යෙදුමෙන් කියවන්න

සප‍්පාණකවග‍්ගො සත‍්තමො

4. 7.

4. 7.

1. සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙන‍්තො කති ආපත‍්තියො ආපජ‍්ජති : සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙන‍්තො චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : අනොදිස‍්ස ඔපාතං ඛණති ‘යො කොචි පපතිත්‍වා මරිස‍්සතී’ති ආපත‍්ති දුක‍්කටස‍්ස. මනුස‍්සො තස‍්මිං පපතිත්‍වා මරති, ආපත‍්ති පාරාජිකස‍්ස. යක‍්ඛො වා පෙතො වා තිරච‍්ඡානගතමනුස‍්සවිග‍්ගහො වා තස‍්මිං පපතිත්‍වා මරති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. තිරච‍්ඡානගතො තස‍්මිං පපතිත්‍වා මරති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සඤ‍්චිච‍්ච පාණං ජීවිතා වොරොපෙන‍්තො ඉමා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති :

1. දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ සිවු ඇවැතකට පැමිණෙයි: “එකකු නො උදෙසා යම් මැ එකෙක් වැටී මැරෙන්නේ මැනැවැ” යයි වළක් කණි නම් දුකුළා ඇවැත්වෙයි, මිනිසෙක් එහි වැටී මැරේ නම් පරිජි ඇවැත් වෙයි, යකෙක් හෝ ප්‍රේතයෙක් හෝ තිරිසන් ගිය මිනිස් සිරුරු ඇත්තෙක් හෝ එහි වැටී මැරේ නම් ථුලැසි ඇවැත් වෙයි, තිරිසන් ගතයෙක් එහි වැටී මැරේ නම් පචිති ඇවැත් වේ. දැන දැන සතක්හු දිවියෙන් තොරකරණ මහණ මේ සිවු ඇවැතට පැමිණේ.

2. ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පරිභුඤ‍්ජති, පයොගෙ දුක‍්කටං, පරිභුත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. දැන දැන පණුවන් සහිත පැන් වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳා නම් පියෝහි දුකුළා වෙයි, වැළඳු කල්හි පචිති ඇවැත් වේ.

3. ජානං යථාධම‍්මං නිහතාධිකරණං පුන කම‍්මාය උක‍්කොටෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උක‍්කොටෙති පයොගෙ දුක‍්කටං, උක‍්කොටිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. දැහැමින් සන්සිඳුවන ලද අධිකරණයක් දැන දැන නැවැත විනිස පිණිස උගුළුවන (මතු කරණ) මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උගුළුවා නම් පියෝහි දුකුළා වෙයි, ඉගුළූ කල්හි පචිති ඇවැත් වේ.

4. භික‍්ඛුස‍්ස ජානං දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙන‍්තො එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.

4. මහණක්හුගේ තුළුල් ඇවැතක් දැන දැන සඟවන මහණ එක් ඇවැතකට පැමිණෙයි: පචිති ඇවත යි.

5. ජානං ඌනවීසතිවස‍්සං පුග‍්ගලං උපසම‍්පාදෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උපසම‍්පාදෙති පයොගෙ දුක‍්කටං, උපසම‍්පාදිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. දැන දැන උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: උපසපන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, උපසපන් කළ කල්හි පචිති ඇවැත් වේ.

6. ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පටිපජ‍්ජති පයොගෙ දුක‍්කටං, පටිපන‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. දැන දැන සොරසත්‍වාමුළක් සමග ගිවිස ගෙණ එක් අදන් මඟකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මඟට බසී නම් පියෝහි දුකුළා වෙයි, මගට බට කල්හි පචිති ඇවැත් වේ.

7. මාතුගාමෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පටිපජ‍්ජති පයොගෙ දුක‍්කටං, පටිපන‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. මාගමක හා ගිවිස ගෙණ එක් අදන්මගකට පිළිපන් මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මඟට බසී නම් පියෝහි දුකුළා වෙයි, මඟට බට කල්හි පචිති ඇවැත් වේ.

8. පාපිකාය දිට‍්ඨියා යාවතතියං සමනුභාසියමානො නප‍්පටිනිස‍්සජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඤත‍්තියා දුක‍්කටං, කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

8. තුන් යළ තෙක් සමානුභාසනකම් කරණු ලබන මහණ ලාමක දෘෂ්ටිය නො හරිණුයේ දෙ ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙහි දුකුළා වෙයි. කම්වදන් පිරියතැ පචිති ඇවැත් වේ.

9. ජානං තථාවාදිනා භික‍්ඛුනා අකතානුධම‍්මෙන තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං සම‍්භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : සම‍්භුඤ‍්ජති පයොගෙ දුක‍්කටං, සම‍්භුත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. “අන්තරායකර” යයි බුදුරදුන් වදහළ දහම “අන්තරායකර නො වේ” යයි කියන, නො කළ ඔසාරණ කම් ඇති, ඒ දෘෂ්ටිය නො හළ මහණක්හු සමග දැන දැන ධර්‍මාමිෂ සම්භෝග කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සම්භෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සම්භෝග කළ කල්හි පචිති ඇවැත් වේ.

10. ජානං තථා නාසිතං සමණුද‍්දෙසං උපලාපෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උපලාපෙති පයොගෙ දුක‍්කටං, උපලාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

10. එසේ නෙරණ ලද හෙරණ දැන දැන ආමිෂයෙන් උපලාලන කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: සඞ්ග්‍රහ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සඞ්ග්‍රහ කළ කල්හි පචිති ඇවැත් වේ.

සප‍්පාණකවග‍්ගො සත‍්තමො.

සත්වැනි සප්පාණක වර්‍ග යි.