8. සමුච්චයවාරො
8. සමුච්චයවාරො
8. සමුච්චයවාරය
1. මෙථුනං ධම්මං පටිසෙවන්තො කති ආපත්තියො ආපජ්ජති : මෙථුනං ධම්මං පටිසෙවන්තො තිස්සො ආපත්තියො ආපජ්ජති : අක්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති පාරාජිකස්ස; යෙභුය්යෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති ථුල්ලච්චයස්ස. වත්තකතෙ මුඛෙ අච්ඡුපන්තං අඞ්ගජාතං පවෙසෙති, ආපත්ති දුක්කටස්ස – මෙථුනං ධම්මං පටිසෙවන්තො ඉමා තිස්සො ආපත්තියො ආපජ්ජති :
1. මෙවුන්දම් සේවනය කරණ මහණ කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: මෙවුන්දම් සේවනය කරණ මහණ තුන් ඇවැතකට පැමිණේ. ක්ෂය නොවූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් පරිජි ඇවැත් වෙයි, බෙහෙවින් ක්ෂය වූ සිරුරු නිමිත්තෙහි මෙවුන්දම් සේවනය කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අඟාළ මියෙහි රහසඟ නො පහරමින් පිවිස්වා නම් දුකුළා ඇවැත් වේ. මෙවුන්දම් සේවනය කරණ මහණ මේ තුන් ඇවැතට පැමිණේ.
තා ආපත්තියො චතුන්නං විපත්තීනං කති විපත්තියො භජන්ති : සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨන්ති : චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : සත්තන්නං සමථානං කතීහි සමථෙහි සම්මන්ති :
ඒ ඇවැත් සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද යත්: සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්:
තා ආපත්තියො චතුන්නං විපත්තීනං ද්වෙ විපත්තියො භජන්ති : සියා සීලවිපත්තිං, සියා ආචාරවිපත්තිං. සත්තන්නං ආපත්තික්ඛන්ධානං තීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : සියා පාරාජිකාපත්තික්ඛන්ධෙන, සියා ථුල්ලච්චයාපත්තික්ඛන්ධෙන, සියා දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨන්ති : කායතො ච චිත්තතො ච සමුට්ඨන්ති, න වාචතො චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මන්ති. සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච -පෙ-.
ඒ ඇවැත් සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසි විටෙක ආචාරවිපත්තිය දැයි විපත් දෙකක් බෙජෙයි. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක ථුල්ලච්චයාපත්ති ස්කන්ධයෙන් ද කිසිවිටෙක දුෂ්කෘතාපත්තිස්කන්‍ධයෙන් දැයි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ය. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද, තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ. ...
2. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො කති ආපත්තියො ආපජ්ජති : අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො එකං ආපත්තිං ආපජ්ජති : දුක්කටං. අනාදරියං පටිච්ච උදකෙ උච්චාරං වා පස්සාවං වා ඛෙළං වා කරොන්තො ඉමං එකං ආපත්තිං ආපජ්ජති.
2. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූත්‍ර හෝ කෙළ හෝ හෙළන මහණ කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් දුකුළා ඇවැතකට පැමිණේ. අනදර පිණිස පිරිබෝ දියෙහි මල හෝ මූ හෝ කෙළ හෝ හෙළන මහණ එක් ඇවැතට පැමිණේ.
සා ආපත්ති චතුන්නං විපත්තීනං කති විපත්තියො භජති : සත්තන්නං ආපත්තික්ඛන්ධානං කතීහි ආපත්තික්ඛන්ධෙහි සඞ්ගහිතා : ඡන්නං ආපත්තිසමුට්ඨානානං කතීහි සමුට්ඨානෙහි සමුට්ඨාති : චතුන්නං අධිකරණානං කතමං අධිකරණං : සත්තන්නං, සමථානං කතීහි සමථෙහි සම්මති : සා ආපත්ති චතුන්නං විපත්තීනං එකං විපත්තිං භජති : ආචාරවිපත්තිං.
ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් කෙතෙක් විපත්තීන් බෙජේ ද, සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද, සිවු වැදෑරුම් අධිකරණයන් අතුරෙන් කවර අධිකරණයෙක් ද, සත් වැදෑරුම් ශමථයන් අතුරෙන් කෙතෙක් ශමථයෙන් සන්හිඳේ ද යත්: ඒ ඇවැත සිවුවැදෑරුම් විපත්තීන් අතුරෙන් ආචාරවිපත්ති නම් වූ එක් ම විපත්තිය බෙජේ.
සත්තන්නං ආපත්තික්ඛන්ධානං එකෙන ආපත්තික්ඛන්ධෙන සඞ්ගහිතා, දුක්කටාපත්තික්ඛන්ධෙන. ඡන්නං ආපත්තිසමුට්ඨානානං එකෙන සමුට්ඨානෙන සමුට්ඨාති : කායතො ච චිත්තතො ච සමුට්ඨාති, න වාචතො. චතුන්නං අධිකරණානං ආපත්තාධිකරණං. සත්තන්නං සමථානං තීහි සමථෙහි සම්මති : සියා සම්මුඛාවිනයෙන ච පටිඤ්ඤාතකරණෙන ච, සියා සම්මුඛාවිනයෙන ච තිණවත්ථාරකෙන ච.
සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධයන් අතුරෙන් දුෂ්කෘතාපත්තිස්කන්‍ධ නම් වූ එක්ම ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලද සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නඟී. කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. සිවුවැදෑරුම් අධිකරණයන් අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදෑරුම් ශමථයන් අතුරෙන් කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳේ.
සමුච්චයවාරො නිට්ඨිතො අට්ඨමො.
අටවැනි සමුච්චයවාරය නිමි.
ඉමෙ අට්ඨවාරා සජ්ඣායනාමග්ගෙන ලිඛිතා.
මේ අෂ්ටවාරයෝ සජඣායනාමාර්ගයෙන් ලියන ලදහ.
තස්සුද්දානං:
එහි උද්දානය:
කත්ථ පඤ්ඤත්ති කති ච විපත්ති සඞ්ගහෙන ච, සමුට්ඨානාධිකරණා සමථො සමුච්චයෙන චාති.
කත්‍ථපඤ්ඤත්තිවාරය ද කතිපඤ්ඤත්තිවාරය ද විපත්තිවාරය ද සඞ්ග්‍රහවාරය ද සමුට්ඨාන අධිකරණ වාරයෝ ද සමථවාරය ද සමුච්චයවාරය දැයි වාර අටෙකි.