යෙදුමෙන් කියවන්න

පාරාජික කණ‍්ඩො

2. 1.

2. 1.

පාරාජික කණ‍්ඩො

පාරාජික කාණ්ඩය

1. අවස‍්සුතා භික‍්ඛුනී අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තී කති ආපත‍්තියො ආපජ‍්ජති : අවස‍්සුතා භික‍්ඛුනී අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තී තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : අධක‍්ඛකං උබ‍්භජාණුමණ‍්ඩලං ගහණං සාදියති ආපත‍්ති පාරාජිකස‍්ස. උබ‍්භක‍්ඛකං අධොජාණුමණ‍්ඩලං ගහණං සාදියති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස, කායපටිබද‍්ධගහණං සාදියති, ආපත‍්ති දුක‍්කටස‍්ස. අවස‍්සුතා භික‍්ඛුනී අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියන‍්තී ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

1. කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක් හුගේ කාසසඟය ඉවසන්නී කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හු ගේ කාසසඟය ඉවසන්නී තුන් ඇවැතකට පැමිණෙයි: අකු ඇටයෙන් යට දණ මඬලින් උඩ ගැණීම ඉවසා නම් පරිජි ඇවැත් වෙයි, අකු ඇටයෙන් උඩ දණ මඬලෙන් යට ගැණීම ඉවසා නම් ථුලැසි ඇවැත් වෙයි, කය පිළිබැඳියක් ගැණීම ඉවසා නම් දුකුළා ඇවැත් වේ. කාසසඟරායෙන් තෙත් වූ මෙහෙණ කාසසඟරායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ කාසසඟය ඉවසන්නී මේ තුන් ඇවැතට පැමිණේ.

2. වජ‍්ජප‍්පටිච‍්ඡාදිකා භික‍්ඛුනී වජ‍්ජං පටිච‍්ඡාදෙන‍්තී කති ආපත‍්තියො ආපජ‍්ජති : වජ‍්ජප‍්පටිච‍්ඡාදිකා භික‍්ඛුනී වජ‍්ජං පටිච‍්ඡාදෙන‍්තී තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : ජානං පාරාජිකං ධම‍්මං පටිච‍්ඡාදෙති, ආපත‍්ති පාරාජිකස‍්ස; වෙමතිකා පටිච‍්ඡාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. ආචාරවිපත‍්තිං පටිච‍්ඡාදෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. වජ‍්ජප‍්පටිච‍්ඡාදිකා භික‍්ඛුනී වජ‍්ජං පටිච‍්ඡාදෙන‍්තී ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

2. වරද වසන මෙහෙණ වරද වසන්නී කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: වරද වසන මෙහෙණ වරද වසන්නී තුන් ඇවැතකට පැමිණෙයි: දැන දැන පරිජි ඇවැත වසා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇතියා වසා නම් ථුලැසි ඇවැත් වෙයි, ආචාරවිපත්තිය වසා නම් දුකුළා ඇවැත් වේ. වරද වසන මෙහෙණ වරද වසන්නී මේ තුන් ඇවැතට පැමිණේ.

3. උක‍්ඛිත‍්තානුවත‍්තිකා භික‍්ඛුනී යාව තතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජන‍්තී කති ආපත‍්තියො ආපජ‍්ජති : උක‍්ඛිත‍්තානුවත‍්තිකා භික‍්ඛුනී යාව තතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජන‍්තී තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : ඤත‍්තියා දුක‍්කටං. ද‍්වීහි කම‍්මවාචාහි ථුල‍්ලච‍්චයං කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති පාරාජිකස‍්ස. උක‍්ඛිත‍්තානුවත‍්තිකා භික‍්ඛුනී යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජන‍්තී ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

3. උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමනුභාසනකම් කළ කල්හි එය නොහරින්නී කෙතෙක් ඇවතට පැමිණේ ද යත්: උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසන කම් කළ කල්හි එය අත්නොහරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති. කම්වදන් අවසන්හි පරිජි ඇවැත් වේ. උඛෙව්නීකම් කරණු ලැබූ මහණහු අනුවැ වැටෙන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කළ කල්හි එය නො හරින්නී මේ තුන් ඇවැතට පැමිණේ.

4. අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙන‍්තී කති ආපත‍්තියො ආපජ‍්ජති : අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙන‍්තී තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : “පුරිසෙන ඉත්‍ථන‍්නාමං ඔකාසං ආගච‍්ඡා”ති වුත‍්තා ගච‍්ඡති, ආපත‍්ති දුක‍්කටස‍්ස. පුරිසස‍්ස හත්‍ථපාසං ඔක‍්කන‍්තමත‍්තෙ ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙති ආපත‍්ති පාරාජිකස‍්ස. අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙන‍්තී ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

4. අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරන්නී කෙතෙක් ඇවැතට පැමිණේ ද යත්: අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: පුරුෂයකු විසින් මෙනම් තැනට එවයි කියන ලද්දී යේ නම් දුකුළා ඇවැත් වෙයි. පුරුෂයක්හුගේ අත්පසට පැමිණි කල්හි ථුලැසි ඇවැත් වෙයි, කය එළවීම් සඞ්ඛ්‍යාත අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කෙරේ නම් පරිජි ඇවැත් වේ. අෂ්ටම වස්තුව සම්පූර්‍ණ කරණ මෙහෙණ මේ තුන් ඇවැතට පැමිණේ.

පාරාජිකා නිට‍්ඨිතා.

පරිජි නිමි.