යෙදුමෙන් කියවන්න

3. විපත‍්තිවාරො

3. විපත‍්තිවාරො

3. විපත්තිවාරය

1. මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති : මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්ස ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්ති, සියා ආචාරවිපත‍්ති -පෙ-.

1. මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්ති භජනය කෙරේ ද යත්: මෙවුන්දම් සේවනය කරන්නහු පිළිබඳ ඇවැත් සිවුවැදෑරුම් විපත්ති අතුරෙන් විපත් දෙකක් භජනය කෙරෙයි: ශීල විපත්ති ද විය හෙයි. ආචාර විපත්ති ද විය හේ. ...

2. අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොන‍්තස‍්ස ආපත‍්ති චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජති : අනාදරියං පටිච‍්ච උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොන‍්තස‍්ස ආපත‍්ති චතුන‍්නං විපත‍්තීනං එකං විපත‍්තිං භජති : ආචාරවිපත‍්තිං.

2. අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවුවැදෑරුම් විපත්ති අතුරෙන් කෙතෙක් විපත්ති භජනය කෙරේ ද යත්: අනදර පිණිස පරිභෝග දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන්නහු පිළිබඳ ඇවැත සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් එක් විපත්තියක් භජනය කෙරෙයි: ආචාර විපත්ති යි.

විපත‍්තිවාරො නිට‍්ඨිතො තතියො.

තෙවැනි විපත්තිවාරය නිමි.