මුසාවාදවග්ගො පඨමො
4. 1.
4. 1.
1. සම්පජානමුසාවාදං භාසන්තො කති ආපත්තියො ආපජ්ජති, සම්පජානමුසාවාදං භාසන්තො පඤ්ච ආපත්තියො ආපජ්ජති : පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරාජිකස්ස. භික්ඛුං අමූලකෙන පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙති, ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ‘යො තෙ විහාරෙ වසති’ සො භික්ඛු අරහා’ති භණති, පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස. නප්පටිවිජානන්තස්ස ආපත්ති දුක්කටස්ස. සම්පජානමුසාවාදෙ පාචිත්තියං, සම්පජානමුසාවාදං භාසන්තො ඉමා පඤ්ච ආපත්තියො ආපජ්ජති :
1. දැන දැන මුසවා කියන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන මුසවා කියන මහණ පස් ඇවැතකට පැමිණෙයි: ලාමක අදහස් ඇති වැ එයින් මඩනා ලදු වැ තමා කෙරෙහි අවිද්‍යාමාන වූ, නොවූ උතුරු මිනිස්දම් තමා වෙත ඇතැයි ප්‍රකාශ කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, මුල් නැති පරිජි ඇවැතකින් මහණක්හට චෝදනා කෙරේ නම් සඟ වෙසෙස් ඇවැත් වෙයි, “යම් මහණෙක් තොපගේ විහාරයෙහි වෙසේ ද, ඒ මහණ රහත්ය” යි දැනුමැතියක්හට කියා නම් ථුලැසි ඇවැත් වෙයි, නො දැනුමැතියක්හට කියා නම් දුකුළා ඇවැත් වෙයි. දැන දැන මුසවා කීමෙහි පචිති ඇවැත් වේ. දැන දැන මුසවා කියන මහණ මේ පස් ඇවැතට පැමිණේ.
2. ඔමසන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපසම්පන්නං ඔමසති ආපත්ති පාචිත්තියස්ස, අනුපසම්පන්නං ඔමසති ආපත්ති දුක්කටස්ස.
2. (ජාත්‍යාදියෙන්) ගටා බණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක්හට ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
3. පෙසුඤ්ඤං උපසංහරන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති ආපත්ති පාචිත්තියස්ස. අනුපසම්පන්නස්ස පෙසුඤ්ඤං උපසංහරති ආපත්ති දුක්කටස්ස.
3. පෙහෙසුන් බස් එළවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපනක් හට පෙහෙසුන් බස් එළවා නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට පෙහෙසුන්බස් එළවා නම් දුකුළා ඇවැත් වේ.
4. අනුපසම්පන්නං පදසො ධම්මං වාචෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : වාචෙති පයොගෙ දුක්කටං, පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස.
4. අනුපසපනක්හට පදසෝධම් කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
5. අනුපසම්පන්නෙන උත්තරිං ද්විරත්තතිරත්තං සහසෙය්යං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිපජ්ජති පයොගෙ දුක්කටං, නිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
5. අනුපසපනක්හු හා දෙතුන් රැයකින් මත්තෙහි එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත්කල්හි පචිති ඇවැත් වේ.
6. මාතුගාමෙන සහසෙය්යං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිපජ්ජති පයොගෙ දුක්කටං, නිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
6. මාගමක හා එක් සෙනස්නෙහි හොවින මහණ දෙ ඇවැතකට පැමිණෙයි. හොවී නම් පියෝහි දුකුළා වෙයි. හොත් කල්හි පචිති ඇවැත් වේ.
7. මාතුගාමස්ස උත්තරිං ඡප්පඤ්චවාචාහි ධම්මං දෙසෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : දෙසෙති. පයොගෙ දුක්කටං, පදෙ පදෙ ආපත්ති පාචිත්තියස්ස.
7. මාගමක්හට සපස් පෙදෙකින් මත්තෙහි දහම් දෙසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දෙසා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
8. අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං භූතං ආරොචෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ආරොචෙති පයොගෙ දුක්කටං, ආරොචිතෙ ආපත්ති පාචිත්තියස්ස.
8. අනුපසපනක්හට තමා තුළ ඇති උතුරු මිනිස්දම් ආරොචන කරණ මහණ තෙමේ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
9. භික්ඛුස්ස දුට්ඨුල්ලං ආපත්තිං අනුපසම්පන්නස්ස ආරොචෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ආරොචෙති පයොගෙ දුක්කටං, ආරොචිතෙ ආපත්ති පාචිත්තියස්ස.
9. මහණහුගේ තුළුල් ඇවැතක් අනුපසපනක්හට ආරොචන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ආරොචන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. ආරොචන කළ කල්හි පචිති ඇවැත් වේ.
10. පඨවිං ඛණන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : ඛණති පයොගෙ දුක්කටං, පහාරෙ පහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
10. පොළොව කණින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කණි නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.