යෙදුමෙන් කියවන්න

අචෙළකවග‍්ගො පඤ‍්චමො

4. 5.

4. 5.

1. අචෙලකස‍්ස වා පරිබ‍්බාජකස‍්ස වා පරිබ‍්බාජිකාය වා සහත්‍ථා ඛාදනීයං වා භොජනීයං වා දෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : දෙති පයොගෙ දුක‍්කටං, දින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

1. නග්න තවුසකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ කෑ යුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ සියතින් දෙන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.

2. භික‍්ඛුං ‘එහාවුසො ගාමං වා නිගමං වා පිණ‍්ඩාය පවිසිස‍්සාමා’ති, තස‍්ස දාපෙත්‍වා වා අදාපෙත්‍වා වා උය්‍යොජෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උය්‍යොජෙති පයොගෙ දුක‍්කටං, උය්‍යොජිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. මහණක්හට “ඇවත, එනු මැනව, ගමකට හෝ නියම්ගමකට හෝ පිඬු පිණිස පිවිසෙන්නෙමු” කියා ඒ මහණහට (යම් කිසි අහරක්) දෙවා හෝ නො දෙවා හෝ නඟා යවන මහණ දෙඇවතකට පැමිණෙයි: නඟා යවා නම් පියෝහි දුකුළා වෙයි, නඟා යැවූ කල්හි පචිති ඇවැත් වේ.

3. සභොජනෙ කුලෙ අනුපඛජ‍්ජ නිසජ‍්ජං කප‍්පෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නිසීදති පයොගෙ දුක‍්කටං. නිසින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. මෙවුන්දම්රායෙන් යුත් පුමිතිරි දෙදෙනෙකුන් ඇති යහන් ගෙයි වැදහිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.

4. මාතුගාමෙන සද‍්ධිං රහො පටිච‍්ඡන‍්නෙ ආසනෙ නිසජ‍්ජං කප‍්පෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නිසීදති පයොගෙ දුක‍්කටං, නිසින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

4. මාගමක හා රහස්හි පිළිසන් අස්නෙකැ හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.

5. මාතුගාමෙන සද‍්ධිං එකො එකාය රහො නිසජ‍්ජං කප‍්පෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නිසීදති පයොගෙ දුක‍්කටං, නිසින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. එකලා වූයේ එකලා වූ මාගමක හා රහස්හි හිඳින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.

6. නිමන‍්තිතො සභත‍්තො සමානො පුරෙභත‍්තං වා පච‍්ඡාභත‍්තං වා සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා කුලෙසු චාරිත‍්තං ආපජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පඨමං පාදං උපචාරං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස, දුතියං පාදං අතික‍්කාමෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. නිමන්ත්‍රණ ලද බත් ඇති වැ පෙරවරු හෝ පස්වරු හෝ අරම්වැසි මහණක්හු නො පිළිවිසැ කුලයන්හි හැසිරීමට පැමිණෙන මහණ දෙ ඇවතකට පැමිණෙයි: පළමු පිය උපචාර ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.

7. තතුත‍්තරිං භෙසජ‍්ජං විඤ‍්ඤාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : විඤ‍්ඤාපෙති පයොගෙ දුක‍්කටං, විඤ‍්ඤාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. එයට (පවරණ ලද පමණට) වඩා බෙහෙත් විනවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: විනවා නම් පියෝහි දුකුළා වෙයි, විනවූ කල්හි පචිති ඇවැත් වේ.

8. උය්‍යුත‍්තං සෙනං දස‍්සනාය ගච‍්ඡන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස, යත්‍ථ ඨිතො පස‍්සති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

8. සටනට නිකුත් (සිවුරඟ) සෙනඟ දැක්මට යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියේ දකී නම් පචිති ඇවැත් වේ.

9. අතිරෙකතිරත‍්තං සෙනාය වසන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වසති පයොගෙ දුක‍්කටං, වසිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. අයිරා තෙරැයක් සේනාවෙහි වසන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වෙසේ නම් පියෝහි දුකුළා වෙයි, විසූ කල්හි පචිති ඇවැත් වේ.

10. උය්‍යොධිකං ගච‍්ඡන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස, යත්‍ථ ඨිතො පස‍්සති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

10. යුදබිමට යන මහණ දෙ ඇවතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියේ දකී නම් පචිති ඇවැත් වේ.

අචෙළකවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි අචේලක වර්‍ග යි.