පාරාජිකකණ‍්ඩං
9. 1.
9. 1.
පාරාජිකකණ‍්ඩං
පාරාජික කාණ්ඩය
1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තං, කං ආරබ‍්භ, කිස‍්මිං වත්‍ථුස‍්මිං -පෙ- කෙනාභතන‍්ති.
1. මෙවුන්දම් සෙවුනා නිසා වන පරිජිය සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද? කවරක්හු ඇරැබ ද? කිනම් වස්තුයෙක්හි ද? ... කවරක්හු විසින් ගෙණ එන ලද ද?
යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන මෙථුනං ධම‍්මං පටිසෙවනපච‍්චයා පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සුදින‍්නං කලන්‍දපුත‍්තං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සුදින‍්නො කලන්‍දපුත‍්තො පුරාණදුතියිකාය මෙථුනං ධම‍්මං පටිසෙවි, තස‍්මිං වත්‍ථුස‍්මිං. අත්‍ථි තත්‍ථ පඤ‍්ඤත‍්ති අනුපඤ‍්ඤත‍්ති අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්තීති : එකා පඤ‍්ඤත‍්ති, ද‍්වෙ අනුපඤ‍්ඤත‍්තියො. අනුප‍්පන‍්නපඤ‍්ඤත‍්ති තස‍්මිං නත්‍ථි. සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති පදෙසපඤ‍්ඤත‍්තීති : සබ‍්බත්‍ථ පඤ‍්ඤත‍්ති. සාධාරණපඤ‍්ඤත‍්ති අසාධාරණපඤ‍්ඤත‍්තීති : සාධාරණ පඤ‍්ඤත‍්ති. එකතො පඤ‍්ඤත‍්ති, උභතො පඤ‍්ඤත‍්තීති : උභතො පඤ‍්ඤත‍්ති. පඤ‍්චන‍්නං පාතිමොක‍්ඛුද‍්දෙසානං කත්‍ථොගධං කත්‍ථ පරියාපන‍්නන‍්ති නිදානොගධං : නිදානපරියාපන‍්නං කතමෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡතීති : දුතියෙන උද‍්දෙසෙන උද‍්දෙසං ආගච‍්ඡති. චතුන‍්නං විපත‍්තීනං කතමා විපත‍්තීති : සීලවිපත‍්ති. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතමො ආපත‍්තික‍්ඛන්‍ධොති : පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධො. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාතීති : එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති : කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො -පෙ- කෙනාභතන‍්ති : පරම‍්පරාභතං :
මෙවුන්දම් සෙවුනා නිසා වන පරිජිය සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: සුදින්න නම් කලන්‍දපුත්‍රයා ඇරැබ ය. කිනම් වස්තුයෙක්හි ද යත්: සුදින්න කලන්‍ද පුත්‍ර තෙමේ පැරණි (ගිහි කල) අඹුව සමග මෙවුන්දම් සේවන කෙළේය, ඒ වස්තුයෙහි යැ. එහි පඤ්ඤත්ති අනුපඤ්ඤත්ති අනුප්පන්නපඤ්ඤත්ති ඇද්ද යත්: පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති දෙකෙකි. අනුප්පන්නපඤ්ඤත්ති එහි නැත. සබ්බත්‍ථ පඤ්ඤත්ති වේ ද, පදෙසපඤ්ඤත්ති වේ ද යත්: සබ්බත්‍ථ පඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති පදෙසපඤ්ඤත්ති වේ ද යත්: සබ්බත්‍ථපඤ්ඤත්ති යැ. සාධාරණපඤ්ඤත්ති වේ ද අසාධාරණපඤ්ඤත්ති වේ ද යත්: සාධාරණපඤ්ඤත්ති යැ. ඒකතෝ පඤ්ඤත්ති වේ ද උභතෝපඤ්ඤත්ති වේ ද යත්: උභතෝපඤ්ඤත්ති යැ. පස්වැදෑරුම් පාමොක් උදෙසීම් අතුරෙන් කොහි පිහිටියේ වේ ද, කොහි ඇතුළත් වේ ද යත්: නිදානුද්දේසයෙහි පිහිටියේ ය, නිදානුද්දේසයෙහි ඇතුළත් ය. කිනම් උද්දේසයකින් උදෙසීමට පැමිණේ ද යත්: දෙවන උද්දේසයෙන් උදෙසීමට පැමිණේ. සිවු වැදෑරුම් විපත්තීන් අතුරෙන් කවර විපත්තියෙක් වේ ද යත්: ශීලවිපත්ති යි. සප්තාපත්තිස්කන්‍ධයන් අතුරෙන් කවර ආපත්තිස්කන්‍ධයෙක් වේ ද යත්: පාරාජිකාපත්තිස්කන්‍ධ යි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නඟී ද යත්: එක් සමුට්ඨාන යෙකින් නඟියි: කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. ... කවරක්හු විසින් ගෙණ එන ලද ද යත්: පරපුරෙන් ගෙණඑන ලදී.
