පත්තවග්ගො තතියො
3. 3.
3. 3.
1. අතිරෙකපත්තං දසාහං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
1. (නො ඉටූ නො විකැපු) අතිරේක පාත්රයක් දසදිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
2. ඌනපඤ්චබන්ධනෙන පත්තෙන අඤ්ඤං නවං පත්තං චෙතාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : චෙතාපෙති පයොගෙ දුක්කටං, චෙතාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
2. උනුපස්බාන් පාත්රයකින් යුත් මහණ අනික් අළුත් පාත්රයක් විනවා ගන්නේ නම් දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවා ගත් කල්හි නිසඟි පචිති වේ.
3. භෙසජ්ජානි පටිග්ගහෙත්වා සත්තාහං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
3. බෙහෙත් පිළිගෙණ සත් දිනක් ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
4. අතිරෙකමාසෙ සෙසෙ ගිම්හානෙ වස්සිකසාටිකචීවරං පරියෙසන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරියෙසති පයොගෙ දුක්කටං පරියිට්ඨෙ නිස්සග්ගියං පාචිත්තියං.
4. අතිරේක මාසයක් ශේෂ ව සිටි ගිම්හානයෙහි වැසිසළු සිවුර සොයන මහණ දෙඇවැතකට පැමිණෙයි: සොයා නම් පියෝහි දුකුළා වෙයි, සොයා නිමි කල්හි නිසඟි පචිති වේ.
5. භික්ඛුස්ස සාමං චීවරං දත්වා කුපිතො අනත්තමනො අච්ඡින්දන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අච්ඡින්දති පයොගෙ දුක්කටං, අච්ඡින්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
5. මහණක්හට තෙමේ ම සිවුරක් දී කිපියේ නො සතුටුසිත් ඇත්තේ අසිඳ ගන්නා මහණ දෙ ඇවතකට පැමිණෙයි: අසිඳ ගණී නම් පියෝහි දුකුළා වෙයි, අසිඳ ගත් කල්හි නිසඟි පචිති වේ.
6. සාමං සුත්තං විඤ්ඤාපෙත්වා තන්තවායෙහි චීවරං වායාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : වායාපෙති, පයොගෙ දුක්කටං, වායාපිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
6. තෙමේ හූ විනවා පෙහෙරුන් ලවා සිවුරක් වියවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වියවා නම් පියෝහි දුකුළා වෙයි, වියවූ කල්හි නිසඟි පචිති වේ.
7. පුබ්බෙ අප්පවාරිතො අඤ්ඤාතකස්ස ගහපතිකස්ස තන්තවායෙ උපසඞ්කමිත්වා චීවරෙ විකප්පං ආපජ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : විකප්පං ආපජ්ජති පයොගෙ දුක්කටං, විකප්පං ආපන්නෙ නිස්සග්ගියං පාචිත්තියං.
7. පෙහෙරුන් වෙත එළඹ නො නැ ගැහැවියකුගේ සිවුරෙහි අධික විධානයට පැමිණෙන පෙරැ නො පවරණ ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අධික විධානයට පැමිණේ නම් පියෝහි දුකුළා වෙයි, අධික විධානයට පැමිණි කල්හි නිසඟි පචිති වේ.
8. අච්චෙකචීවරං පටිග්ගහෙත්වා චීවරකාලසමයං අතික්කාමෙන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
8. ඉක්මන් සිවුරක් පිළිගෙණ විචරකාලසමය ඉක්මවන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
9. තිණ්ණං චීවරානං අඤ්ඤතරං චීවරං අන්තරඝරෙ නික්ඛිපිත්වා අතිරෙකඡාරත්තං විප්පවසන්තො එකං ආපත්තිං ආපජ්ජති නිස්සග්ගියං පාචිත්තියං.
9. තුන් සිවුරු අතුරෙන් එක්තරා සිවුරක් ඇතුළුගමැ තබා අයිරා සරැයක් ඉන් වෙන් වැ වසන මහණ එක් නිසඟි පචිති ඇවැතකට පැමිණේ.
10. ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිණාමෙති පයොගෙ දුක්කටං, පරිණාමිතෙ නිස්සග්ගියං පාචිත්තියං.
10. සඟනට පිරිණමන ලද සඟසතු චීවරාදී ලාභයක් දැන දැන තමහට නතුකර ගන්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිණමවා නම් පියෝහි දුකුළා වෙයි, පිරිණැමවූ කල්හි නිසඟි පචිති වේ.
පත්තවග්ගො තතියො.
තෙ වන පත්තවර්ග යි.
තිංස නිස්සග්ගියා පාචිත්තියා නිට්ඨිතා.
තිස් නිසඟි පචිති නිමි.