යෙදුමෙන් කියවන්න

රත‍්තන්‍ධකාරවග‍්ගො දුතියො

4. 2.

4. 2.

1. රත‍්තන්‍ධකාරෙ අප‍්පදීපෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : හත්‍ථපාසෙ තිට‍්ඨති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. හත්‍ථපාසං විජහිත්‍වා තිට‍්ඨති, ආපත‍්ති දුක‍්කටස‍්ස.

1. පහන් නැති රෑ අඳුරෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.

2. පටිච‍්ඡන‍්නෙ ඔකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : හත්‍ථපාසෙ තිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. හත්‍ථපාසං විජහිත්‍වා තිට‍්ඨති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. පිළිසන් පියෙසෙක්හි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා ව වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.

3. අජ‍්ඣොකාසෙ පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : හත්‍ථපාසෙ තිට‍්ඨති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. හත්‍ථපාසං විජහිත්‍වා තිට‍්ඨති ආපත‍්ති දුක‍්කටස‍්ස.

3. එළිමහනෙහි එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටී නම් දුකුළා ඇවැත් වේ.

4. රථියා වා බ්‍යූහෙ වා සිඞ‍්ඝාටකෙ වා පුරිසෙන සද‍්ධිං එකෙනෙකා සන‍්තිට‍්ඨන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : හත්‍ථපාසෙ තිට‍්ඨති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. හත්‍ථපාසං විජහිත්‍වා තිට‍්ඨති ආපත‍්ති දුක‍්කටස‍්ස.

4. වීථියෙහි හෝ විනිවිද නො ගිය කුඩා වීථියෙහි හෝ සතර මංසන්‍ධියෙහි හෝ එකලා මිනිස් පිරිමියක්හු හා එකලා වැ වෙත සිටින මෙහෙණ දෙ ඇවතකට පැමිණෙයි: අත්පසෙහි සිටී නම් පචිති ඇවැත් වෙයි, අත්පස හැර සිටි නම් දුකුළා ඇවැත් වේ.

5. පුරෙභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා ආසනෙ නිසීදිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා පක‍්කමන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පඨමං පාදං අනොවස‍්සකං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. දුතියං පාදං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

5. පෙරැබත්හි කුලයන් කරා එළඹ ආසනයෙහි හිඳ හිමියන් නො පිළිවිස බැහැර යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර අගුව ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවන පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.

6. පච‍්ඡාභත‍්තං කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා ආසනෙ නිසීදන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : නිසීදති පයොගෙ දුක‍්කටං. නිසින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

6. පසුබත්හි කුලයන් කරා එළඹ හිමියන් නො පිළිවිස ආසනයෙහි හිඳිනා මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.

7. විකාලෙ කුලානි උපසඞ‍්කමිත්‍වා සාමිකෙ අනාපුච‍්ඡා සෙය්‍යං සන්‍ථරිත්‍වා වා සන්‍ථරාපෙත්‍වා වා අභිනිසීදන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : අභිනිසීදති පයොගෙ දුක‍්කටං, අභිනිසින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

7. විකාලයෙහි කුලයන්ට එළඹ හිමියන් නොපිළිවිස ශය්‍යාවක් අතුට හෝ අතුරුවා හෝ හිඳින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හිඳී නම් පියෝහි දුකුළා වෙයි, හුන් කල්හි පචිති ඇවැත් වේ.

8. දුග‍්ගහිතෙන දූපධාරිතෙන පරං උජ‍්ඣාපෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උජ‍්ඣාපෙති පයොගෙ දුක‍්කටං. උජ‍්ඣාපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

8. නපුරු කොට ගැණීමෙන් නපුරු කොට දැකීමෙන් මෙරමාහට අවමන් කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: අවමන් කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, අවමන් කළ කල්හි පචිති ඇවැත් වේ.

9. අත‍්තානං වා පරං වා නිරයෙන වා බ්‍රහ‍්මචරියෙන වා අභිසපන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : අභිසපති පයොගෙ දුක‍්කටං. අභිසපිතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. තමාට හෝ අන් උපසපන් මෙහෙණකට හෝ නිරයෙන් හෝ බඹසරින් හෝ සාපකරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: සාප කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, සාප කළ කල්හි පචිති ඇවැත් වේ.

10. අත‍්තානං වධිත්‍වා වධිත්‍වා රොදන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වධති රොදති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. වධති න රොදති ආපත‍්ති දුක‍්කටස‍්ස.

10. තමන් වෙර පැහැර පැහැරැ හඬන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි, පහරා නම් නො හඬා නම් දුකුළා ඇවැත් වේ.

රත‍්තන්‍ධකාරවග‍්ගො දුතියො.

දෙවන රත්තන්‍ධකාර වර්‍ග යි.