යෙදුමෙන් කියවන්න

සහධම‍්මිකවග‍්ගො අට‍්ඨමො

4. 8.

4. 8.

1. භික‍්ඛූහි සහධම‍්මිකං වුච‍්චමානො ‘න තාවාහං ආවුසො එතස‍්මිං සික‍්ඛාපදෙ සික‍්ඛිස‍්සාමි, යාව න අඤ‍්ඤං භික‍්ඛුං වියත‍්තං විනයධරං පරිපුච‍්ඡිස‍්සාමී’ති භණන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භණති පයොගෙ දුක‍්කටං, භණිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

1. භික්‍ෂූන් විසින් කරුණු සහිත වැ (සිකපදයෙන්) කියනු ලබන්නේ “ඇවැත ව්‍යක්ත විනයධර අන් මහණක්හු යම්තාක් නො විචාරම් ද ඒ තාක් මම තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි” යි කියන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: බෙණේ නම් පියෝහි දුකුළා වෙයි. බිණු කල්හි පචිති ඇවැත් වේ.

2. විනයං විවණ‍්ණෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : විවණ‍්ණෙති පයොගෙ දුක‍්කටං, විවණ‍්ණිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. විනය සිකපදයනට අවමන් කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.

3. මොහෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : අනාරොපිතෙ මොහෙ මොහෙති ආපත‍්ති දුක‍්කටස‍්ස, ආරොපිතෙ මොහෙ මොහෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

3. මුළා කරවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: මෝහාරෝපණය නොකළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහාරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.

4. භික‍්ඛුස‍්ස කුපිතො අනත‍්තමනො පහාරං දෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පහරති පයොගෙ දුක‍්කටං, පහරිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස .

4. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට පහර දෙන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: පහර දේ නම් පියෝහි දුකුළා වෙයි. පහර දුන් කල්හි පචිති ඇවැත් වේ.

5. භික‍්ඛුස‍්ස කුපිතො අනත‍්තමනො තලසත‍්තිකං උග‍්ගිරන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උග‍්ගිරති පයොගෙ දුක‍්කටං, උග‍්ගිරිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. මහණ කිපියේ නො සියමන් ව මහණක්හට අතුල්තල නඟා දක්වන්නේ දෙ ඇවැතකට පැමිණෙයි: අතුල් තල නඟා දක්වා නම් පියෝහි දුකුළා වෙයි. නඟා දැක්වූ කල්හි පචිති ඇවැත් වේ.

6. භික‍්ඛුං අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : අනුද‍්ධංසෙති පයොගෙ දුක‍්කටං, අනුද‍්ධංසිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. අමූලක සඟ වෙසෙසින් මහණක්හට චෝදනා කරණ මහණ දෙ ඇවැතකට පැමිණෙයි: චෝදනා කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. චෝදනා කළ කල්හි පචිති ඇවැත් වේ.

7. භික‍්ඛුස‍්ස සඤ‍්චිච‍්ච කුක‍්කුච‍්චං උපදහන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උපදහති පයොගෙ දුක‍්කටං, උපදහිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. දැන දැන මහණක්හට කුකුස් උපදවන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: කුකුස් උපදවා නම් පියෝහි දුකුළා වෙයි. ඉපද වූ කල්හි පචිති ඇවැත් වේ.

8. භික‍්ඛූනං භණ‍්ඩනජාතානං කලහජාතානං විවාදාපන‍්නානං උපස‍්සුතිං තිට‍්ඨන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : සොස‍්සාමීති ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස, යත්‍ථ ඨිතො සුණාති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

8. උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණි මහණුන් ගේ බස් ඇසෙන තැන සිටින මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “අසන්නෙමි” යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනක සිටියේ අසා නම් පචිති ඇවැත් වේ.

9. ධම‍්මිකානං කම‍්මානං ඡන්‍දං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඛීයති පයොගෙ දුක‍්කටං, ඛීයිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. ධාර්මික කර්‍මයන්ට ඡන්‍දය දී පසුව ගුණ කැණ බණන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.

10. සඞ‍්ඝෙ විනිච‍්ඡයකථාය වත‍්තමානාය ඡන්‍දං අදත්‍වා උට‍්ඨායාසනා පක‍්කමන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පරිසාය හත්‍ථපාසං විජහන‍්තස‍්ස ආපත‍්ති දුක‍්කටස‍්ස, විජහිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

10. සඟ මැද විනිශ්චය කථාවක් පවත්නා කල්හි ඡන්‍දය නො දී හුනස්නෙන් නැඟී බැහැර යන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිස්හි අත්පස හරනා හට දුකුළා ඇවැත් වෙයි. හළ කල්හි පචිති ඇවැත් වේ.

11. සමග‍්ගෙන සඞ‍්ඝෙන චීවරං දත්‍වා පච‍්ඡා ඛීයනධම‍්මං ආපජ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඛීයති පයොගෙ දුක‍්කටං, ඛීයිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

11. සමග සඞ්ඝයා විසින් සිවුරක් දී පසුව දොස් පහළ කරණුයේ දෙ ඇවැතකට පැමිණේ: දොස් පහළ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි. දොස් පහළ කළ කල්හි පචිති ඇවැත් වේ.

12. ජානං සඞ‍්ඝිකං ලාභං පරිණතං පුග‍්ගලස‍්ස පරිණාමෙන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පරිණාමෙති පයොගෙ දුක‍්කටං, පරිණාමිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

12. දැන දැන සඟසතු, සඟනට පිරිනැමූ වස්තුවක් පුද්ගලයක්හට පිරිනමන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිනමා නම් පියෝහි දුකුළා වෙයි. පිරිනැමූ කල්හි පචිති ඇවැත් වේ.

සහධම‍්මිකවග‍්ගො අට‍්ඨමො.

අටවැනි සහධම්මික වර්‍ග යි.