රත‍්තන්‍ධකාරවග‍්ගො දුතියො
4. 2.
4. 2.
1. රත‍්තන්‍ධකාරෙ අප‍්පදීපෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකාය සන‍්තිට‍්ඨන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී රත‍්තන්‍ධකාරෙ අප‍්පදීපෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. ථෙය්‍යසත්‍ථකෙ -පෙ-
1. පහන් නැති රෑ අඳුරෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලාව වෙතැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙක්හි යැ යත්: එක්තරා මෙහෙණක් කිසිදු එළියක් නැති රැ අඳුරෙහි එකලා පිරිමියක්හු හා එකලා ව ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: ථෙය්‍යසත්‍ථකයෙහි ය. ...
2. පටිච‍්ඡන‍්නෙ ඔකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකාය සන‍්තිට‍්ඨන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී පටිච‍්ඡන‍්නෙ ඔකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි, සමුට‍්ඨාති. ථෙය්‍යසත්‍ථකෙ -පෙ-.
2. පිළිසන් පියසෙක්හි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී: කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් පිළිසන් පියසෙක්හි එකලා පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
3. අජ‍්ඣොකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකාය සන‍්තිට‍්ඨන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී අජ‍්ඣොකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. ථෙය්‍යසත්‍ථකෙ -පෙ-
3. එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ ළං වැ සිටියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
4. රථියා වා බ්‍යූහෙ වා සිඞ‍්ඝාටකෙ වා පුරිසෙන සද‍්ධිං එකෙනෙකාය සන‍්තිට‍්ඨන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී රථිකායපි බ්‍යූහෙපි සිඞ‍්ඝාටකෙපි පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. ථෙය්‍යසත්‍ථකෙ -පෙ-
4. වීථියෙහි හෝ විනිවිද නො ගිය කුඩා වීථියෙහි හෝ සතර මංසන්‍ධියෙහි හෝ එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙතැ සිටින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ වීථියෙහි ද විනිවිද නොගිය වීථියෙහි ද සතරමං සන්‍ධියෙහි ද එකලා මිනිස් පිරිමියක්හු හා එකලා ව වෙතැ සිටියා යැ. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. ථෙය්‍යසත්‍ථකයෙහි යැ. ...
5. පුරෙභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා ආසනෙ නිසීදිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා පක‍්කමන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී පුරෙභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා ආසනෙ නිසීදිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා පක‍්කාමි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. කඨිනකෙ -පෙ-.
5. පෙරබත්හි කුලයන්ට එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර යන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් පෙරබත්හි කුලයන්ට එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර ගියා ය. ඒ වස්තුයෙහි යැ. පඤ්ඤත්ති එකෙකි. සවැදෑරුම් ආපත්ති සමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනකයෙහි යැ. ...
6. පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ නිසීදන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : ථුල‍්ලනන්‍දං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ නිසීදි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. කඨිනකෙ -පෙ-
6. පසුබත්හි කුලයන්ට එළඹැ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳින මෙහෙණ පිළිබඳ පචිති සිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: ථුල්ලනන්‍දා මෙහෙණ පසුබත්හි කුලයන්ට එළඹ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳගතු. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි: කඨිනසමුට්ඨානයෙනි.
7. විකාලෙ කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා අභිනිසීදන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : සම‍්බහුලා භික‍්ඛුනියො ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : සම‍්බහුලා භික‍්ඛුනියො විකාලෙ කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා සෙය්‍යං සන්‍ථරිත්‍වා අභිනිසීදිංසු, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං ද‍්වීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති. කඨිනකෙ -පෙ-
7. විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නොපිළිවිස ශය්‍යාවක් අතුරා හෝ අතුරුවා හෝ හිඳින මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: බොහෝ මෙහෙණන් ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: බොහෝ මෙහෙණහු විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නො පිළිවිස ශය්‍යාවක් අතුරා හුන්හ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන දෙකෙකින් නඟියි. කඨිනසමුට්ඨානයෙනි. …
8. දුග‍්ගහිතෙන දූපධාරිතෙන පරං උජ‍්ඣාපෙන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : අඤ‍්ඤතරං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : අඤ‍්ඤතරා භික‍්ඛුනී දුග‍්ගහිතෙන දූපධාරිතෙන පරං උජ‍්ඣාපෙසි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
8. නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැරීමෙන් මෙරමාහට අවමන් කරවන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: එක්තරා මෙහෙණක ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: එක්තරා මෙහෙණක් නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැරීමෙන් මෙරමාහට අවමන් කරවූ. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. …
9. අත‍්තානං වා පරං වා නිරයෙන වා බ්‍රහ‍්මචරියෙන වා අභිසපන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : චණ‍්ඩකාළිං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : චණ‍්ඩකාළී භික‍්ඛුනී අත‍්තානම‍්පි පරම‍්පි නිරයෙනපි බ්‍රහ‍්මචරියෙනපි අභිසපි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨාති -පෙ-
9. තමාට හෝ අන් උපසපන් මෙහෙණකට හෝ නිරයෙන් හෝ බඹසරින් හෝ සාපකරණ මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවනලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබයැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ ය. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළි මෙහෙණ තමහට ද අන් උපසපන් මෙහෙණකට ද නිරයෙන් ද බඹසරින් ද සාප කළා ය. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදෑරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි සමුට්ඨාන තුණෙකින් නඟියි. ...
10. අත‍්තානං වධිත්‍වා වධිත්‍වා රොදන‍්තියා පාචිත‍්තියං කත්‍ථ පඤ‍්ඤත‍්තන‍්ති : සාවත්‍ථියං පඤ‍්ඤත‍්තං. කං ආරබ‍්භාති : චණ‍්ඩකාළිං භික‍්ඛුනිං ආරබ‍්භ. කිස‍්මිං වත්‍ථුස‍්මින‍්ති : චණ‍්ඩකාළී භික‍්ඛුනී අත‍්තානං වධිත්‍වා වධිත්‍වා රොදි, තස‍්මිං වත්‍ථුස‍්මිං. එකා පඤ‍්ඤත‍්ති. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨාති, ධුරනික‍්ඛෙපෙ -පෙ-
10. තමහට පැහැර හඬන මෙහෙණ පිළිබඳ පචිතිසිඛය කොතැන්හි පණවන ලද යැ යත්: සැවතෙහි දී පණවන ලදී. කවරක ඇරැබ යැ යත්: චණ්ඩකාළි මෙහෙණ ඇරැබ යැ. කිනම් වස්තුයෙකැ යත්: චණ්ඩකාළී මෙහෙණ තමහට පැහැර පැහැර හැඬු. ඒ වස්තුයෙහි ය. පඤ්ඤත්ති එකකි. සවැදැරුම් ආපත්තිසමුට්ඨානයන් අතුරෙහි එක් සමුට්ඨානයෙකින් නඟියි: ධුරනික්‍ෂේපයෙහි යැ. ...