සඞ්ඝාදිසෙසකණ්ඩො
2. 2.
2. 2.
සඞ්ඝාදිසෙසකණ්ඩො
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. උපක්කමිත්වා අසුචිං මොචෙන්තො කති ආපත්තියො ආපජ්ජති :
1. උපක්‍රම කොට සුකුරු මුදන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්:
උපක්කමිත්වා අසුචිං මොචෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : චෙතෙති උපක්කමති මුච්චති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. චෙතෙති උපක්කමති න මුච්චති, ආපත්ති ථුල්ලච්චයස්ස; පයොගෙ දුක්කටං.
උපක්‍රම කොට සුකුරු මුදන මහණ තුන් ඇවතකට පැමිණෙයි: සිතා ද උපක්‍රම කෙරේ ද සුකුරු මිදේ ද සඟවෙසෙස් ඇවැත් වෙයි, සිතා ද උපක්‍රම කෙරේ ද නො මිදේ ද ථුලැසි ඇවැත් වෙයි. පියෝ හි දුකුළා ඇවැත් වේ.
2. මාතුගාමෙන සද්ධිං කායසංසග්ගං සමාපජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : කායෙන කායං ආමසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. කායෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධෙන කායපටිබද්ධං ආමසති, ආපත්ති දුක්කටස්ස.
2. මාගමක හා කාසසඟයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි; කයින් කය පහරී ද සඟවෙසෙස් ඇවැත් වෙයි, කයින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයෙකින් කය පිළිබඳ දැයක් ආමර්‍ශ කෙරේ ද දුකුළා ඇවැත් වේ.
3. මාතුගාමං දුට්ඨුල්ලාහි වාචාහි ඔභාසෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : වච්චමග්ගං පස්සාවමග්ගං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. වච්චමග්ගං පස්සාවමග්ගං ඨපෙත්වා අධක්ඛකං උබ්භජාණුමණ්ඩලං ආදිස්ස වණ්ණම්පි භණති අවණ්ණම්පි භණති, ආපත්ති ථුල්ලච්චයස්ස. කායපටිබද්ධං ආදිස්ස වණ්ණම්පි භණති, අවණ්ණම්පි භණති, ආපත්ති දුක්කටස්ස.
3. මාගමකට තුළුල් තෙපුල් කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: වසමඟ පසමඟ අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද සඟ වෙසෙස් ඇවැත් වෙයි, වසමග පසමග තබා අකු ඇටයෙන් යට දණ මඬලින් මතු කය අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබඳ දැයක් අරමුණු කොට ගුණත් කියා ද අගුණත් කියා ද දුකුළා ඇවැත් වේ.
4. අත්තකාමපාරිචරියාය වණ්ණං භාසන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : මාතුගාමස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පණ්ඩකස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති ථුල්ලච්චයස්ස. තිරච්ඡානගතස්ස සන්තිකෙ අත්තකාමපාරිචරියාය වණ්ණං භාසති, ආපත්ති දුක්කටස්ස.
4. තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියන මහණ තුන් ඇවතකට පැමිණෙයි: මාගමක හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද සඟවෙසෙස් ඇවැත් වෙයි, පණ්ඩකයක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙකිරීම පිළිබඳ ගුණ කියා ද ථුලැසි ඇවැත් වෙයි, තිරිසන්ගියක්හු හමුවෙහි තමහට මෙවුන්දමින් මෙහෙ කිරීම පිළිබඳ ගුණ කියා ද දුකුළා ඇවැත් වේ.
5. සඤ්චරිත්තං සමාපජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : පටිගණ්හාති වීමංසති පච්චාහරති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. පටිගණ්හාති වීමංසති න පච්චාහරති, ආපත්ති ථුල්ලච්චයස්ස; පටිගණ්හාති න වීමංසති න පච්චාහරති, ආපත්ති දුක්කටස්ස.
