ලසුණවග‍්ගො පඨමො
4. 1.
4. 1.
1. යං තෙන භගවතා ජානතා පස‍්සතා අරහතා සම‍්මාසම‍්බුද‍්ධෙන ලසුණං ඛාදන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී න මත‍්තං ජානිත්‍වා බහුං ලසුණං හරාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති එළකලොමකෙ -පෙ-
1. සිකපද පැණවීමෙහි කල් දන්නා වූ සිකපද පැණවීමෙහි කරුණු දක්නා වූ ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් ලුහුණු අනුභව කරණ මෙහෙණ පිළිබඳ යම් පචිති සිඛයෙක් පණවනලද නම් එය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පමණ නො දැන බොහෝ ලුහුණු ගෙන්වූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමක සමුට්ඨානයෙනි. ...
2. සම‍්බාධෙ ලොමං සංහරාපෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො සම‍්බාධෙ ලොමං සංහරාපෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
2. සම්බාධස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොහි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු සම්බාධස්ථානයෙහි ලොම් හැරවූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
3. තලඝාතකෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ද‍්වෙ භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ද‍්වෙ භික‍්ඛුනියො තලඝාතකං අකංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති පඨමපාරාජිකෙ -පෙ-
3. තලගැටීමෙහි පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: මෙහෙණ දෙනමක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: මෙහෙණ දෙනමක් තලගැටුම් කළහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි. පඨම පාරාජික සමුට්ඨානයෙනි. ...
4. ජතුමට‍්ඨකෙ පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී ජතුමට‍්ටකං ආදියි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති, පඨමපාරාජිකෙ -පෙ-
4. ජතුමට්ටකයෙහි සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් ලතුයෙන් කළ මටදඬුවක් රහසඟෙහි ලූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: පඨම පාරාජික සමුට්ඨානයෙනි. ...
5. අතිරෙකද‍්වඞ‍්ගුලපබ‍්බපරමං උදකසුද‍්ධිකං ආදියන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සක‍්කෙසු පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී අතිගම‍්භීරං උදකසුද‍්ධිකං ආදියි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති, පඨමපාරාජිකෙ -පෙ-
5. අයිරා දෑඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: ශාක්‍යදනවුහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් දියෙන් පස මඟ ඉතා ගැඹුරු කොට දොවාපු යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟී. පඨමපාරාජික සමුට්ඨානයෙනි. ...
6. භික‍්ඛුස‍්ස භුඤ‍්ජන‍්තස‍්ස පානීයෙන වා විධූපනෙන වා උපතිට‍්ඨන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී භික‍්ඛුස‍්ස භුඤ‍්ජන‍්තස‍්ස පානීයෙන ච විධූපනෙන ච උපතිට‍්ඨි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. එළකලොමකෙ -පෙ-
6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවටැන් කරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලදයැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් වළඳන මහණක්හට පැනින් ද විජිනියෙන් ද උවැටන් කරමින් සිටියා යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළකලෝමකසමුට්ඨාන යෙනි. ...
7. ආමකධඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො ආමකධඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං චතූහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
7. අමු ධාන්‍ය විනවා වළඳන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබයැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු අමුධාන්‍ය විනවා වැළඳුහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සතරෙකින් නඟී. ...
8. උච‍්චාරං වා පස‍්සාවං වා සඞ‍්කාරං වා විඝාසං වා තිරොකුඩ‍්ඩෙ වා තිරොපාකාරෙ වා ඡඩ‍්ඩෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී උච‍්චාරං තිරොකුඩ‍්ඩෙ තිරොපාකාරෙ ඡඩ‍්ඩෙසි තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ බිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලදයැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් මල බිත්තියෙන් පිටත දැමූ යැ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන් ම නඟී. ...
9. උච‍්චාරං වා පස‍්සාවං වා සඞ‍්කාරං වා විඝාසං වා හරිතෙ ඡඩ‍්ඩෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි සඞ‍්කාරම‍්පි විඝාසම‍්පි හරිතෙ ඡඩ‍්ඩෙසුං, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ඡහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
9. නිල් තණබිමෙකැ මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ දමන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදි. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු නිල් තණ බිමෙහි මල ද මූ ද කෙළ ද කසළ ද ඉඳුල් ද දැමූහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන සයෙන්ම නඟී. ...
10. නච‍්චං වා ගීතං වා වාදිතං වා දස‍්සනාය ගච‍්ඡන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : රාජගහෙ පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ඡබ‍්බග‍්ගියා භික‍්ඛුනියො නච‍්චම‍්පි ගීතම‍්පි වාදිතම‍්පි දස‍්සනාය අගමංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති – එළකලොමකෙ -පෙ-
10. නටනු හෝ ගයනු හෝ වයනු හෝ දක්නා පිණිස යන මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: රජගහ නුවරැ දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: සවග මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: සවග මෙහෙණහු නැටුම් ද ගැයුම් ද වැයුම් ද දක්නා පිණිස ගියහ, ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: එළක ලෝමක සමුට්ඨානයෙනි. ...