සුරාමෙරයවග්ගො ඡට්ඨො
4. 6.
4. 6.
1. මජ්ජං පිවන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පිවිස්සාමීති පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස, අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාචිත්තියස්ස.
1. රහමෙර බොන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බොන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
2. භික්ඛුං අඞ්ගුලිපතොදකෙන හාසෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : හාසෙති පයොගෙ දුක්කටං, හාසිතෙ ආපත්ති පාචිත්තියස්ස.
2. ගිරිති කැවීමෙන් මහණක්හු සිනහ ගන්වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සිනා ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, සිනා ගැන්වූ කල්හි පචිති ඇවැත් වේ.
3. උදකෙ කීළන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : හෙට්ඨාගොප්ඵකෙ උදකෙ කීළති ආපත්ති දුක්කටස්ස, උපරි ගොප්ඵකෙ කීළති ආපත්ති පාචිත්තියස්ස.
3. දිය කෙළනා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ගොප් ඇටයෙන් යට ජලයෙහි ක්රීඩා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ගොප් ඇටයෙන් මතු ජලයෙහි ක්රීඩා කෙරේ නම් පචිති ඇවැත් වේ.
4. අනාදරියං කරොන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : කරොති පයොගෙ දුක්කටං, කතෙ ආපත්ති පාචිත්තියස්ස.
4. (සිකපදයෙන් ඔවාදෙන පුඟුලාට හෝ දහමට) අනදර කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අනදර කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අනදර කළ කල්හි පචිති ඇවැත් වේ.
5. භික්ඛුං භිංසාපෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : භිංසාපෙති පයොගෙ දුක්කටං, භිංසාපිතෙ ආපත්ති පාචිත්තියස්ස.
5. මහණක්හු බියගන්වන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: බිය ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, බිය ගැන්වූ කල්හි පචිති ඇවැත් වේ.
6. ජොතිං සමාදහිත්වා විසිබ්බෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : සමාදහති පයොගෙ දුක්කටං, සමාදහිතෙ ආපත්ති පාචිත්තියස්ස.
6. ගිනි දල්වා තප්නා මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දල්වා නම් පියෝහි දුකුළා වෙයි, දැල්වූ කල්හි පචිති ඇවැත් වේ.
7. ඔරෙනද්ධමාසං නහායන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : නහායති පයොගෙ දුක්කටං, නහානපරියොසානෙ ආපත්ති පාචිත්තියස්ස.
7. අඩමසෙකින් මොබ ස්නාන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: ස්නාන කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, ස්නාන අවසන්හි පචිති ඇවැත් වේ.
8. අනාදියිත්වා තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං නවං චීවරං පරිභුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිභුඤ්ජති, පයොගෙ දුක්කටං, පරිභුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
8. තෙවැදෑරුම් දුර්වර්ණ කිරීම් අතුරින් එක්තරා දුර්වර්ණ කිරීමක් නො ගෙණ නව සිවුරක් පරිභෝග කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පරිභෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
9. භික්ඛුස්ස වා භික්ඛුනියා වා සික්ඛමානාය වා සාමණෙරස්ස වා සාමණෙරියා වා සාමං චීවරං විකප්පෙත්වා අපච්චුද්ධාරකං පරිභුඤ්ජන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : පරිභුඤ්ජති පයොගෙ දුක්කටං, පරිභුත්තෙ ආපත්ති පාචිත්තියස්ස.
9. මහණක්හට හෝ මෙහෙණකට හෝ හික්මෙණුවකට හෝ හෙරණකුට හෝ හෙරැණියකට හෝ තෙමේ සිවුරක් දී නො පසුදුරුවා වළඳ කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, වළඳ කළ කල්හි පචිති ඇවැත් වේ.
10. භික්ඛුස්ස පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙන්තො ද්වෙ ආපත්තියො ආපජ්ජති : අපනිධෙති : පයොගෙ දුක්කටං, අපනිද්ධෙ ආපත්ති පාචිත්තියස්ස.
10. මහණක්හුගේ පාත්රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුලාවක් හෝ කාබානක් හෝ සඟවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සඟවා නම් පියෝහි දුකුළා වෙයි, සැඟවූ කල්හි පචිති ඇවැත් වේ.