5. මාගමුන් හා පිරිමින් අතරැ (හසුන් ගෙණ යනු එනු විසින්) සඤ්චරිත්තයට පැමිණෙන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: (හසුන්) පිළිගණී නම් විමසා නම් පෙරළා ගෙණ ඒ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, පිළිගණී නම් විමසා නම් පෙරළා නො ගෙණේ නම් ථුලැසි ඇවත් වෙයි, පිළිගණී නම් නො විමසා නම් පෙරළා නො ගෙණේ නම් දුකුළා ඇවැත් වේ. …
6. සඤ්ඤාචිකාය කුටිං කාරාපෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
6. තමා ඉල්ලා ගත් උපකරණයෙන් කුටියක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා ද පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් මැටි පිඬෙකින් නො නිමි කල්හි ථුලැසි ඇවත් වෙයි, ඒ පිඬ ද තැබූ කල්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
7. මහල්ලකං විහාරං කාරාපෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : කාරාපෙති, පයොගෙ දුක්කටං. එකං පිණ්ඩං අනාගතෙ ආපත්ති ථුල්ලච්චයස්ස. තස්මිං පිණ්ඩෙ ආගතෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
7. (කරවා දෙන හිමියන් ඇති) මහත් විහාරයක් කරවන මහණ තුන් ඇවැතකට පැමිණෙයි: කරවා නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි, එක් පිඬෙකින්, නො නිමි කල්හි ථුලැසි ඇවැත් වෙයි, එ පිඬ ද තැබූ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති, ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස. ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
8. මහණක්හට අමූලක වූ පරිජි ඇවැතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස් ඇවැත සමග දුකුළා ඇවැත වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කිරීමේ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ (ඔමසවාද) පචිති ඇවැත් වේ.
9. භික්ඛුං අඤ්ඤභාගියස්ස අධිකරණස්ස කිඤ්චිදෙසං ලෙසමත්තං උපාදාය පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : අනොකාසං කාරාපෙත්වා චාවනාධිප්පායො වදෙති. ආපත්ති සඞ්ඝාදිසෙසෙන දුක්කටස්ස, ඔකාසං කාරාපෙත්වා අක්කොසාධිප්පායො වදෙති, ආපත්ති ඔමසවාදස්ස.
9. අන්‍යභාග වූ අධිකරණයක්හුගේ කිසියම් ලේශ මාත්‍රයක් ගෙණ උපසපනක්හට පරිජි ඇවතින් චෝදනා කරණ මහණ තුන් ඇවැතකට පැමිණෙයි: අවසර නො ගෙණ සස්නෙන් නෙරණ අදහස් ඇති ව කියා නම් සඟ වෙසෙස සමග දුකුළා ඇවැත් වෙයි, අවසර ගෙණ ආක්‍රෝශ කරණ අදහස් ඇති ව කියා නම් ගටා බිණීම පිළිබඳ පචිති ඇවැත් වේ.
10. සඞ්ඝභෙදකො භික්ඛු යාවතතියං සමනුභාසියමානො නප්පටිනිස්සජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචා පරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
10. තුන් යළ තෙක් සමනුභාසනකම් කරණු ලබන සඞ්ඝභේදක මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, කම්මවාචා දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම්වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
11. භෙදකානුවත්තකා භික්ඛූ යාවතතියං සමනුභාසියමානා නප්පටිනිස්සජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජන්ති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
11. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන භේදානුවත්තක මහණහු ඒ වරද නො හරනාහු නම් තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙහි දුකුළා වෙයි, කම්වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
12. දුබ්බචො භික්ඛු යාවතතියං සමනුභාසියමානො නප්පටිනිස්සජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
12. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන නො කීකරු මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි, කම් වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.
13. කුලදූසකො භික්ඛු යාවතතියං සමනුභාසියමානො නප්පටිනිස්සජ්ජන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා; කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
13. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන කුලදූසක මහණ ඒ වරද නො හරනේ නම් තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. කම් වදන් දෙකෙකින් ථුලැසි දෙකෙක් වෙයි, කම්වදන් පිරියතැ සඟ වෙසෙස් ඇවැත් වේ.
තෙරස සඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
තෙළෙස් සඟවෙසෙස් නිමි.