“උපාලි දාසකො චෙව සොණකො සිග‍්ගවො තථා මොග‍්ගලිපුත‍්තෙන පඤ‍්චමා එතෙ ජම‍්බුසිරිව‍්හයෙ -පෙ- එතෙ නාගා මහාපඤ‍්ඤා විනයඤ‍්ඤූ මග‍්ගකොවිදා විනයං දීපෙ පකාසෙසුං පිටකං තම‍්බපණ‍්ණියා”ති.
උපාලි ස්ථවිර යැ, දාසක ස්ථවිර යැ, සෝණක ස්ථවිර යැ එසේ ම සිග්ගව ස්ථවිර යැ, මොග්ගලිපුත්තතිස්ස ස්ථවිර පස්වනු කොට ඇති මේ තෙරවරු දඹදිව විනයධර පරපුරෙහි වෙති. ... මහා ප්‍රාඥ, විනය දන්නා මාර්‍ගඥානයෙහි දක්‍ෂ මේ ක්‍ෂීණාස්‍රවයෝ විනය පිටකය හෙළදිවැ පැවසූහු.
2. යං තෙන භගවතා -පෙ- අදින‍්නං ආදියනපච‍්චයා පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ධනියං කුම‍්භකාරපුත‍්තං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ධනියො කුම‍්භකාරපුත‍්තො රඤ‍්ඤො දාරූනි අදින‍්නානි ආදියි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. එකා අනුපඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති : සියා කායතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න වාචතො. සියා වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති, න කායතො, සියා කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨාති -පෙ-
2. නුදුන් දෙය සොර සිතින් ගැණීම් හේතුවෙන් වන පරිජිය ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් කොතැන්හි පණවන ලද ද යත්: රජගහනුවරැ දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: ධනිය කුම්භකාර පුත්‍රයා ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: ධනිය කුම්භකාර පුත්‍ර තෙමේ රජහු සතු නුදුන් දැව ගත්තේ ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් ද නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
3. සඤ‍්චිච‍්ච මනුස‍්සවිග‍්ගහං ජීවිතා වොරොපනපච‍්චයා පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලෙ භික‍්ඛූ ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛූ අඤ‍්ඤමඤ‍්ඤං ජීවිතා වොරොපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. එකා අනුපඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
3. දැන දැන මිනිස් සිරුරක් දිවියෙන් තොර කිරීම් හේතුයෙන් වන පරිජිය කොතැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: බොහෝ භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: බොහෝ භික්‍ෂූහු ඔවුනොවුන් දිවියෙන් තොර කළාහු ය, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි: කිසිවිටෙක කයින් ද සිතින් ද නඟියි, වචනයෙන් නො නඟී. කිසිවිටෙක වචනයෙන් ද සිතින් නඟියි, කයින් නො නඟී. කිසිවිටෙක කයින් ද වචනයෙන් ද සිතින් ද නඟී. ...
4. අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපනපච‍්චයා පාරාජිකං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : වෙසාලියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : වග‍්ගුමුදාතීරියෙ භික‍්ඛූ ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : වග‍්ගුමුදාතීරියා භික‍්ඛූ ගිහීනං අඤ‍්ඤමඤ‍්ඤස‍්ස උත‍්තරිමනුස‍්සධම‍්මස‍්ස වණ‍්ණං භාසිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති, එකා අනුපඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
4. තමා කෙරෙහි නැති තමා කෙරෙහි නොවූ (ධ්‍යානාදි) උතුරුමිනිස්දම් තමා කෙරෙහි ඇතැයි පැවැසීම් හේතුවෙන් වන පරිජිය කො තැන්හි පණවන ලද ද යත්: විසල් පුරයෙහි දී පණවන ලදී. කවරක්හු ඇරැබ ද යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි ද යත්: වග්ගුමුදා ගංතෙර වැසි භික්‍ෂූන් ගිහියනට ඔවුනොවුන්ගේ උතුරුමිනිස්දම් පිළිබඳ ගුණ කීහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි, අනුපඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි තුන් සමුට්ඨානයෙකින් නඟියි. ...
චත‍්තාරො පාරාජිකා නිට‍්ඨිතා.
සතර පරිජි නිමි.