චිත‍්තාගාරවග‍්ගො පඤ‍්චමො
4. 5.
4. 5.
1. රාජාගාරං වා චිත‍්තාගාරං වා ආරාමං වා උය්‍යානං වා පොක‍්ඛරණිං වා දස‍්සනාය ගච‍්ඡන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : ගච‍්ඡති පයොගෙ දුක‍්කටං. යත්‍ථ ඨිතා පස‍්සති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
1. රජුගේ ක්‍රිඩාගාරයක් හෝ චිත්‍රාගාරයක් හෝ උපවනයක් හෝ ක්‍රිඩොද්‍යානයක් හෝ ක්‍රීඩා පුෂ්කරීණියක් හෝ දක්නට යන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: යේ නම් දුකුළා ඇවැත් වෙයි, යම් තැනෙක සිටියා බලා නම් පචිති ඇවැත් වේ.
2. ආසන්‍දිං වා පල‍්ලඞ‍්කං වා පරිභුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පරිභුඤ‍්ජති පයොගෙ දුක‍්කටං, පරිභුත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
2. දික් හඟලා පුටුවක් හෝ පලඟක් හෝ පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පරිභෝග කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
3. සුත‍්තං කන‍්තන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කන‍්තති පයොගෙ දුක‍්කටං. උජ‍්ජවුජ‍්ජවෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
3. හූ කටින මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හූ කටී නම් පියෝහි දුකුළා වෙයි, හූ වතෙක්හි හූ වතෙක්හි පචිති ඇවැත් වේ.
4. ගිහිවෙය්‍යාවච‍්චං කරොන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : කරොති පයොගෙ දුක‍්කටං. කතෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
4. ගිහියනට මෙහෙවර කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: මෙහෙ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, මෙහෙ කළ කල්හි පචිති ඇවැත් වේ.
5. භික‍්ඛුනියා “එහය්‍යෙ ඉමං අධිකරණං වූපසමෙහී”ති වුච‍්චමානා සාධූති පටිස‍්සුණිත්‍වා නෙව වූපසමෙන‍්තී න වූපසමාය උස‍්සුක‍්කං කරොන‍්තී එකං ආපත‍්තිං ආපජ‍්ජති : පාචිත‍්තියං.
5. මෙහෙණක විසින් “එව ආර්‍ය්‍යාව, මේ අධිකරණය සන්හිඳුවන්නැ” යි කියනු ලබන්නී “මැනැවැ” යි පිළිගෙණ නො ම සන්හිඳුවන්නී සන්හිඳුවීමට උත්සාහ නො කරන්නී එක් ම පචිති ඇවැතට පැමිණේ.
6. අගාරිකස‍්ස වා පරිබ‍්බාජකස‍්ස වා පරිබ‍්බාජිකාය වා සහත්‍ථා ඛාදනීයං වා භොජනීයං වා දෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : දෙති, පයොගෙ දුක‍්කටං, දින‍්නෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
6. ගිහියකුට හෝ පිරිවැජියකුට හෝ පිරිවැජියකට හෝ සියතින් කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ දෙන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: දේ නම් පියෝහි දුකුළා වෙයි, දුන් කල්හි පචිති ඇවැත් වේ.
7. ආවසථචීවරං අනිස‍්සජ‍්ජිත්‍වා පරිභුඤ‍්ජන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පරිභුඤ‍්ජති, පයොගෙ දුක‍්කටං. පරිභුත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
7. අවස් සිවුරක් නොදී පරිභෝග කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පිරිබෝ කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පරිභෝග කළ කල්හි පචිති ඇවැත් වේ.
8. ආවසථං අනිස‍්සජ‍්ජිත්‍වා චාරිකං පක‍්කමන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පඨමං පාදං පරික‍්ඛෙපං අතික‍්කාමෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. දුතියං පාදං අතික‍්කාමෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
8. (දොර කවුළු තැබූ) සෙනස්නක් (රක්නා පිණිස) නොදී සැරිසරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පළමු පියවර පරික්‍ෂේපය ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි, දෙවැනි පියවර ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
9. තිරච‍්ඡානවිජ‍්ජං පරියාපුණන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : පරියාපුණාති, පයොගෙ දුක‍්කටං. පදෙ පදෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
9. තිරශ්චීන විද්‍යාව පුහුණු කරණ මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: පුහුණු කෙරේ නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.
10. තිරච‍්ඡානවිජ‍්ජං වාචෙන‍්තී ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : වාචෙති, පයොගෙ දුක‍්කටං, පදෙ පදෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
10. තිරශ්චීන විද්‍යාව හදාරවන මෙහෙණ දෙ ඇවැතකට පැමිණෙයි: හදාරවා නම් පියෝහි දුකුළා වෙයි, පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වේ.