කඨිනවග්ගො පඨමො
3. 1.
3. 1.
1. අතිරෙකචීවරං දසාහං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
1. (නො ඉටු නො විකැපු) අතිරේක චීවරයක් දස දිනක් ඉක්මවන මහණ එක් නිසගි පචිති ඇවතකට පැමිණේ.
2. එකරත්තං තිචීවරෙන විප්පවසන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
2. එක් රැයක් තුන් සිවුරෙන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
3. අකාලචීවරං පටිග්ගහෙත්වා මාසං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
3. අයල් සිවුරක් පිළිගෙණ මසක් ඉක්මවන මහණ එක් නිසඟිපචිති ඇවැතකට පැමිණේ.
4. අඤ්ඤාතිකාය භික්ඛුනියා පුරාණචීවරං ධොවාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ධොවාපෙති, පයොගෙ දුක්කටං, ධොවාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
4. නො නෑ මෙහෙණක ලවා පැරැණි සිවුරක් ධෝවන කර වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ධෝවන කරවා නම් පියෝහි දුකුළා වෙයි, ධෝවන කරවා නිමි කල්හි නිසඟි පචිති වේ.
5. අඤ්ඤාතිකාය භික්ඛුනියා හත්ථතො චීවරං පටිග්ගණ්හන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ගණ්හාති, පයොගෙ දුක්කටං. ගහිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
5. නො නෑ මෙහෙණක අතින් සිවුරක් පිළිගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි නිසඟි පචිති වේ.
6. අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා චීවරං විඤ්ඤාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං, විඤ්ඤාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
6. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ සිවුරක් ඉල්ලා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත්කල්හි නිසඟි පචිති වේ.
7. අඤ්ඤාතකං ගහපතිං වා ගහපතානිං වා තතුත්තරිං චීවරං විඤ්ඤාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විඤ්ඤාපෙති පයොගෙ දුක්කටං, විඤ්ඤාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
7. නො නෑ ගැහැවියකුගෙන් හෝ ගැහැවිනියකගෙන් හෝ ඉන් වැඩි සිවුරක් විනවා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
8. පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකං ගහපතිකං උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විකප්පං ආපජ්ජති පයොගෙ දුක්කටං. විකප්පං ආපන්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
8. පෙරැ නො පවරණ ලද මහණ නො නෑ ගැහැවියකු වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ දෙ ඇවතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
9. පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකෙ ගහපතිකෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විකප්පං ආපජ්ජති පයොගෙ දුක්කටං, විකප්පං ආපන්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
9. පෙරැ නො පවරණ ලද මහණ නො නෑ ගැහැවියන් වෙත එළඹ සිවුරෙහි අධික විධානයට පැමිණෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
10. අතිරෙකතික්ඛත්තුං චොදනාය අතිරෙක ඡක්ඛත්තුං ඨානෙන චීවරං අභිනිප්ඵාදෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අභිනිප්ඵාදෙති පයොගෙ දුක්කටං, අභිනිප්ඵාදිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
10. තෙවරකින් වැඩි චෝදනාවෙන් ද සවරකින් වැඩි උදෙසා සිටීමෙන් ද සිවුරක් නිපදවා ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නිපදවා නම් පියෝහි දුකුළා වෙයි, නිපදවා ගත් කල්හි නිසඟි පචිති වේ.