යෙදුමෙන් කියවන්න

පාටිදෙසනීයකණ‍්ඩං

2. 5.

2. 5.

පාටිදෙසනීයකණ‍්ඩං

පාටිදේසනීයකාණ්ඩය

1. අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තො කති ආපත‍්තියො ආපජ‍්ජති : අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තො ඉමා ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති.

1. ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: ඇතුළුගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “බුදින්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. ඇතුළු ගමට පිවිසි නො නෑ මෙහෙණක අතින් කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙන වළඳන මහණ මේ දෙවැතට පැමිණේ.

2. භික‍්ඛුනියා වොසාසන‍්තියා න නිවාරෙත්‍වා භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

2. මෙහෙණක විධාන කරණ කල්හි ඇය නො වළක්වා වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත්වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.

3. සෙඛසම‍්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

3. සේඛසම්මතය ලත් කුලයන්හි කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.

4. ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු පුබ‍්බෙ අප‍්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තො කති ආපත‍්තියො ආපජ‍්ජති : ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු පුබ‍්බෙ අප‍්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තො ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු පුබ‍්බෙ අප‍්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා භුඤ‍්ජන‍්තො ඉමා ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති.

4. වන සෙනසුන්හි පෙරැ නොදන්වනලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරම තුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරමතුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ දෙ ඇවැතකට පැමිණෙයි: “වළඳමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ. වන සෙනසුන්හි පෙරැ නො දන්වන ලදු වැ කෑයුතු දෙයක් හෝ බිදියයුතු දෙයක් හෝ අරම තුළ දී සියතින් පිළිගෙණ වළඳන මහණ මේ දෙ ඇවැතට පැමිණේ.

චත‍්තාරො පාටිදෙසනීයා නිට‍්ඨිතා.

සතර පාටිදේසනීය නිමි.