ඔවාදවග‍්ගො තතියො
4. 3.
4. 3.
1. අසම‍්මතො භික‍්ඛුනියො ඔවදන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඔවදති පයොගෙ දුක‍්කටං, ඔවදිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
1. මෙහෙණන්හට ඔවා දෙන සම්මතය නො ලද මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ඔවා දේ නම් දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
2. අත්‍ථඞ‍්ගතෙ සූරියෙ භික‍්ඛුනියො ඔවදන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඔවදති, පයොගෙ දුක‍්කටං, ඔවදිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
2. හිර අවරට ගියකල්හි මෙහෙණන්හට ඔවාදෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: ඔවා දේ නම් පියෝහි දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
3. භික‍්ඛුනූපස‍්සයං උපසඞ‍්කමිත්‍වා භික‍්ඛුනියො ඔවදන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති ; ඔවදති පයොගෙ දුක‍්කටං, ඔවදිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
3. මෙහෙණවරට එළඹ මෙහෙණන්හට ඔවා දෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: ඔවා දේ නම් පියෝහි දුකුළා වෙයි, ඔවා දුන් කල්හි පචිති ඇවැත් වේ.
4. ආමිසහෙතු භික‍්ඛූ භික‍්ඛුනියො ඔවදන‍්තීති භණන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භණති පයොගෙ දුක‍්කටං, භණිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
4. “භික්‍ෂූහු ආමිෂ හේතු කොට මෙහෙණන්හට ඔවා දෙති” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කියා නම් පියෝහි දුකුළා වෙයි, කී කල්හි පචිති ඇවැත් වේ.
5. අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා චීවරං දෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : දෙති පයොගෙ දුක‍්කටං, දින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
5. නො නෑ මෙහෙණකට සිවුරක් දෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
6. අඤ‍්ඤාතිකා භික‍්ඛුනියා චීවරං සිබ‍්බෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : සිබ‍්බෙති පයොගෙ දුක‍්කටං, ආරපථෙ ආරපථෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
6. නො නෑ මෙහෙණකගේ සිවුරක් ගෙත්තම් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගෙත්තම් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, හිදියෙහි හිදියෙහි පචිති ඇවැත් වේ.
7. භික‍්ඛුනියා සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පටිපජ‍්ජති පයොගෙ දුක‍්කටං, පටිපන‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
7. මෙහෙණක හා ගිවිස ගෙණ එක් අදන් මඟකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිළිපදී නම් පියෝහි දුකුළා වෙයි, පිළිපන් කල්හි පචිති ඇවැත් වේ.
8. භික‍්ඛුනියා සද‍්ධිං සංවිධාය එකං නාවං අභිරුහන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : අභිරුහති පයොගෙ දුක‍්කටං, අභිරූළ‍්හෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
8. මෙහෙණක හා ගිවිස ගෙණ එක් නැවකට නඟින මහණ දෙ ඇවතකට පැමිණෙයි: නඟී නම් පියෝහි දුකුළා වෙයි, නැඟි කල්හි පචිති ඇවැත් වේ.
9. ජානං භික‍්ඛුනීපරිපාචිතං පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
9. මෙහෙණක නිපද වූ අහරක් දැන දැන වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
10. භික‍්ඛුනියා සද‍්ධිං එකො එකාය රහො නිසජ‍්ජං කප‍්පෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නිසීදති පයොගෙ දුක‍්කටං, නිසින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
10. එකලා මෙහෙණක හා රහස්හි හිඳීම කරණ එකලා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.