස්ස. වට්ටකතෙ ච මුඛෙ අච්ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙති, ආපත්ති දුක්කටස්ස – මෙථුනං ධම්මං පටිසෙවන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
මෙවුන්දම් සේවනය කරන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: ක්ෂය නොවූ නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි. බෙහෙවින් ක්ෂය වූ නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලසි ඇවැත් වෙයි. විවර කළ මුඛයෙහි නො පහස්නා අඞ්ගජාතය ප්‍රවේශ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෙවුන්දම් සේවනය කරන මහණ මේ තුන් ඇවතට පැමිණේ.
2. අදින්නං ආදියන්තො කති ආපත්තියො ආපජ්ජති :
2. නො දුන් දැය (සොර සිතින්) ගන්නා මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්:
අදින්නං ආදියන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති පාරාජිකස්ස. අතිරෙකමාසකං වා ඌනපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති ථුල්ලච්චයස්ස. මාසකං වා ඌනමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, ආපත්ති දුක්කටස්ස. අදින්නං ආදියන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
නො දුන් දෙය (සොර සිතින්) ගන්නා හේතුයෙන් තුන් ඇවතකට පැමිණෙයි: මසු පසක් හෝ අයිරාපස් මස්සක් හෝ අගනා නොදුන් දැයක් සොරසිතින් ගනී නම් පරිජි ඇවැත් වෙයි, අයිරා මස්සක් හෝ උනු පස් මස්සක් හෝ අගනා නො දුන් දැයක් සොර සිතින් ගනී නම් ථුලසි ඇවැත් වෙයි, මස්සක් හෝ උනු මස්සක් හෝ අගනා නො දුන් දැයක් සොර සිතින් ගනී නම් දුකුළා ඇවැත් වේ. නො දුන් දැය ගන්නා මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
3. සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙන්තො කති ආපත්තියො ආපජ්ජති :
3. දැන දැන මිනිස් සතක්හු දිවි ගලවන මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්:
සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : මනුස්සං ඔදිස්ස ඔපාතං ඛණති ‘පපතිත්වා මරිස්සතී’ති, ආපත්ති දුක්කටස්ස. පපතිතෙ දුක්ඛා වෙදනා උප්පජ්ජති, ආපත්ති ථුල්ලච්චයස්ස. මරති, ආපත්ති පාරාජිකස්ස. සඤ්චිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
දැන දැන මිනිස් සතක්හු දිවි ගළවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: “(මෙහි) වැටී මැරේව” යි මිනිස් සතක්හු උදෙසා වළක් කණී නම් දුකුළා ඇවැත් වෙයි, එහි වැටුණු කල ඔහුට දුක් වේදනා උපදී නම් ථුලසි ඇවැත් වෙයි. මැරේ නම් පරිජි ඇවැත් වේ. දැන දැන මිනිස් සතක්හු දිවි ගළවන මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
4. අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපන්තො කති ආපත්තියො ආපජ්ජති :
4. (තමා කෙරෙහි) අවිද්‍යාමාන වූ (ධ්‍යාන්‍යාදී) උතුරු මිනිස්ධර්‍ම තමා තුළ ඇතැයි පවසන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. ‘යො තෙ විහාරෙ වසති සො භික්ඛු අරහා’ති භණති, පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස න පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස. අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
අවිද්‍යාමාන වූ උතුරු මිනිස්ධම් ඇතැයි පවසන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: ලාමක පැතුම් ඇත්තේ (එබඳු) ආශාවෙන් මඬනා ලද්දේ (තමා කෙරෙහි නැති) උතුරු මිනිස්ධම් (ඇතැයි) පවසා නම් පරිජි ඇවැත් වෙයි. “යමෙක් තොපගේ වෙහෙරෙහි වෙසේ ද ඒ මහණ රහත් යැ” යි දැනුමැතියක්හට පවසා නම් ථුලසි ඇවැත් වෙයි, දැනුම් නැතියක්හට පවසා නම් දුකුළා ඇවැත් වේ. අවිද්‍යමාන වූ උතුරු මිනිස්ධම් (ඇතැයි) පවසන මහණ මේ තුන් ඇවතට පැමිණේ.
චත්තාරො පාරාජිකා නිට්ඨිතා.
සතර පිරිජි නිමි.