භූතගාමවග්ගො දුතියො
4. 2.
4. 2.
1. භූතගාමං පාතෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පාතෙති පයොගෙ දුක්කටං, පහාරෙ පහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
1. රුක්ලිය කලකුරුවන මහණ දෙඇවැතකට පැමිණෙයි: කලකුරුවා නම් පියෝහි දුකුළා වෙයි, පහරෙහි පහරෙහි පචිති ඇවැත් වේ.
2. අඤ්ඤෙනඤ්ඤං පටිචරන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අනාරොපිතෙ අඤ්ඤවාදකෙ අඤ්ඤෙනඤ්ඤං පටිචරති ආපත්ති දුක්කටස්ස, ආරොපිතෙ අඤ්ඤවාදකෙ අඤ්ඤෙනඤ්ඤං පටිචරති ආපත්ති පාචිත්තියස්ස.
2. ආන්යවචනයකින් අන්යවචනයක් වසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අන්යවාදක කර්මය ආරෝපණය නො කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් දුකුළා වෙයි, අන්යවාදක කර්මය ආරෝපණය කළ කල්හි අනෙකකින් අනෙකක් වසා නම් පචිත් ඇවැත් වේ.
3. භික්ඛුං උජ්ඣාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : උජ්ඣාපෙති පයොගෙ දුක්කටං, උජ්ඣාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
3. මහණක්හු හෙළා දක්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හෙළා දක්නේ නම් පියෝහි දුකුළා වෙයි, හෙළා දුටු කල්හි පචිති ඇවැත් වේ.
4. සඞ්ඝිකං මඤ්චං වා පීඨං වා භිසිං වා කොච්ඡං වා අජ්ඣොකාසෙ සන්ථරිත්වා අනුද්ධරිත්වා අනාපුච්ඡා පක්කමන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං ලෙඩ්ඩුපාතං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස, දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
4. සඟසතු ඇඳක් හෝ පුටුවක් හෝ බිස්සක් හෝ බදවෙළුමක් හෝ එළිමහනෙහි අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පිය කැටක් හෙළන තැන ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
5. සඞ්ඝිකෙ විහාරෙ සෙය්යං සන්ථරිත්වා අනුද්ධරිත්වා අනාපුච්ඡා පක්කමන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස, දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
5. සඟසතු වෙහෙරෙහි අස්නක් අතුට නඟා නො තබා නො පිළිවිස බැහැර යන මහණ දෙඇවැතකට පැමිණෙයි: පළමු පිය පිරිකෙව් ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
6. සඞ්ඝිකෙ විහාරෙ ජානං පුබ්බූපගතං භික්ඛුං අනුපඛජ්ජ සෙය්යං කප්පෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නිපජ්ජති පයොගෙ දුක්කටං, නිපන්නෙ ආපත්ති පාචිත්තියස්ස.
6. සඟසතු වෙහෙරෙහි දැන දැන පළමු එළඹි මහණක්හු වෙතට එළඹ ශයනය කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හොවී නම් පියෝහි දුකුළා වෙයි, හොත් කල්හි පචිති ඇවැත් වේ.
7. භික්ඛුං කුපිතො අනත්තමනො සඞ්ඝිකා විහාරා නික්කඩ්ඪෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නික්කඩ්ඪති පයොගෙ දුක්කටං, නික්කඩ්ඪිතෙ ආපත්ති පාචිත්තියස්ස.
7. කිපියේ නොසියමන් වැ සඟසතු වෙහෙරින් මහණක්හු නෙරපන සිත් ඇති මහණ දෙ ඇවැතකට පැමිණෙයි: නෙරපා නම් පියෝහි දුකුළා වෙයි, නෙරපූ කල්හි පචිති ඇවැත් වේ.
8. සඞ්ඝිකෙ විහාරෙ උපරිවෙහාසකුටියා ආහච්චපාදකං මඤ්චං වා පීඨං වා අභිනිසීදන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අභිනිසීදති පයොගෙ දුක්කටං, අභිනිසින්නෙ ආපත්ති පාචිත්තියස්ස.
8. සඟසතු වෙහෙරෙහි අහස් කිළියෙහි වියල් විද සිළු ගන්වා කළ පා ඇති ඇඳක හෝ පුටුවක හෝ හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳීනම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.
9. ද්වත්තිපරියායෙ අධිට්ඨහිත්වා තතුත්තරිං අධිට්ඨහන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අධිට්ඨාති පයොගෙ දුක්කටං, අධිට්ඨිතෙ ආපත්ති පාචිත්තියස්ස.
9. පිරිකෙව් සෙවෙනි දෙකක් තුණක් විධාන කොට ඉන් වැඩියක් විධාන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විධාන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, විධාන කළ කල්හි පචිති ඇවැත් වේ.
10. ජානං සප්පාණකං උදකං තිණං වා මත්තිකං වා සිඤ්චන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සිඤ්චති, පයොගෙ දුක්කටං, සිඤ්චිතෙ ආපත්ති පාචිත්තියස්ස.
10. දැන දැන පණුවන් සහිත දිය තණට හෝ මැටියට හෝ ඉසින මහණ දෙ ඇවැත කට පැමිණෙයි: ඉසී නම් පියෝහි දුකුළා වෙයි, ඉසි කල්හි පචිති ඇවැත් වේ.