ලසුණවග‍්ගො පඨමො
4. 1.
4. 1.
1. ලසුණං ඛාදන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඛාදිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
1. අමු සුදුලුහුණු අනුභව කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: “අනුභව කරන්නෙමි” යි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
2. සම‍්බාධෙ ලොමං සංහරාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : සංහරාපෙති පයොගෙ දුක‍්කටං. සංහරාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
2. සම්බාධ ස්ථානයෙහි ලොම් බැහැර කරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: බැහැර කරවා නම් පියෝහි දුකුළාවෙයි, බැහැර කරවූ කල්හි පචිති ඇවැත් වේ.
3. තලඝාතකං කරොන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කරොති, පයොගෙ දුක‍්කටං. කතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
3. තලඝාතනය කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, කළ කල්හි පචිති ඇවැත් වේ.
4. ජතුමට‍්ටකං ආදියන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ආදියති, පයොගෙ දුක‍්කටං. ආදියිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
4. ජතුමට්ටකය (ලහමට) ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
5. අතිරෙකද‍්වඞ‍්ගුලපබ‍්බපරමං උදකසුද‍්ධිකං ආදියන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ආදියති, පයොගෙ දුක‍්කටං. ආදින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
5. අයිරා දැඟුල් පුරුකකට වඩා උදකශුද්ධිය ගන්නා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: ගණී නම් පියෝහි දුකුළා වෙයි, ගත් කල්හි පචිති ඇවැත් වේ.
6. භික‍්ඛුස‍්ස භුඤ‍්ජන‍්තස‍්ස පානීයෙන වා විධූපනෙන වා උපතිට‍්ඨන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : හත්‍ථපාසෙ තිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. හත්‍ථපාසං විජහිත්‍වා තිට‍්ඨති ආපත‍්ති දුක‍්කටස‍්ස.
6. වළඳන මහණක්හට පැනින් හෝ විජිනියෙන් හෝ උවැටන් කරමින් සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.
7. ආමකධඤ‍්ඤං විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : භුඤ‍්ජිස‍්සාමීති පටිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
7. අමු ධාන්‍ය විනවා වළඳන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: වළඳන්නෙමියි පිළිගණී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
8. උච‍්චාරං වා පස‍්සාවං වා සඞ‍්කාරං වා විඝාසං වා තිරොකුඩ‍්ඩෙ වා තිරොපාකාරෙ වා ඡඩ‍්ඩෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඡඩ‍්ඩෙති පයොගෙ දුක‍්කටං. ඡඩ‍්ඩිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
8. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටත හෝ පවුරෙන් පිටත හෝ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
9. උච‍්චාරං වා පස‍්සාවං වා සඞ‍්කාරං වා විඝාසං වා හරිතෙ ඡඩ‍්ඩෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ඡඩ‍්ඩෙති පයොගෙ දුක‍්කටං. ඡඩ‍්ඩිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
9. මල හෝ මූ හෝ කෙළ හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල් තණ බිමෙකැ දමන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දමා නම් පියෝහි දුකුළා වෙයි, දැමූ කල්හි පචිති ඇවැත් වේ.
10. නච‍්චං වා ගීතං වා වාදිතං වා දස‍්සනාය ගච‍්ඡන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ගච‍්ඡති, ආපත‍්ති දුක‍්කටස‍්ස. යත්‍ථ ඨිතා පස‍්සති වා සුණාති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
10. නටනු හෝ ගයනු හෝ වයනු හෝ දක්නා පිණිස යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියා බලා නම් හෝ අසා නම් හෝ පචිති ඇවැත් වේ.