සඞ්ඝාදිසෙස කණ්ඩො
2. 2.
2. 2.
සඞ්ඝාදිසෙස කණ්ඩො
සඞ්ඝාදිශේෂ කාණ්ඩය
1. උස්සයවාදිකා භික්ඛුනී අට්ටං කරොන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : එකස්ස ආරොචෙති, ආපත්ති දුක්කටස්ස. දුතියස්ස ආරොචෙති, ආපත්ති ථුල්ලච්චයස්ස; අට්ටපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
1. විවාද කරණ මෙහෙණ අධිකරණ කරන්නී තුන් ඇවැතකට පැමිණෙයි: එකක්හට සැළ කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැන්නක් හට සැළ කෙරේ නම් ථුලැසි ඇවැත් වෙයි. අධිකරණය අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
2. චොරිං වුට්ඨාපෙන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
2. සෙරක උපසපන් කරණ මෙහෙණ තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
3. එකා ගාමන්තරං ගච්ඡන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ගච්ඡති ආපත්ති දුක්කටස්ස. පඨමං පාදං පරික්ඛෙපං අතික්කාමෙති, ආපත්ති ථුල්ලච්චයස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
3. එකලාව අන් ගමකට යන්නී තුන් ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. පළමු පියවර පරික්ෂේපය ඉක්මවා නම් ථුලැසි ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් සඟවෙසෙස් ඇවැත් වේ.
4. සමග්ගෙන සඞ්ඝෙන උක්ඛිත්තං භික්ඛුනිං ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන අනපලොකෙත්වා කාරකසඞ්ඝං අනඤ්ඤාය ගණස්ස ඡන්දං ඔසාරෙන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
4. සමග සඟහු විසින් ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙව්නීකම් කළ මෙහෙණකට කාරකසඞ්ඝයා නොපිළිවිස ගණයාගේ අදහස නො දැන ඔසාරණකම් කරන්නී තුන් ඇවතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම් වදන් අවසන්හි සඟ වෙසෙස් ඇවැත් වේ.
5. අවස්සුතා භික්ඛුනී අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්ථා පටිග්ගහෙත්වා භුඤ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිගණ්හාති, ආපත්ති ථුල්ලච්චයස්ස; අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස; උදකදන්තපොණං පටිගණ්හාති, ආපත්ති දුක්කටස්ස.
5. මෙවුන්දම් රායෙන් තෙත් වූ මෙහෙණ මෙවුන්දම් රායෙන් තෙත් වූ මිනිස් පිරිමියක්හුගේ අතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙණ වළඳන්නී තුන් ඇවැතකට පැමිණෙයි: “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් ථුලැසි ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි සඟ වෙසෙස් ඇවැත් වෙයි. දිය හා දැහැටි පිළිගණී නම් දුකුළා ඇවැත් වේ.
6. “කිං තෙ අය්යෙ එසො පුරිසපුග්ගලො කරිස්සති අවස්සුතො වා අනවස්සුතො වා යතො ත්වං අනවස්සුතා, ඉඞ්ඝය්යෙ යං තෙ එසො පුරිසපුග්ගලො දෙති ඛාදනීයං වා භොජනීයං වා, තං ත්වං සහත්ථා පටිග්ගහෙත්වා ඛාද වා භුඤ්ජ වා”ති උය්යොජෙන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : තස්සා වචනෙන ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පටිග්ගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස භොජනපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
6. “ආර්ය්යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ මෙවුන්රාගයෙන් තෙත් වූයේ හෝ නො තෙත් වූයේ හෝ තිට කුමක් කෙරේද, යම් හෙයකින් තෝ මෙවුන්රාගයෙන් නො තෙත් වූයෙහි ද එබැවින් ආර්ය්යාව, තෙල පුරුෂ පුද්ගල තෙමේ තිට යම් කෑයුතු දැයක් හෝ බිදිය යුතු දැයක් හෝ දේ නම් තෝ එය සියතින් පිළිගෙණ කව හෝ වළඳව” හෝ යි මෙහෙයවන්නී තුන් ඇවැතකට පැමිණෙයි. ඇය ගේ වචනයෙන් “කන්නෙමි වළඳන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි ථුලැසි ඇවැත් වෙයි, වළඳා අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
7. කුපිතා භික්ඛුනී යාව තතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
7. කිපියාවූ මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙ: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
8. කිස්මිචිදෙව අධිකරණෙ පච්චාකතා භික්ඛුනී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං. කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
8. කිසියම් අධිකරණයෙක්හි පැරැදවූ මෙහෙණ තුන්යළතෙක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි, දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවහීන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
9. සංසට්ඨා භික්ඛුනියො යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තියො තිස්සො ආපත්තියො ආපජ්ජන්ති : ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
9. ගිහි මිනිසුන් හා එක්වූ තුන් යළ තාක් සමනුභාසනකම් කරණ කල්හි (වරද) නො හරනාවූ මෙහෙණහු තුන් ඇවැතකට පැමිණෙති: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
10. “සංසට්ඨාවය්යෙ, තුම්හෙ විහරථ. මා තුම්හෙ නානා විහරිත්ථා”ති උය්යොජෙන්තී යාවතතියං සමනුභාසනාය නප්පටිනිස්සජ්ජන්තී තිස්සො ආපත්තියො ආපජ්ජති : ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයං කම්මවාචාපරියොසානෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
10. “ආර්ය්යාවෙනි, තෙපි ගිහි මිනිසුන් හා එක්ව ම වාසය කරවු, තෙපි වෙන්ව නො වසවු” කියා මෙහෙයවන මෙහෙණ තුන්යළ තෙක් සමානුභාසනකම් කරණ කල්හි (වරද) නො හරින්නී තුන් ඇවැතකට පැමිණෙයි: ඤත්තියෙන් දුකුළා වෙයි. දෙකම් වදනින් ථුලැසීහු වෙති, කම්වදන් අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.
සඞ්ඝාදිසෙසා නිට්ඨිතා.
සඟවෙසෙස් නිමි.